යෝනි මාර්ගයට හිතකර ආහාර මොනවද කියලා ඔබ දන්නවාද?

April 4, 2017
4,900
Foods your vagina needs you to eat
හිසේ ඉදන් පාදාන්තය දක්වාම අපේ හැම ශරීර අවයවයකටම අපි කන කෑම වලින් බලපෑමක් තියෙනවා. කාන්තාවක් විදිහට වැදගත්ම ශරීර අවයවක් කියලා නම් කරන්න පුළුවන් අපේ යෝනි මාර්ගය. යෝනි මාර්ගයේ යහපත් පැවැත්ම සහ නිරෝගීකම වෙනුවෙන් විශේෂිත ආහාර වර්ග තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියාද?

1. තේ

තේ පානය මගින් යෝනි මාර්ගයේ සමහරක් අවස්ථාවල වර්ධනය වෙන ඊස්ට් පාලනය කරලා එය නිරෝගී කරන්න හේතු වෙනවලු.

2. සැමන්

සැමන් මාළුවා ඔමේගා 03 කියන මේද අම්ලයෙන් අනුන නිසා යෝනි මාර්ගය වියලි බවෙන් ආරක්ෂා කරගන්න හේතු වෙනවා.

3. යෝගට්

යෝගට් වල ප්‍රෝබයෝටික් අඩංගු නිසා යෝනි මාර්ගය ආශ්‍රිතව හිතකර බැක්ටීරියා වර්ධනයට හේතු වෙනවා.

4. අලිගැටපේර

අලිගැට පෙර මගින් ලිංගික හෝමෝන වර්ධනයට උදව් වෙනවා. ස්ත්‍රීන්ට අවශ්‍ය ඉස්ට්‍ර්ස්ජන් හෝමෝනය අඩුනම් යෝනි මාර්ගය ගොඩාක් වෙලාවට වියලි වෙලා, ලිංගිකව එක් වීම අපහසු කරනවා. එහෙම අපහසුතාවයක් තියෙනව නම්, ඔබට පුළුවන් වැඩිපුර අලිගැට පේර ඔබේ ආහාරයට එක් කර ගන්න.

5. ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරි, දොඩම් වලට වඩා විටමින් c බහුල ආහාරයක්. ලිංගික හෝමෝන හොඳින් ශ්‍රාවය වෙන්නත්, මාංශ පේශි වල අදෙනසුලු බව රැක ගන්නත් විටමින් c උපකාරී වෙනවා.

6. බිත්තර

බිත්තර වල විටමින් D යහමින් අඩංගු වෙන නිසා, යෝනි මාර්ගයේ සෞඛ්‍යට හිතකරයි.

7. ගෝවා කොළ

කැල්සියම් සහ මැග්නීසියම් බහුල ආහාරයක්. ඒ මගින් යෝනි මාර්ගයේ මාංශ පේශි වර්ධනයට ඉවහල් වෙනවා.

8. වතුර

අනිත් හැමදේටම වගේ, හොඳින් වතුර බොන එක යෝනි මාර්ගයේ සෞක්‍යටත් ගොඩාක් හිතකරයි.

9. ධාන්‍ය වර්ග

ප්‍රෝබයෝටික් අඩංගු නිසා ශරීරයට හිතකර බැක්ටීරියා වර්ධනයට උපකාරී වෙලා යෝනි මාර්ගයේ බැක්ටීරියා ආසාදන අඩු කරන්න හේතු වෙනවා.

** එළවලු පලතුරු

එළවලු පලතුරු වල අඩංගු විටමින වර්ග බොහොමයක්, යෝනි මාර්ගයේ සෞක්‍යමත් පැවැත්මට උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do not do these if you want to look rich
   70,047
   206

ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා

ආකර්ෂණිය ධනවත් පෙනුමක් ලබා ගැනීමට අපි එතරම් සැලකිල්ලක් නොදක්වන මේ වැරදි ටික හදා ගත්තොත් ඔබට කා අතරත් කැපී පෙනෙන්න පුලුවන්
Try these if you worry about your face too much
   30,215
   180

හැම තිස්සෙම මුහුණ ගැන වද වෙන කෙනෙක් නම් මේ දේවල් උත්සහ කරන්න

මේ ලිපියෙන් කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කර ගන්න ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැනයි. කොහොමින් කොහොම හරි ගෙදර ඉන්න වෙලාවට ඔයාට සම ගැන විශේෂ අවධානයක් දෙන්නත් පුළුවන්
Tips to have plump lips
   298
   137

පිරුණු ආකර්ෂණීය දෙතොලකට ටිප්ස්

අද හැඩකාරී අපි ඔබට තොල් වලට මේක් අප් කිරීම සඳහා උපකාරී වන වඩාත් ඵලදායී ටිප්ස් කිහිපයක් අරන් ආවා
How to pick cloths for your skin tone
   3,810
   77

සමේ වර්ණයන්ට ගැළපෙන විදිහට ඇඳුම් තෝරා ගන්නේ මෙහෙමයි

සමේ පැහැය මත පදනම්ව ඔයාට වඩාත්ම ගැලපෙන වර්ණ මොනවාදැයි හඳුනා ගැනීමට ස​හ ඇඳුමක් ඔන්ලයින් ඕඩර් කරන්න කලින්, සාප්පු සවාරි සැරිසැරීමට කලින් මතක තබා ගැනීම​ට මාර්ගෝපදේශ කිහිපයක් මෙන්න
Best exercises to control diabetics
   79
   61

ඔබේ දියවැඩියා මට්ටම පාලනය කිරීම සඳහා හොඳම ව්‍යායාම 5ක්

අද හැඩකාරී අපි ඔබට ඉදිරිපත් කරන්නේ දියවැඩියාව සඳහා හොඳම ව්‍යායාම 5ක් ගැනයි

Latest Articles

Most Viwed