හිස්හොරි කරදරයෙන් හැඩට ඉන්න බැහැ.ඉතින් හිස්හොරිවලට මොකද කරන්නේ?

May 17, 2019
5,738
What you can do for dandruff
හැඩට ඉන්න කැමැති වුනත් හිස්හොරිවලින් තියෙන කරදරය නිසා බොහොම සිත් තැවුලෙන් ඉන්න අපේ හැඩකාරියෝ ඇති. ඇඳුමක් අදින්නවත්, තැනක හිස පීරන්නවත් වගේම අඩුම ගනනේ ඔලුවේ පුංචි කැසිල්ලක් දැනුනත් අත තියන්න බැහැ. ඇයි ඉතින් හැමතැනම ඉස්හොරි විසිරුනොත් කාටද ලැජ්ජාව.. ඇත්තටම මොනතරම් අපි පිරිසිදුව හිටියත් ඉස්හොරි ඇති වෙන්නේ ඇයි. ඒ වෙනුවෙන් බලපාන හේතු ගණනාවක් තිබෙනවා

ඉස්හොරි ඇති වෙන්නේ ඇයි...?

- හිස්හොරි කියන්නේ අපේ හිසේ මැරන සම ඉවත් වෙනවා. මේවා දිලීර සහ බැක්ටීරියා වලින් ආසාදනය
වෙලා හිස්හොරි ඇති වෙනවා... Seborrhoenic Dermatitis
- පටිපණු වර්ගයේ දිලීර නිසා Tenia caopitis
- වියලි සමක් ඇති නිසා-
- සමේ ආසාදන - eczema
- විවිධ වර්ගයේ සැම්පු, ජෙල් සහ තෙල්
- සමේ කුෂ්ට - psoraisis
- හිස් කබල අධික තෙල් සහිත වීම
- නිදි මැරීම
- මානසික ආතතිය
- පෝෂණ ඌනතාවයන්

හිස්හොරි පුදුම විදිහට දෙන කරදර

- හිස කැසීම
- හිසේ හිරි ගතිය හෝ අනිනවා වැනි අපහසුතාවය
- හිසේ සම ඉරි තැලීම
- හිසේ සම අධික ලෙසින් වියලීම
- හිසේ දැවිල්ල
- හිසේ පතුරු ලෙසින් ගැලවීම
- හිසේ සම තුවාල වී ලේ ගැලීම

ඉතින් හිස්හොරිවලට මොකද කරන්නේ...?

අතීතයේදී නම් මේ වෙනුවෙන් පිලිගත් ප්‍රතිකාරයක් විදිහට උළුහාල් සහ දෙහි තම්බා හිස සේදීම සිදු වුණා. ඒ වගේම වෙරලු කොළ සහ ගොඩපර තම්බාගත් වතුරෙන් හිස සේදීමෙනුත් හිස්හොරි වලක්වා ගැනීම එදා සිදු වුන පුංචි ප්‍රතිකාරයක්. දැන් අපේ හැඩකාරියන්ට හිස්හොරි කරදරයෙන් මිදෙන්න තවත් පුංචි අත්බේත් කීපයක් ගැනයි මේ තොරතුරු කරපිංචා කොළ තේ කෝප්ප බාගයක් පොල් තෙල් සමග කලවම් කරල උනු කරන්න. මේ මිශ්‍රණය කොළ පැහැති වෙන විට ලිපෙන් බා ගෙන සිසිල් වෙන්න තියන්න.නිවුනාට පසුව හොඳින් හිස ගල්වා පැයක් පමණ වේලාවක් තබා සෝදා හරින්න. සතියකට දින තුනක්වත් මේ විදිහට කිරීමෙන් හැඩකාරියන්ට හිස්හොරි කරදරයෙන් මිදෙන්න පුලුවනි.

වටපිටාවේ කොහොඹ ගස් එහෙම තියෙනවා නම් එයින් පත්‍ර කීපයක් අරගෙන වියලා කුඩු කර ගන්න. දැන් මේ වියලි කොහොඹ පත්‍ර කුඩුවලට දෙහි යුෂ බින්දු කීපයක් සහ ජලය එකතු කරලා තලපයක් සේ හදා ගෙන හොඳින් හිස්කබලේ ගල්වන්න. ටික වේලාවක් ගියාම හිස සෝදා ගන්න අවසරය තියෙනවා.

මර්තොන්ඩි කොළ වියලා කුඩු කර ගෙන එයට දෙහි යුෂ බින්දු කීපයක් එකතු කරල හොඳින් ගොරෝසු මිශ්‍රණයක් සාදාගෙන හිස් කබලටත් දැනෙන සේ ගල්වන්න. එය පැයක් පමණ වේලාවක් තබා සෝදා හරින්න.
උයන පිහන අපේ හැඩකාරියන්ගේ උලුහාල් බෝතලේ පිහිටෙනුත් හිස්හොරි කරදරයෙන් මිදෙන්න පුලුවනි. උලුහාල් තේ හැඳි දෙකක් රැයක් පුරා පොගවා ගන්න. පසුවදාට මේ පොඟවා ගත් උලුහාල් අඹරලා දෙහි යුෂ බින්දු කීපයකුත් එකතු කරල හිසේ ගල්වා විනාඩි 30 කින් පමණ පසුව සෝදා හරින්න.

උයන බතෙන් ගොරෝසු කැද අරගෙන එය නිවුනාට පසුව හොඳින් හිස්කබලේ තවරා සෝදා හරින්නත් පුලුවනි. අත්බේත් විතරක් මදි හොඳේ..තවත් අමතක නොකළ යුතු දේවල් කීපයකුත් තිබෙනවා.. හිස්හොරි ඔබෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුලුවනි. ඉතින් තවත් හැඩකාරියක් හෝ පවුලේ කෙනෙක් අමාරුවේ
දාන්න ඕන නැහැ.ඒ නිසා..

- ඔබේ පනාව වෙනම තබා ගන්න . ඒ විතරක් මදි පනාව පිරිසිදුව තියාගන්නත් අමතක කරන්න එපා. පනාව
උණුසුම් ජලයෙන් සෝදාගන්න.
- හිස පිසදාන තුවාය වෙන් කර ගෙන තබා ගන්න.
- ඔබේ නිදන කොට්ට උර සහ ඇතිරිලිත් පිරිසුද වගේම සමාගමේ පාවිච්චි කරන්න එපා.
- මානසික ආතිතයෙන් මිදුනොත් හිස්හොරි වගේම ජීවිතයේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වයත් යහපත් වේවි.
- සුවදායක නින්දක් ලබන්න. ඒ ගැන ඉතින් අවශ්‍ය කරුණු දන්නවාඇති නේ..
- පෝෂ්‍යදායී විදිහට ආහාර රටාව පිලියෙල කර ගන්න. ඒ කියන්නේ සිරුරට අවශ්‍ය විටමින් ලැබෙන විදිහට ආහාර පංගුව සකස් කර ගැනීමේ අයිතිය ඔන්න හැඩකාරියන්ටම පවරලා තිබෙනවා.
- හොඳින් ජලය පානය කරන්න. මේ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුයේ නැතුවට හැඩට ඉන්න ඒන නම් අමතක නොකොට හොඳින් ජලය පානය කරන්න.මේ විදිහට හිස්හොරිවලට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළොත්
ඔබේ හැඩට බාධා කරන හිස්හොරි කරදරය නොදැනීම පරාජයට පත් කරන්න පුලුවනි.

එන්. ඒ. පි. සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1327 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:56 AM
Script:/article/1327/what-you-can-do-for-dandruff.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:56 AM
Script:/article/1327/what-you-can-do-for-dandruff.html