ඇඳුම් වල පාට මේ විදිහට මැච් කරන්න

June 19, 2020
40,187
Match colours of your cloths like this
වර්ණ දෙකක් මිශ්‍ර කරමින් ඇඳුම් ගලපා ගැනීමෙන් ඔයාට වෙනස් ආකාරයේ පෙනුමක් නිර්මාණය කර ගන්න පුළුවන්.  මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ අඳින අනෙක් ඇඳුමේ වර්ණය ඒ සමඟ ගැ‍ලපෙන්නෙ නැති නම් ඒ ඇඳුම ඇඳීමෙන් වැඩක් වෙන්නේ නැහැ. එයින් ඔයාට ලස්සනක් එකතු කර ගන්න බැහැ. අපි අද ඇඳුම් කට්ටල වල වර්ණ ගැලපීම ගැන ඔයාට කරුණු කිහිපයක් Hadakari වෙතින් කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ..

1. කොළ සහ කහ

උණුසුම් දිනයක නැවුම්ව පෙනී සිටීමට මෙම වර්ණ සංයෝජනය හොඳයි. ස්කර්ට් හෝ ජීන්ස් එකකට කහ හෝ කොළ ටී ෂර්ට් එක හෝ බ්ලවුසය ඇඳීමේ හැකියාව තියෙනවා. මේ සංකලනය ඉතාමත් උද්‍යෝගිමත්, ප්‍රීතිමත් වර්ණ සංකලයක් වෙනවා.











2. ලා නිල් සහ රෝස

ඔයා ටිකක් මධ්‍යස්​ථ සමක් ඇති කෙනෙක් නම් මෙවැනි වර්ණ ගැලපීමක් හොඳින් ගැළපෙනවා. රෝස පැහැති ජැකට් එකක් සමග නිල් පැහැය හොඳින් ගැලපෙනවා. ඇඳුම සමඟ හෑන්ඩ් බෑග්, හෙයාර් බෑන්ඩ්, ආභරණ වගේ දේවලුත් මැච් කරන්න පුලුවන්.














3. රතු සහ නිල්

අපේ රටේ යුවතියන් අතර ජනප්‍රිය වුණු තවත් ජනප්‍රිය වර්ණ සංයෝජනයක් තමයි මේ. රතු ජැකට් එකක් සමග නිල් ජීන්ස් එකක් හෝ සායක් හොඳට ගැලපෙනවා. රතු පැහැයේ දීප්තිය සහ නිල් පැහැති ජීන්ස් වල වෙනස ඉස්මතු කිරීම සඳහා ජැකට් එකට යටින් සුදු කමිසයක් අඳින්න පුළුවන්.












4. කෝබෝල්ට් සහ ටර්කොයිෂ් නිල් (Cobalt Blue සහ Turquoise)

මෙම වර්ණ සංයෝජනයට රන් හෝ රිදී පැහැති ආභරණ පැළඳීමෙන් උසස් පෙනුමක් ලබාගන්න පුළුවන්.













5. තැඹිලි සහ නිල්

නිල් පෑන්ට්ස් හෝ සායකට තැඹිලි ටොප් එකක් හොඳින් ගැලපෙනවා. ඒ වගෙම නිල් ගවුමකට තැඹිලි ආභරණ හොඳින් ගැලපෙනවා.











6. ටෑන් සහ මෙරූන්

ටෑන් සහ නියුට්‍රල් පාට වලට අපි ආස උනත් මේ පාට වලින් පෙනුමක් ගන්න හරිම අමාරුයි. ඒ නිසා මෙරූන් වගේ පාටක් එක්ක ටෑන් වර්ණය ගැලපීමෙන් හොඳ පෙනුමක් ගන්න පුලුවන්.











7. රෝස සහ අළු පාට

රෝස සහ අළු පාට කියන්නේ හොඳින් ගැලපෙන වර්ණ දෙකක්. ඇසට ප්‍රියමනාප මේ වර්ණ දෙකෙන් කැමති ආකාරයක්ට ඇඳුම් ගලපන්න පුළුවන්.











8. සුදු සහ දම්

කාන්තාවෝ ආස පාට දෙකක්. මේ පාට දෙක ගැලපූ විට ඔබට ලස්සන පෙනුමක් ගෙන දෙනවා.












Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1656 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:27:54 AM
Script:/article/1656/match-colours-of-your-cloths-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:27:54 AM
Script:/article/1656/match-colours-of-your-cloths-like-this.html