මහත කෙනෙක් කෙට්ටුවට පේන විදිහට සාරියක් තෝරා ගන්නේ මෙහෙමයි

October 2, 2018
31,393
How to choose a saree to look thinner
සාරිය කියන්නේ අද කාන්තාවන් අතර ජනප්‍රියතම ඇඳුමක්. ඔෆිස් යනකොට වගේම පාටිකට යනකොටත් ඔයාට ලස්සනට අඳින්න පුළුවන් ඇඳුමක් තමයි සාරිය කියන්නේ. විශේෂයෙන් සිරුරෙන් ටිකක් මහත කෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි ඔයාගේ සිරුරේ හැඩය පේන විදිහේ සාරියක් ඔයා තෝරා ගන්නේ කොහොමද කියන එක. ඔයා වගේම ඕනෑම කෙනෙක් කැමති තමන් අඳින ඇඳුමෙන් තමන්ව ලස්සනට පේනවටනේ. ඉතිං ඔයා සාරියක් ඇන්දම ඒ සාරියෙන් ඔයාගේ පෙනුම තවත් විශාල වෙලා පේනවට ඔයා කැමති වෙන්නේ නෑ. අන්න ඒ නිසාම සිරුරෙන් ටිකක් මහතට ඉන්න ඔයාට ගැළපෙන සාරියක් සහ සාරි ජැකට් එකක් තෝරා ගැනීමේදි අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන කථා කරන්න අද Hadakri අපි තීරණය කළා. ඉතිං ඔයත් මේ ලිපිය කියවලාම බලනකෝ ඔයාගේ කෙට්ටුව බව පෙන්නන්න පුළුවන් විදිහට සාරියක් තෝරා ගන්නේ කොහොමද කියලා.

සිල්ක් මැටීරියල් එකකින් සාරිය තෝරා ගන්න

ඔයා සිරුරෙන් ටිකක් මහත කෙනෙක් නම්, ඔයා තෝරා ගන්න මැටීරියල් එක සිල්ක් වෙන තරමට ඔයාව කෙට්ටුවට පෙනේවී. කොට්න් එහෙමත් නැතිනම් වොයිල් වැනි සාරීයක් ඔයා ඇන්දොත් ඔයාව තවත් පිම්බිලා මහතට පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා සිල්ක් මැටීරියල් එකකින් ඔයාගේ සාරිය තෝරා ගන්න.

විශාල මල් සැරසිලි තියෙන සාරී තෝරන්න එපා

විශාල මල් සැරසිලි එහෙමත් නැති නම් තරමක් විශාල හැඩතල තියෙන සාරී වර්ග මහත සිරුරක් තියෙන කෙනෙක්ට ගැළපෙන්නේ නෑ. එවැනි සාරියක් වැඩිපුර ගැළපෙන්නේ සිරුරෙන් කෙට්ටු කෙනෙක්ට. ඉතිං මේ විදිහේ මල් තියෙන සාරී ඔයාට තෝරා ගන්න එපා කියලයි හැඩකාරී අපි කියන්නේ.

සාරියට තද වර්ණ භාවිත කරන්න

ඔයා දන්නවානේ සමාන්‍යයෙන් සිරුර මහත කෙනෙක් තද වර්ණ සහිත සාරියක් ඇන්දාම ඒ කෙනාගේ සිරුරේ මහත අඩු වෙලා තමයි පේන්න පටන් ගන්නේ. ඔයා මහත කෙනෙක් නම් කළු වර්ණයෙන් යුක්ත සාරියක් ඇඳලා බලන්නකෝ. ඔයාගේ සිරුරේ මහත ටිකක් අඩු වෙලා එයින් පෙනේවී. අන්න ඒ නිසා තද දුඹුරු, තද දම්, තද නිල් වැනි තද වර්ණ භාවිත කරන්න.

ඔයා තෝරා ගන්න සාරියෙන් වගේම සාරී ජැකට් එකෙන්ද ඔයාගේ සිරුර කෙට්ටුවට පෙන්වන්න පුළුවන්. ඒකට ඔයාට ගැළපෙන විදිහේ සාරි ජැකට් එකක් අඳින්න වෙනවා. ඔයා හැඩකාරී අපි මේ කියන විදිහට සාරි ජැකට් ටිකක් ඇඳලා බලන්නකෝ. එතකොට ඔයාටම තේරුම් යයි ඔයාගේ සිරුර කෙට්ටුවට පේනවා කියලා.

තිරස් අතට ඉරි තියෙන සාරි ජැකට් අඳින්න එපා

සමාන්‍යයෙන් ඔයා දන්නවානේ තිරස් අතට ඉරි තියෙන රෙදි වර්ගයක් ඔයා භාවිත කළොත් ඔයාගේ මහත බව පේනවා. ඉතිං සාරි ජැකට් එකට නිතරම සිරස් ඉරි තියෙන රෙදි වර්ගයක් භාවිත කළොත් ඔයාට ටිකක් කෙට්ටු පෙනුමක් ලබාගත හැකියි. ඒ විතරක් නෙමෙයි ඔයා ජැකට් එක මහනකොට තනි වර්ණයෙන් යොදා ගන්නවා නම් ටිකක් තද වර්ණයෙන් යුතු රෙදි වර්ගයක් භාවිත කරන්න. එයිනුත් ඔයාගේ සිරුරේ මහත අඩු කරලා පේනවා.

අත් දිගට සාරී ජැකට් එක මහන්න එපා

සමාන්‍යයෙන් අත් දිග සාරි ජැකට් එකකින් ලස්සන පෙනුමක් ලැබෙනවා. ඒත් ඉතිං ඔයා සිරුරෙන් මහත කෙනෙක් නම් ඔයාට අත් දිගට සාරී ජැකට් එක මහන එක එතරම් සුදුසු නැහැ. මොකද එයින් ඔයාගේ සිරුර මහත් වෙලා තමයි පේන්නේ. මොකද ඔයාගේ අත්වල මහත මෙයින් හොඳින් පෙනෙනවා. ඉතිං ඔයා මහත කෙනෙක් නම් තරමත් කෙටි අත් භාවිත කරන්න. ඔයාට අත් දිගට අඳින්න ඕනම නම් වැලිමිටට ඉහළින් අගලක් දෙකක් දිග තියලා මහන්න. එතකොට ඔයාගේ පෙනුම එතරම් මහතට පේන්නේ නෑ.

High Neck සාරී ජැකට් අඳින්න එපා

සමාන්‍යයෙන් High Neck ජැකට් එකක් ගැළපෙන්නේ සිරුරෙන් කෙට්ටු සහ උස සිරුරක් තියෙන යුවතියකට. මොකද ඔවුන්ගේ ගෙල තරමක් දිගු නිසා එවැනි කර තියෙන සාරි ජැකට් එකක් හොඳින්ම ගැළපෙනවා. නමුත් සිරුර මහතව ගේම මිටි කෙනෙක්ගේ ගෙල දිග එතරම් දිග නෑ. මෙවැනි පසුබිමක High Neck සාරි ජැකට් එකක් හොඳින්ම ගැළපෙන්නේ නෑ. මොකද මෙවැනි සාරි ජැකට් එකකින් ඔයාගේ තරබාරු බව වැඩි කරලා පෙන්නනවා. ඉතිං ඔයාගේ සිරුර මහතයි නම් බෝට්ටු කර තියෙන සාරී පැකට් එකක් හොඳින් ගැළපෙනවා. ඔයා මතත නම් ගෙල ගාවටම කර තියෙන සාරි ජැකට් මහන්න එපා. කර ටිකක් ගැඹුරට තියලා සාරි ජැකට් එක මහලා අඳින්න.

සාරි පොට ටිකක් විශාලව තියලා අඳින්න

ඔයා මහත කෙනෙක් නම් සාරී පොටේ රැළි ටික සාමාන්‍ය ප්‍රමාණයෙන් තියෙන්න අඳින්න. මොකද මහත කෙනෙක්ගේ උරහිස් තරමක් පළලයි. ඉතිං මෙවැනි අවස්ථාවක ඔයා පොඩි රැළි තියලා ඇන්දොත් ඔයාගේ උරහිස්වල මහත කැපිලා පේනවා. නමුත් සමාන්‍ය ප්‍රමාණයේ රැළිවලින් ඔයාගේ මහත පෙනුම ටිකක් අඩුවෙන් පෙන්වන්න පුළුවන්. ගොඩක් දෙනෙක් සාරි පොට ලිහිල්ව දාන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඔයා මහත කෙනෙක් නම් සාරි පොට ලිහිල්ව දාන එක එතරම් සුදුසු නැහැ කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ. මොකද එතකොට ඔයාව තවත් විශාලව පේනවා වගේම ඔයාගේ සිරුරේ හැඩය නිවැරදිව ඉස්මතු වෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1101 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:28:58 PM
Script:/article/1101/how-to-choose-a-saree-to-look-thinner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:28:59 PM
Script:/article/1101/how-to-choose-a-saree-to-look-thinner.html