සම සුදු කර ගන්න අපි ගොඩක් දෙනෙක් ගොඩක් මහන්සි වෙනවා. මොකද ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ලස්සන කියන්නේ සුදු කියන එකට කියලා. ඒ නිසා සම සුදු කර ගන්න නොසෑහෙන්න කරදර වෙනවා. ජිවිතේ ගැන වත් නොහිතා අවදානමක් අරගෙන එන්නත් කරන්න පවා පෙළඹෙනවා. ඒක දැන් රැල්ලක් වෙලා.
ඒත් කෘතිම ක්‍රම වලින් හමේ මෙලනින් අඩු කරගන්න එකෙන් වෙන අතුරු ආබාධ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ. මොකද ඒ ගැන කලිනුත් ඔයාව දැනුවත් කරලා තියෙනවා. හම සුදු කරගන්නවට වඩා නිරෝගී පැහැපත් සමක් ලබාගන්න තමයි අපි උත්සහ කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් දැන් අනවශ්‍ය විදියට වියදම් කරන්න ඕන නැහැ. ලප කැළැල් නැති පැහැපත් සමක් වෙනුවෙන් ඔයාට ගෙදරදීම කර ගන්න පුළුවන් ස්වාභාවික ක්‍රම කීපයක් තමයි මේ.
මේ සත්කාර කරන්න කලින් ඔයාගේ මුහුණ හොඳින් පිරිසිදු කර ගන්න. ඒ වගේම සමහර අමුද්‍රව්‍ය ඔයාට අසාත්මිකතා ඇති කරන්න හේතු වෙන ඒවා නම් ඒ face pack try කරන්න එපා.
1. කහ, කොහොඹ සහ මී කිරි
කොහොඹ කොල කිහිපයක්
මී කිරි මේස හැන්දක්
කහ කුඩු තේ හැඳි 1
කොහොඹ කොල හොඳින් අඹරා එයට මී කිරි සහ කහ එක් කර මිශ්‍ර කරගන්න. මුහුණෙ ආලේප කර විනාඩි 15ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
2. කොමඩු, මී පැණි සහ දෙහි
කොමඩු යුෂ මේස හැඳි 3ක්
මී පැණි මේස හැඳි 2ක්
දෙහි යුෂ මේස හැඳි 1/2
කොමඩු යුෂ වලට මි පැණි සහ දෙහි එකතු කර හොඳින් මිශ්‍ර කර පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කර විනාඩි 15- 20 අතර කාලයක් තියෙන්නට හැර සෝදා හරින්න.
3. කඩල පිටි සහ මී කිරි
කඩල පිටි මේස හැඳි 3
මී කිරි මේස හැඳි 1
හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය තෙල් සහිත හා කුරුලෑ සහිත සමට ගැලපෙන face pack එකක්. මී කිරි වෙනුවට ඔයාට යෝගට් යොදා ගන්නත් පුළුවන්.
4. අලිගැට පේර සහ යෝගට්
අලිගැට පේර මේස හැඳි 2
යෝගට් තේ හැඳි 1
මී පැණි තේ හැඳි 1
සියල්ල හොඳින් මිශ්‍ර කර මෘදු තලපයක් සාදා මුහුණේ ආලේප කරන්න. විනාඩි 15ක් තියෙන්නට හැර පිරිසිදු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
5. කෙසෙල්, මී පැණි සහ ඔලිව් ඔයිල්
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්
මී පැණි තේ හැඳි 1
ඔලිව් තෙල් තේ හැඳි 1
අවශ්‍ය ප්‍රමාණයට ගෙන පොඩි කරගත් කෙසෙල් වලට මී පැණි සහ ඔලිව් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මුහුණේ ආලේප කර විනාඩි 10ක්- 15ක් තබා පිරිසිදු ඇල් වතුරෙන් සෝදා හරින්න. වියළි සමකට කල හැකි තවත් හොඳ සත්කාරයක් තමයි මේ
දිනපතා මේ face pack වලින් එකක් try කරලා බලන්න. ලස්සන වෙන්න සැලෝන් වලට වියදම් කරන්නම ඕනද කියලා ඔයාට හිතෙයි.