ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව රවටනවා ද?

June 8, 2021
3,795
Why do people cheat in relationships?
ඔබටත් සහකරු හෝ සහකාරිය, නැතිනම් පෙම්වතා පෙම්වතිය යම් යම් රැවටීම් සිදුකර ඔබට හසුවූ අවස්ථා පිළිබද අත්දැකීම් ඇති.. ඒ සෑම විටකදීම ඔබ කෝපයට, කළකිරීමට, වේදනාවට පත්වන්න ඇති.. නමුත් ඒ සියල්ලටම වඩා ඔවුන් එසේ කලේ "ඇයි" යන්න සම්බන්ධයෙන් ඔබ කල්පනා කරන්න ඇති.

සම්බන්ධතා තුළදී පුද්ගල‍යින් රැවටීම් සිදුකරන්නේ ඇයිදැයි මෙතෙක් නිශ්චිත හේතුවක් සොයාගෙන නැති අතර පර්‍යේශකයින් විසින් ආදර සම්බන්ධතාවයන් තුළදී යම් යම් රැවටීම් සිදුකල කාන්තාවන් සහ පිරිමින් 495 දෙනෙකු යොදාගෙන සිදුකරන ලද පර්යේශනයකින් එසේ රැවටීමට අදාල නිශ්චිත හේතුව නොව ඊට බලපානු ලබන හේතුන් 8ක් පිළිබදව අනාවරණ කෙරුණා..

සම්බන්ධතාවලදී පුද්ගලයින් රැවටීම් සිදුකරන්නේ ඇයි..?

කෝපය හෝ පළිගැනීම
සමහර පුද්ගලයින් කෝපය නිසා හෝ පළිගැනීමේ ආශාව නිසා රැවටීම සිදුකරනවා.. මෙහිදී ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ තම සිතේ ඇති තරහව / කෝපය පිට කර ගැනීම හෝ පලිගැනීම සම්පූර්ණ කර ගැනීමයි. උදාහරණයක් ලෙස යම් දෙයක් සඳහා ඔබගේ සහකරු ඔබව රැවටීමට ලක්කර ඇති බව ඔබ දැනගත් විට ඔබට මුලින්ම පුදුමයක්, වේදනාවක් දැනෙන අතර ඊළග මොහොතේ ඔබගේ සිතටත් ඔහුට/ ඇයටත් එම වේදනාව හෝ හැගීම දැනවීමට අවශ්‍ය වුණා නේද.. එසේනම් යමෙකු රැවටීමට පොළඹවනු ලබන ප්‍රධානතම හැගීමක් ලෙස "ඔහු හෝ ඇය මට රිදවූවා, එසේනම් මමත් ඔවුන්ට එම එය සිදුකරනවා" යන පළිගැනීමේ හැඟීමයි.

පළිගැනීමේ මානසිකත්වයට අමතරව සම්බන්ධතා තුලදී එකිනෙකා කෙරෙහි ගොඩනැගෙන පහත දැක්වෙන හේතුන් රැවටීම කෙරෙහි යොමු වීමට බලපානු ලබනවා.

- ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබගේ හැගීම්, අවශ්‍යතා පිලිබද අවබෝධයකින් කටයුතු නොකරන විට ඇතිවෙන කලකිරීම
- සහකරු හෝ සහකරිය ඔබ සමීපයේ නොමැති වීම
- තර්කයකින් පසු ඇතිවන කෝපය හෝ කලකිරීම
- මූලික වශයෙන් බලපානු ලබන කවර හැඟීමකට වඩා කෝපය පුද්ගලයකු සමීප වීම/ ඈත් කරවීම කෙරෙහි බලපාන ප්‍රබල හේතු කාරකයක් ලෙස ක්‍රියාකරනු ලබනවා.


2. ආදරය බිද වැටීම
යම් පුද්ගලයකු හා ආදරයෙන් බැඳීම ප්‍රීතිදායකයි.. එවිට ඔවුන්ගෙන් ලැබෙන කෙටි පණිවුඩයකින් පවා ඔබ කුල්මත් වන අතර සෑමවිටම ඔබට නැවුම් උත්තේජනයක් ලබාදෙනවා.. නමුත් මෙම හැඟීම කාලයක් ගතවත්ම අඩුවී යාම සිදුවන අතර එවිට ඇතැම් විට ඔබ එම පුදගලයාට සත්‍යවශයෙන්ම ආදරෙයිද යන්න ගැටළුවක් වන අතර නැතිනම් වෙනත් කෙනෙකු කෙරේ ආලයක් ඇතිවීම සිදුවනවා. නමුත් එහි අර්ථය ඔබ දෙදෙනා එකිනෙකාගෙන් ඈත්වීම නොවෙයි. පවුලෙන්, ඉන් ලැබෙන ආරක්ශාව තුළින් ඈත්වීම අපහසු නමුත් ඇතැම් විට එකිනෙකා කෙරෙහි දක්වන ආදරය අඩුවීම නිසා සැකය, අවිනිශ්චිතභාවය ඇතිවනවා.

3. ස්ථානීය සාධක සහ අවස්ථාවන්
ඇතැම් අවස්ථාවලදී අවස්ථාවන් නිර්මාණය වීම මත රැවටීමට පෙළඹවෙනවා.. නමුත් මෙහිදී එසේ අවස්ථාවක් උදාවන සෑමවිටම හෝ සෑම පුද්ගලයකුම එසේ රැවටීමට ලක්කරන බව අදහස් වන්නේ නැහැ.. නමුත් පහත සඳහන් අවස්තාවන් තුළ එක් සහකරුවකු කෙරෙහි අනෙකාගේ සිතතුල සැකයන් ඇතිවීම සිදුවනවා.
- අධික ලෙස බීමත්ව සිටි අවස්ථාවක යම් ස්ත්‍රියක හෝ පුරුශයකු සමග දුරගිය සබඳතාවක් ඇතිවන්න ඇතැයි යන්න..
- දැඩි මානසික ගැටළුවකට පසුව කායික සන්තර්පනයන් අවශ්‍ය වීම
- කායික හා මානසික වශයෙන් එකිනෙකා සම සම්බන්ධතා ඇතිවන පරිසරයක ජීවත් වීම හෝ රැකියාව කිරීම.

4. එකිනෙකා කෙරෙහි ඇති කැපවීම සම්බන්ධ ගැටළු
එකිනෙකා කෙරෙහි කැපවීමට වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නොවීමත් සම්බන්ධතාවයක් තුලදී අනෙක් පාර්ශවය රැවටීමට හෝ බොරුවක් කීමට හේතුවනවා.. සම්බන්ධතා තුළදී දෙදෙනා තුල වන පරස්පරතාවයන්, නොගැලපීම්, අදහස් නිසා බොහෝවිට එය සිදුවනවා. උදාහරනයක් ලෙස එක් පාර්ශවයක් නිතර නිතර මුණ ගැසීමට, දුරකතන ඔස්සේ හෝ නිතර නිතර කතාබස් කිරීමට කැමති නමුත් අනික් පාර්ශවය එසේ අකමැතිනම් බොහෝ විට රාජකාරි නිසා කාර්‍යබහුලබව හෝ වෙනත් හේතුන් පවසා එය මගහැරීම සිදුකරනු ලබනවා. ඊට අමතර කැපවීම අඩුවීම කෙරෙහි පහත හේතූන්ද බලපානු ලබනවා.

- සම්බන්ධතාවය ඉදිරියට ගෙනයම කෙරෙහි ඇති උනන්දුව අඩුවීම
- පවතින සබදතාවයට වඩා වෙනත් සම්බන්ධයක අවශ්‍යතාව
- සම්බන්ධතාවය අවසන් කිරීමට අවශ්‍ය වූ විට

5. එකිනෙකාගෙ අවශ්‍යතා සම්පූර්ණ නොවීම
එකිනෙකාගේ අවශ්‍යතා සහ සිතැඟි සම්බන්ධතාවය තුලදී ඉටුවන්නේ නැති නම් හෝ නොගැලපේ නම් සම්බන්ධතාවය තුලදී කලකිරීම් ඇතිවනවා. එකිනෙකාගේ නොගැලපීම් ගලපා ගැනීමට උත්සාහ කලත් එය ඉටු නොවීමෙන් අපේක්ශාභංගත්වයට පතවන අතර ඒවා වෙනත් පාර්ශවයකගෙන් ඉටු කිරීමට උත්සාහ කිරීමේදි දෙදෙනා අතර ගැටළු ඇතිවීමට ඉඩ තිබෙනවා. එවිට බොහෝ විට,

- දෙදෙනාගේ ලිංගික රුචිකත්වය අසමාන වූ විට
- එක් සහකරුවකු ලිංගිකව හැසිරීමට දක්වන අකමැත්ත
- දෙදෙනාම හෝ එක් අයෙකු බොහෝ විට නිවසින් බැහැරව කාලය ගතකිරිම

එමෙන්ම අදහස් අතින් දෙදෙනා පරස්පරවිරෝධි වීමද සම්බන්ධතාවයන්ගෙන් බැහැර වීමට බලපානු ලබන මූලික හේතුවකි. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබගේ සිතුම් පැතුම් වලට නොගැලපේ නම්, ඔබට හැගෙන, දැනෙන දේ බෙදා ගැනීමට උනන්දු නොවන්නේ නම් වෙනත් කෙනෙකු කෙරෙහි ආකර්ශනය වීමට ඉඩ තිබෙනවා.

6. ලිංගික අභිරුචිය සහ විවිධත්වයක් අපේක්ශා කිරීම
ලිංගික රුචිකත්වය ඇතැම් පුද්ගලයන් රැවටීමට හේතුවක් වනවා. එමෙන්ම එක් සහකරුවකු ලිංගිකත්වය කෙරෙහි දක්වන ඍණාත්මක ප්‍රතිචාර අව්ශ්වාසය වර්ධනය වීමට බලපානු ලබනවා. එක් පාර්ශවයකට ඇති අධික ලිංගික රුචිකත්වය ඇතැම් විට සම්බන්ධතා තුලදී අනෙක් පාර්ශවය කෙරෙහි අහිතකර ලෙස බලපාන අතර සබදතා බිද වැටීමට හේතුවනවා.
එමෙන්ම සම්බන්ධතාවයන් තුල විශේෂයෙන් ලිංගික සම්බන්ධතා සදහා ඇතැම් සහකරුවන් හෝ කාරියන් විවිධත්වයක් අපේක්ශා කරනවා.. ඒකාකාරි රටාවට වඩා වේගවත් විවිධ වූ ශෛලීන් අත් හදා බැලීමට ඔවුන් තුල ඇත්තේ දැඩි කැමැත්තක්.. විශේෂයෙන් විවිධත්වය ලෙස බොහෝවිට පහත දෑ ඔවුන් අපේක්ශා කරනවා..

- විවිධ සංවාදශීලි පෙළඹවීම්
- විවිධ ලිංගික නොවන අත්දැකීම් සඳහා කැමැත්ත
- වෙනත් පුද්ගලයින් කෙරෙහි ආකර්ශනය
- තම සහකරු හෝ සහකාරියට අමතරව වෙනත් පාර්ශවයන් සමග ඇති සබඳතා

ඊට අමතරව සහකරු හෝ සහකාරිය පහසුවෙන් විවිධ පුද්ගලයන් වෙත ආකර්ශනය වීමද සබඳතා තුල අන් පාර්ශවය රැවටීමට ලක්කිරිමට හේතුවනවා.. බොහෝ විට එක් පාර්ශවයක් සදහා පමණක් සීමා වී සිටීම මෙවැනි පුද්ගලයින් හට ඉතා අසීරු වනවා.

7. ආත්ම අභිමානය සම්බන්ධ ගැටළු
ඔබගේ සහකරු හෝ සහකාරිය ආත්ම අභිමානය සම්බන්ධයෙන් ඇති යම් යම් ගැටළු ඇතැම් විට ඔවුන් ඔබව රැවටීමට ලක්කිරීමට හේතු වනවා.

රැවටීම හෝ ඊට ගොදුරුවීමෙන් වන බලපෑම නැවත යථා තත්ත්වයට පත්කර ගන්නේ කෙසේද..?

සම්බන්ධතාවයක් තුලදී තම සහකරු හෝ සහකාරිය රැවටීමට ලක්කරත් ඔවුන් තම සහකරුට හෝ සහකාරියට ආදරය කරන අතර ඔවුන් රිදවීමේ අපේක්ශාවක් ඔවුන් තුල නැතිවීමට පුලුවන්.. ඇතැම් විට ඔවුන් අවස්ථානුකූලව තම සහකරුට හෝ සහකාරියට බොරුවක් කලත් පසුව එය නිවරදි කිරීමට උත්සාහ දරනවා. නමුත් සබදතාවයකිදී එක් පාර්ශවයක් රැවටීම මගින් ඇතැම් විට එම සබදතාවයට අහිතකර බලපෑම් එල්ල වනවා. එමගින් එයට හානි සිදුවිය හැකියි. යම් කිසි රැවටීමක් කිරීම හෝ රැවටීම පිලිබද දැනගැනීමෙන් සබඳතා අවසන් නොවේ.. එම ගැටළු විසදාගෙන ඉදිරියට යාම වැදගත්වනවා.








ඔබගේ සහකරු හෝ සහකාරිය ව්සින් ඔබව රවටා ඇතිවිට ඔබ කුමක් කළ යුතුද..

ඔබගේ සහකරු ඔබව රවටා ඇතිබව දැනගත් විට ඔබට තවදු‍රටත් ඒ සම්බන්ධයෙන් විපරම් කරනු ඇති; එමෙන්ම ඔබට සබඳතාවය නැවත්වීමට හෝ දෙදෙනා තුල ඇති ගැටළු විසදා ගැනීමට අවශ්‍ය වනවා.. මේ සම්බන්ධයෙන් කුමක් කලයුතු දැයි අවබෝධයක් නොමැතිනම් ඔබට පහත දැක්වෙන පියවර අනුගමනය කිරිමට හැකියි.

- ඔබ සහකරු සමග කතා කළ යුතුයි. ඔබ ඔහු හෝ ඇය කරන ලද ක්‍රියාව හෝ ඔබට බොරු හෝ රැවටීම සිදුකල බව දන්නා බව පවසන්න. ඔබට එසේ නොහැකි නම් එයට තුන්වන පාර්ශවයක් සම්බන්ධ කරගන්න. ඔබ ඔහු හෝ ඇය සඳහා බැදුනු ආකාරය ඔබට තීරණයක් ගැනීම පහසු කරාවි.

- ඇතැම් පුද්ගලයෛන් අනෙක් පාර්ශවය සමග ඇති සබදතාවය නතර කිරිමට අවශ්‍ය වූ විටත් රැවටීම හෝ බොරු කරනා බැවින් ඔහුට හෝ ඇයට තවදුරටත් ඔබ හා සම්බන්ධය පවත්වා ගැනීමට අවශ්‍ය දැයි සෘජුව විමසන්න.

- ඔබට මෙම සබඳතාවය ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය දැයි ඔබගෙන්ම විමසන්න. ඔබ තවමත් ඔහුට හෝ ඇයට ඇත්තටම ආදරය කරන්නේද නැතිනම් වෙනත් කෙනෙකු වෙත සමීප වීම ඔබට කලහැකිද නැතිනම් පවතින සබඳතාවයම ඉදිරියට ගෙන යාම සුදුසු වනවාද යන්න පිලිබද ඔබට හැඟෙන දේ අනුව කටයුතු කරන්න.

- ඔහු හෝ ඇය විසින් ඔබව රැවටූ බව දන්නා නිසාම ඉදිරියටත් ඔහු හෝ ඇය විශ්වාස කිරීමට ඔබට හැකිද යන්න තීරණය කරන්න.. විශ්වාසය නැවත ගොඩ නැගීමට යම් කාලයක් ගතවනවා.. නැතිනම් නිරන්තරව සිතට නැගෙන සැකය ඔබගේ සතුට ඔබෙන් උදුරා ගනීවි. නැතහොත් ඔබට ඔහු හෝ ඇය විශ්වාස කිරීමට නොහැකි නම් සබඳතාවය යහපත් ආකාරයට ඉදිරියට ගෙන යාමට ඔබ අපොහොසත් වන්න පුලුවන්.

- ඔබට තනිව මෙම තත්ත්වයට මුහුණදිය නොහැකි නම් උපදේශනයට යොමුවන්න.. දෙදෙනාම එක්ව උපදේශනයට යොමුවීම වඩාත් සාර්ථක වන අතර නමුත් ඔබට ඔබගෙ හැගිම් විශ්ලේශනය කර ගැනීමට අවශ්‍ය නම් ඔබ තනිව උපදේශනය සඳහා යොමුවන්න.

ඔබ විසින් ඔබේ සහකරු හෝ සහකාරිය රැවටීම සිදු කල විට කුමක් කල යුතුද..?

සබඳතාවය තුලදී ඔබ විසින් ඔබගේ සහකරු හෝ සහකාරිය රැවටීම සිදුකලා නම් එසේ ඔබට කිරීමට සිදුවී හේතු ප්‍රවේසමින් විමසා බලා ඔබගේ අවංක හැගීම් ඔබ, සහකරු හෝ සහකාරිය සමග බෙදාගත යුතුයි. එහිදී ඔබට සබඳතාවය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වුවත් ඔබගේ සහකරු/කාරියට එය අවශ්‍ය නොවේනම් ඔවුන්ගේ තීරණයට එකඟ වීමට ඔබ සිදුවනවා. නමුත් සියල්ලට පෙර පහත කාරණා සම්බන්ධයෙන් ඔබගෙ අවදානය යොමු කිරීම ඉතාමත් වැදගත් වනවා.

- ඔබට තවදුරටත් මෙම සබඳතාවය ඉදිරියට ගෙන යාමට අත්‍යවශ්‍ය‍යද.. නැතිනම් ඔබ විසින් ඔබගේ සහකරු හෝ සහකාරිය රැවටීම සිදුකලේ සම්බන්ධතාවයෙන් බැහැරවීම සිතේ තබාගෙනද යන්න පිලිබද ඔබට නිසි පරිදි වටහා ගත යුතුයි. ඔබට ගැටළු තිබේ නම් උපදේශකයකුගේ සහය ලබා ගත යුතුයි.

- ඔබ දෙදෙනා අතර යම් අවිශ්වාසයක් ඇතිනම් දෙදෙනාම උපදේශනය කරා යොමු විය යුතුයි.. එක් අයෙකු, නැතිනම් දෙදෙනාම උපදේශනයට යොමු වීමත් මනා සන්නිවේදනයක් පවත්වාගෙන යාමත් සම්බන්ධතාවය ශක්තිමත් වීමට උපකාරි වනවා.. එමෙන්ම ඔබ සහකරුට හෝ සහකාරියට බොරු කලේ ඇය හෝ ඔහු ඔබ තේරුම් නොගැනීම, ලිංගික කටයුතු කෙරේ උනන්දුවක් නොදැක්වීම යන කාරණා නිසා නම් හෝ ඔහු හෝ ඇය දිහින් දිගටම නිවසින් බැහැර වීම යන හේතු නිසානම් ඒ වා පිළිබද දෙදෙනම එකගතාවයට පැමිණීම අනිවාර්‍ය වනවා.

- සබඳතාවය තුලදී ඔබ විසින් ඔබගේ සහකරු හෝ සහකාරිය දිගින් දිගටම රැවටීමට ලක් කරනවා නම් එසේ සබඳතාවයට ද්‍රෝහිවීම නිසා අනෙක් පාර්ශවය හදවත බිඳීම්, දැඩි මානසික ආතතියකට ලක්වීම, වේදනාවට පත්වීම ආදියට ගොදුරු වීමට ඉඩ තිබෙනවා.. එබැවින් ඔබට ඔබ කෙරේ විශ්වාසයක් නැතිනම් ඔබට මෙම සබඳතාවය ඉදිරියට ගෙනයාමට කැපවීම කල නොහැකි බව ඔබගේ සහකරුට හෝ සහකාරියට සෘජුවම පවසන්න.

- නැතිනම් ඔබට උපදේශනය කරා යොමුවිය හැකියි.. එමගින් ඔබ සහකරුට හෝ සහකාරියට බොරු කලේ නම් හෝ දිගින් දිගටම එසේ කිරීමට සිතෙනවා නම් එයට හේතුවන කාරණා එකිනෙක නිරාවරණය කර ගැනීමට ඔබට හැකියි. ඒ සඳහා ඔබ තනිව උපදේශනය කරා යොමුවිය යුතුයි. ඔබ දෙදෙනා එක්ව උපදේශනයට යොමු වීමෙන් සබඳතාවය නැවත ගොඩනගා ගත හැකිවනවා. ඔබ දෙදෙනාගේ සබඳතාවය යතා තත්ත්වයට ගැනීමට ඔබට අත්‍යවශ්‍ය නම් ඉහත ක්‍රම දෙකම ඔබට අත් හදා බැලීමට පුලුවන්.


වරක් ඔබව රවටන පුද්ගලයා සෑමවිටම ඔබ රවටනු ඇතැයි යන මතය බොරුකාරයින් හැඳින්වීම සඳහා යොදා ගනු ලැබුවද ඇතැම් පුද්ගලයින් එසේ එකම දේ නැවත නැවත සිදුකරන්නේ නැහැ.. එකිනෙකා කෙරෙහි වන විශ්වාසයෙන් කටයුතු කිරීම මගින් ඕනෑම සම්බන්ධතාවයක් ශක්තිමත් වනවා. ඔබට සහ ඔබගේ සහකරුට ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය වෙනුවෙන් නැතිනම් එකිනෙකා කෙරේ කොපමණ ප්‍රමාණයක් කැපවීමට පුලුවන්ද යන කාරණාව මත සහ දෙදෙනා අතර මනා සන්නිවේදනයක් තිබීම සම්බන්ධතාවය වඩාත් සාර්ථකවීමට හේතු වන බව ඔබ දෙදෙනාම මතක තබාගෙන ක්‍රියා කල යුතු වන බව හැඩකාරි අපගේ විශ්වාසයයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,357
   39

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Milk Toffee Recipe
   132,883
   25

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   31,618
   25

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Kaju Dosi Recipe
   138,478
   24

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed