ඔබෙත් පියයුරු වල ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ නම් මෙන්න ඒකට සත්කාර 3ක්

August 18, 2020
11,929
3 natural ways to improve your breast size
පියයුරු කියන්නේ කාන්තාවකගේ අලංකාර හා ආකර්ෂණීය බව ඉස්මතු කරන ශරීර අංගයක්. ඔයාට ලස්සන පෙනුමක් සහිත පිරිපුන් පියයුරු යුගලයක් තියෙනවා නම් අනික් අයට ඔයා ගැන නියත වශයෙන්ම සුන්දර හැඟීමක් ඇති වෙනවා. ස්වාභාවිකවම පියයුරු ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඔයාට කරන්න පුලුවන් දේවල් ගණනාවක් තියෙනවා. ඒත් ඔයා තෝර ගන්න ක්‍රමය ඔයාගේ සෞඛ්‍යයට හිතකර වෙන්න ඕනේ. ඔයාගේ පියයුරුවල සුන්දරත්වය වඩාත් හොඳින් ආරක්ෂා කරගෙන ලස්සන කාන්තාවක් වෙන්න ඔයාටත් පුලුවන් වෙන, ඒ වගේ සෞඛ්‍ය සම්පන්න පුරුදු කීපයක් ගැන අද අපි කියන්නම්.

ඒ වගේම ඔයාටත් තියෙන්නේ නොමේරූ පියයුරු නම්, දැන් තවත් ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. ඉතිං අද හැඩකාරි ඔයාට ස්වාභාවිකව පියයුරු ප්‍රමාණය වැඩි කර ගන්නේ කොහොමද යන්න පිළිබඳ උපදෙස් ගණනාවක් කියලා දෙන්නම්...

01. පියයුරු ප්‍රමාණය වැඩි කිරීම සඳහා පෝෂ්‍යදායී හා නිවැරදි ආහාර ගන්න
නැවුම් පලතුරු හා ඊස්ට්‍රජන් වලින් පොහොසත් ඕනෑම එළවළු වර්ගයක් ආහාරයට ගැනීමෙන් ස්වාභාවිකවම පියයුරු වල ප්‍රමාණය වැඩි කර ගන්න පුලුවන්. කාන්තාවන්ට කුඩා පියයුරු ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වන්නේ හෝමෝන අසමානතාවය සහ කාන්තාවන්ගේ පියයුරු ප්‍රසාරණය වීම අඩු කරන ටෙස්ටොස්ටෙරෝන් අනවශ්‍ය ලෙස නිෂ්පාදනය වීමයි.

ඊස්ට්‍රජන් අඩංගු ආහාර වන්නේ,
යෝගට්, කිරි, බෝංචි, පාස්ලි, රතු කව්පි, ස්ට්රෝබෙරි, බ්ලූබෙරි, චෙරි වගේම කඩල, කුකුළු මස්, මාළු සහ බිත්තර වගේ ප්‍රෝටීන් බහුල ආහාර ඔයාගේ එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්න. 
එළවළු වර්ග අතරින් වට්ටක්කා, පිපිඤ්ඤා, ළූණු, කැරට්, ගෝවා, සලාද කොළ සහ බීට්රූට් කියන්නේත් ඊස්ට්‍රජන් සඳහා හොඳ ප්‍රභවයන්.

02. නිතිපතා පපුවට ව්‍යායාම:
නිසි ව්‍යායාම කියන්නේ ශරීරයට අවශ්‍ය යෝග්‍යතාවය වගේම හොඳ ප්‍රතිඵල ද ලබා දෙන යහපත් පුරුද්දක්. නිතරම ව්‍යායාම කිරීමෙන් පියයුරු ප්‍රමාණය ස්වභාවිකව වැඩි කර ගන්න පුළුවන්.

- Push-Ups ව්‍යායාම ක්‍රමය පපුවේ මාංශ පේශි වර්ධනය කර පියයුරු වල ප්‍රමාණය වැඩි කිරීමට උපකාරී වෙනවා



- Arm pumps and arm circles පියයුරු හැඩ කිරීමට උදවු වෙනවා





- ඔයාගේ උරහිස් සහ පපුව ශක්තිමත් කරන ව්‍යායාම කිරීමෙන් පියයුරු වල ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්
- කුදු නොවී කොන්ද කෙලින් තබා ගෙන සිටීමෙන් පියයුරු පිරිපුන්ව පෙනෙන අතරම පසු කාලීනව පියයුරු එල්ලා වැටීමද වැලකෙනවා.

03. ඔයාගේ පියයුරු සම්බාහනය කරන්න:
සම්බාහනය කියන්නේ පියයුරු ප්‍රමාණය ස්වභාවිකව වැඩි කිරීමට උපකාරී වන එක් ප්‍රධාන සාධකයක්. සම්බාහනය මඟින් ඔයාට පරිපූර්ණ රුධිර චලනයක් ලබා ගැනීමට උපකාරී වෙනවා. ඔයාගේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන් ද ධමනි හරහා පහසුවෙන් ගලා යාමට සලස්වන්න ඒකෙන් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,838
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,021
   35

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,630
   28

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,084
   22

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,031
   21

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed