ආදරවන්තයින්ට එකිනෙකා වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට මේ උපදෙස් වැදගත් වේවි

April 16, 2020
5,083
Advice to spend more time in a relationship
වයසට ගියත් ඉස්සර තිබුණ ආදරේම තියෙනවා නම් කොච්චර දෙයක්ද? නමුත් බොහෝ විට ටික කාලයක් ​යත්ම සැමියාට/බිරිඳට එකිනෙකාව මග හැරෙන්න පටන් ගන්නවා. බොහෝවිට ජීවිතයේ ඒකාකාරී බව සහ කාර්යබහුල බව මේකට බලපානවා. 

හිතලා බලන්න, ඔයාගේ දවස පටන් ගන්නේ කඩිමුඩියේ රැකියාවට පිටත් වෙන්න බලාගෙනයි. දරුවෙක් ඉන්නවානම් ඉතිං නැගිට්ට ගමන් කෑම ලෑස්ති කරලා පොඩ්ඩාව පාසැල් යන්න සූදානම් කරන්නත් වෙ​නවා. ඊට පස්සේ රැකියාවට ගිහින් ගෙදර එනකොට හවස් වෙලා. ගෙදර ඇවිල්ලත් නිදහසක් නැහැ. පොඩ්ඩගේ වැඩයි ගෙදර වැඩයි කරනවා. සති අන්තය නිවසට අවශ්‍ය සිල්ලර බඩු ගෙන්න සාප්පු යනවා, ගෙවල් අස්පස් කරන්න වෙනවා, දෙමව්පියන් සමග දුරකථනයෙන්, වීඩි​යෝ කෝල් මගින් කතා බහා කරනවා. ඔය විදිහට සති මාස ගෙවෙනවා. දෙදෙනාගේ ජීවිතයේ දෙදෙනා සමග සමීපව ගෙවන කාලය එන්න එන්නම අඩු වෙනවා.

මේ තත්ත්වය නැති කරගෙන සතියකට දෙකකට වතාවක්වත් එකිනෙකා එක්ක සමීපව ගෙවන දවසක් සැලසුම් කරගන්න එක ඔබේ සම්බන්ධතාවයේ වගේම පවු​ලේ සාර්ථකත්වය වෙනුවෙනුත් බලපානවා. අපි කියාදෙන්නම් එහෙම දවසක් සැලසුම් කරලා ගත කරන හැටි ගැන.

මුලින් දෙදෙනාට එකට ගත කිරීමට දිනයක් සැලසුම් කරන්න. මෙය රැකියාව ඇතුළු බාහිර බාධාවන් අවමව යෙදෙන දවසක් බවට වග බලාගන්න. 

දෙදෙනා කතාබ​හ කරමින් උදෑසන තේ කෝප්පයක් බොන්න.

ආදරණිය සංගීතයකට සවන් දෙන්න.

සන්සුන් වී විවේකයෙන් සංගීතය සමගින් දෙදෙනා කාලයක් ගත කරන්න
.
හොඳින් නා පිරිසිදු වී, ඔහු කැමතිම ඇඳුමක් ඇඳ, ප්‍රියතම සුවඳ විලවුන් ටිකක් තවරාගන්න.

චිත්‍රපටියක්, නාට්‍යයක්, සංගීත සන්දර්ශනයක් ආදී දෙදෙනා​ම කැමති දෙයක් බැලීමට යන්න.

දෙදෙනා කැමති අවන්හලකට ගිහින් ප්‍රියකරන ආහාර වේලක් ගන්න.

ආහාර ගන්නා අතරතුර තමන්ගේ සුන්දර අතී​ත මතකයන් සිහිපත් කරන්න.

නිවසේ වැඩිපුර රැඳී සිටින්න කැමති යුවළක්නම්, ඔබට පුළුවන් නිවසේදීම ඔබ දෙදෙනාගේ ප්‍රියතම ආහාරයක් පිළියෙල කරගෙන, දෙන්නා එක්​ක කැමති චිත්‍රපටයක් නරඹන්න.

ඔයාගේ කාමරය නැවුම් මල් සහ ඉටිපන්දම් වලින් සරසා ගන්න.

විශේෂ තෑග්ගක් දී ඔහුව පුදුම කරන්න.

ඔයාගේ දුරකථනය silent මාදිලියේ තබා ගන්න. එමගින් ඔයාලා දෙදෙනාට බාධා වෙන්නේ නැහැ.


මේ ආකාරයට දෙන්නා එක්ක සමීපව, එකිනෙකා එක්ක බැඳිලා දවස ගෙවන එක ඔබේ සම්බන්ධතාවය නැවුම් කරන්නට සමත් වේවි. නාමිකව සම්බන්ධතාවය තිබුණත්, දෙදෙනා අතර ලොකු බැඳීමක් නැති තැන එය එන්න එන්නම ජීවිතය නීරස කරන්න සමත් වෙනවා. ඒ තත්ත්වයෙන් මිදෙන්නට මෙවැනි එකට ගත කරන දින මසකට දෙතුන් වතාවක්වත් යොදාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න.

දරුවන් සිටීම මේ කිසිවකට බාධාවක් නොවෙයි. චිත්‍රපටයක් බලන්න යන එක, ගෙදර සියළු දෙනා එකතු වී ආහාර පිළියෙල කිරීම වගේ දේ ඔබේ දරුවන් කැටුවම කරන්න. දරුවන් සිටින අඹුසැමියන් ලෙස ඔබ හිතේ තබා ගත යුතුම කරුණක් තියෙනවා. ඔබ මේ කාරණාව ගැන වැඩිය නොසිතුවාට ඔබ දෙදෙනා හැමදාම ආදරෙන් ඉන්නවා දැකීම දරුවන්ගේ බලාපොරොත්තුවක්. ඔබ දෙදෙනා ආදරෙන් සිටීම ඔවුන්ගේ මානසික වර්ධනයට මෙන්ම අනාගතයට ද හිතකර ලෙස බලපාන බව හිතේ තබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1556 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:00:02 PM
Script:/article/1556/advice-to-spend-more-time-in-a-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:00:02 PM
Script:/article/1556/advice-to-spend-more-time-in-a-relationship.html