ගෙදරට හොරු එන එක නවත්තන්න පුළුවන් tips 06 ක්

September 6, 2018
5,603
6 tips to avoid burglars sneak into your house
වැඩිපුර බණ අහන රට වගේම පන්සිල් රකිනවා කියලා අපි හිතන නමුත් කවදාවත් එහෙම නොකරන රටක් තමයි අපේ රට. උදේ හවස බණ ඇහුවත් පන්සිල් ආරක්ෂා කළත් ඉතිං අපේ රටේ සිදුවෙන අපරාධ, සොර මැරකම්වලින් නම් අඩුවක් නෑ. දවසකට කොච්චර නම් සොර මැරකම් වෙනවද කියලා ඔයා චුට්ටක් හොයලා බලන්නකෝ. ඒ තරමටම මිනිසුන්ගේ සිතුම් පැතුම්, අවශ්‍යතා සංකීර්ණ වෙලා. ඒ අවශ්‍යතා ඉටු කර ගන්න බැරි වුණාම විකල්ප ක්‍රමවේද භාවිත කරලා මිනිසුන් ඒ අවශ්‍යතා ඉටු කර ගන්නවා. ඔයාට අද මොනයම් හෝ අවශ්‍යතාවකට ගෙදරින් එළියට යන්න වෙනවා කියලා හිතන්නකෝ. ඇත්තටම ඔයා මොන වැඩේ කරන්න ගියත් ඔයාගේ හිත තියෙන්නේ ගෙදර. ගෙදර තියෙන බඩුමුට්ටු ගැන. මේවා නැති වෙයිද? සොර සතුරන් ගනියිද? කියන සැකය හා බිය ඔයාගේ හිතට ආවම ඔයා කරන්න යන වැඩේවත් හරියට කරන්නේ නෑ. අද Hadakari අපි ඔයාට කියන්නේ මේ tips ටික ඔයා අනුගමනය කළොත් ඔයාගේ නිවසත්, නිවසේ තියෙන බඩුමුට්ටුත් ආරක්ෂා කරගන්න පුළුවන්. කිසිම චකිතයත් නැතුව ඔයා කරන්න යන වැඩෙත් කරගන්න ඔයාට පුළුවන්.

දුර ගමනක් යනවා Facebook Status දාන්න එපා

අද කවුරුහරි කෙනෙක්ගේ සම්පූර්ණ profile එකක් ඔයාට බලා ගන්න ඕන නම් ඔයා වෙන කිසිම දෙයක් කරන්න ඕන වෙන්නේ නෑ ඒ අදාළ කෙනාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලන්න. අද ඒ තරමට මිනිසුන් ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලා. ඒ ඇබ්බැහි වීම කොච්චරද කියලා කීවොතින් ඔයා යන එන හැම තැනම update ටික ෆේස්බුක් එකේ තියෙනවා. ඔයා වැඩිදුර නොහිතුවට මේ තොරතුරම ඇති ඔයාගේ ගෙදරට සොර සතුරන් පනින්න. ඔයා දන්නවානේ සමාන්‍යයෙන් හොරකමක් කරන කෙනෙක් හොඳට සෝදීසී කරලා ප්ලෑන් කරලා තමයි හොරකමක් කරන්නේ. ඉතිං ඔයා ෆේස්බුක් එකට දෙන update එක එකිනෙකාගේ කණට වැටෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ ඔයා දන්නෙම නැතුව ඔයාම තොරතුරු ටික දෙනවා ආදාළ පාර්ශ්වයට පහසුවෙන් හොරකම කරගෙන යන්න. ඉතිං මේ වැරැද්ද කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න.

විදුලි බුබුළු දල්වලා තියන්න

අද අපේ රටේ වෙන අපරාධ, සොරමැරකම් දිහා බැලුවම ගොඩක් දෙනෙක් රාත්‍රී කාලය තමයි මේ සඳහා යොදා ගන්නේ. ඔයා ගෙදරින් පිටවෙනවා නම් සාලයේ හරි කාමරයක හරි විදුලි බුබුළක් දල්වලා යන්න අමතක කරන්න එපා. එතකොට ඕනෑම කෙනෙක්ට හිතෙනවා ඔයාගේ ගෙදර කවුරුහරි ඉන්නවා කියලා. හොරකමක් කරන්න ප්ලෑන් කරගෙන ආව කෙනෙක් නම් ගේම් එක නොමග යවන්න පුළුවන් මේ විදිහට ඔයා කලොත්.

අසල්වැසියෙක් දැනුවත් කරන්න

ඔයාගේ නිවස අවට ඉන්න අසල් වැසියන් එක්ක ඔයාට සමීප සබඳතාවක් තියෙනවා නම් වඩාත් හොඳයි. මොකද කොයි මොහොතේ කුමන ඇබැද්දියකට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාට කියන්න බෑනේ. ඉතිං ඔයා ගෙදරන් පිටවෙලා දවස් කිහිපයක් එළියට යනවා නම් ගෙදර අසල්වැසියන්ව දැනුවත් කරලා යන්න. එතකොට සැරින් සැරේ ඔයාගේ නිවස දිහා බලයි. ඒක ඔයාගේ නිවස ආරක්ෂා කර ගන්න හොඳ පිළියමක් වෙයි.

ආරක්ෂිත කැමරා පද්ධතියක් භාවිත කරන්න

ඔයාගේ නිවස වඩාත් සුරක්ෂිත කර ගන්න ඔයාට ඕන නම් ආරක්ෂිත කැමරා පද්ධතියක් නිවසට භාවිත කළ හැකියි. පුළුවන් නම් මේ ආරක්ෂිත කැමරා පද්ධතිය ඔයාගේ ජංගම දුරකථනයට සම්බන්ධ කර ගන්න. ඕනෑම අවස්ථාවක නිවසේ සිදුවෙන දෙයක් ඔයාට සැණින් එසැණින් පරීක්ෂා කළ හැකියි. ඒ විතරක් නෙමෙයි ඔයා නිවසට එන්න පුළුවන් දුරක නම් ඉන්නේ ඔයාට ඉක්මණින් නිවසට පැමිණිය හැකියි. ඒ නැති වුණත් ඔයාට ආදාළ ස්ථානවලට දැනුම් දීලා සිදුවිය හැකි අවධානම් තත්ත්වයන් අඩු කරගත හැකියි.

ආරක්ෂිත උපක්‍රම භාවිත කරන්න

අද සමාජයේ තියෙන තත්ත්වය ඔයා හොඳින්ම දන්නවානේ. ඉතිං ඒ නිසා ඔයා සෑම විටකම ආරක්ෂිත දොර ජනෙල්, ඉබි යතුරු භාවිත කරන්න. ඔයාගේ නිවසට විනිවිද නොපෙනෙන ජනෙල් වර්ගයක් තෝරා ගන්න. මේ පොඩි දේවල් වලිනුත් ඔයාගේ නිවසට හා නිවසේ තියෙන බඩුමුට්ටුවලට ආරක්ෂාවක් ලැබෙනවා.

වටිනා කියන දේවල් ආරක්ෂිත ස්ථානයක අසුරා තියන්න

ඔයාට තියෙන වටිනා කියන දේවල් ආරක්ෂිත ස්ථානවල ඇසුරුම් කරලා තියන්න. සමාන්‍යයෙන් පොදුවේ භාවිත නොකරන ස්ථානයක් ඒ වෙනුවෙන් භාවිත කරනවා නම් වඩාත් හොඳයි. සමාන්‍යයෙන් ඔයා අල්මාරියේ ලාච්චුවේ තමයි ගොඩක් දෙනෙක් වටිනා දේවල් තියලා තියන්නේ. ඒත් හැමෝම දන්නේ නැති තැනක ඔයා වටනා දේවල් තිබ්බොත් හොර රහසේ ගෙදර ඇතුළු වන කෙනා බඩු හොයලම හෙම්බත් වෙලා යන්න යයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed