මේ ටික ඇහුවොත් රස්නෙයි කියලා කවදාවත් Cool බීම නම් බොන එකක් නෑ

September 27, 2018
11,811
You would never drink soft drinks after you read this
සමාන්‍යයෙන් වාහනයකට ඉන්ධන නැති වුණොත් ඒ වාහනයට දුවන්න බෑ නේද? ඒ වගේම ඩීසල් දාන්න ඕන වාහනයකට පෙට්ට්‍රල් දැම්මොත් මොකද වෙන්නේ එන්ජිම අක්‍රිය වෙනවා නේද? අන්න ඒ වගේ තමයි අපේ ශරීරයත්. මනුෂ්‍යය ශරීරයට අත්‍යාවශ්‍ය ඉන්ධන තමයි ආහාර හා ජලය. මේ ඉන්ධන හරියාකාරව ඔයා සිරුර නැමති වාහනයට භාවිත නොකළොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට තමයි සිරුර අක්‍රීය වෙන්නේ. ගොඩක් වේලාවට අපි සරල සහ ඉක්මනින් සෑහිමකට පත් වෙන ආහාරපාන තමයි වැඩිපුර හොයන්නේ. ඒ මෙහොතට බඩකට පුරවාගෙන පිපාසය සංසිඳුවා ගත්තොත් ඇති කියලයි අපි හිතන්නේ.

ඔයා වැඩිපුර පිපාසක් දැණුන විටෙක මොනවද වැඩිපුර බොන්න හිතෙන්නේ කියලා හැඩකාරී අපි ඔයාගෙන් ඇහුවොත් ඔයා දෙපාරක් හිතන්නේ නැතුව එක දිගට අපිට පිළිතුරු දෙයි. ඔය පිළිතුරු අතරේ කූල් බීම, කූල් වතුර එකක් කියන උත්තර ටිකක් වැඩිපුර තියේවි. අපි ඔයාට මුලින්ම කිව්වානේ අපි ආහාර ගැන හිතන්නේ ඒ අවස්ථාවට විතරයි කියලා. පිපාසය සංසිදුවා ගන්න ඔයා මේ වගේ බීම වර්ග භාවිත කළත් ඔයා නොදන්නවා වුණාට ඒ සියලු සීතකළ පැණි බීම වර්ග ඔයාව ශාරීරික වශයෙන් අක්‍රමත් කරනවා. එහි උච්චතම අවස්ථාව තමයි මරණය.

පැණි රස බීමවලින් ඇති කරන්නේ තවත් පිපාසයක් විතරයි

ඔයා පිසාසය සංසිඳුවා ගන්න කියලා කොච්චර පාන වර්ග බිව්වත් වැඩක් වෙන්නේ නෑ එයින් ඔයාට තවත් ඇති කරන්නේ පිපාසයක් විතරයි. මොකද මේ බීමවල තියෙන රසකාරක හා සංඝටක නිසා ඔයාට නැවත පිපාසය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සිරුර විජලනය වීම මේ පැණි බීම වලින් සිදු කරනවා. ඔයා දන්නවානේ පැණි බීමවල අඩු සීනි කියලා කිව්වත් ගොඩක් පාන වර්ගවල සීනි ප්‍රමාණය වැඩියි. ඉතිං මේවා බිව්වම ඔයාගේ සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතිං දියවැඩියාව වැනි තත්ත්වයන් ඇති වෙන්නේ ඒ නිසා. දැන් ඔයාට තේරෙනවා නේද පිපාසය සන්සිඳුවා ගන්න ගිහින් ඔයා විහින් අමතර ලෙඩක් හදාගත්ත හැටි.

පිළිකා රෝගවලට අත වැනීමක්

ඔයා පිපාසය සංසිඳුවා ගන්න කියලා බොන පැණි බීම හැම එකකම වාගේ රසායනික සංඝක හා රසකාරක අඩු වැඩියෙන් අන්තර්ගත වෙනවා. මේ මගින් අග්න්‍යාස පිළිකා ආදීය ඇති වීමේ අවධානම ඉතාමත් වැඩියි. විශේෂයෙන්ම ශීතකළ බීම වර්ග වැඩි පුර පානය කිරීමෙන් කාන්තාවන්ගේ පියයුරු පිළිකා අවධානම වැඩියි. අන්න ඒ නිසා ඔයාට කොච්චර පිපාසය තිබුණත් සමාන්‍ය වතුර වීදුරක් බොන එක තමයි හොඳම දේ වෙන්නේ. මොකද එවිට ඔයාගේ සිරුරට කිසිම හානීයක් වෙන්නේ නෑ.

හෘද රෝග ඇති වීමේ අවධානම වැඩියි

ඔයා හොඳින්ම දන්න දෙයක් තමයි හෘද රෝග තියෙන අයට සීනි හා මේදය බහුල පාන වර්ග එතරම් ගුණදායක නොවන බව. මොකද ඔයාගේ සිරුරේ තියෙන සහ ඔයා ගන්නා ආහාරවල තියෙන මේදය ස්ථාවරව තැම්පත් කරන එක තමයි කූල් බීම වර්ගවලින් කරන්නේ. විශේෂයෙන්ම නව පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා දිනකට පැණි බීම විදුරු 02 ට වඩා වැඩියෙන් බිව්වොත් ඉක්මනින් මරණයට පත් හේතුවක් වන බව. ඉතිං ඔයාම තීරණය කරලා බලන්න අතේ තියෙන සල්ලි ටික වියදම් කරලා ඔයා විසින්ම මරණයට අත වනනවාද කියලා.

මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා කරනවා

ඔයා පිසාසය සන්සිඳුවා ගන්න කියලා බොන පැණි බීම වීදුරුවක් වීදුරුවක් ගානේ ඔයාගේ සමස්ථ සිරුරම ටිකෙන් ටික අක්‍රීය කරනවා. මුලින් කිව්වා වගේ හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, අග්න්‍යාස පිළිකා වැනි තත්ත්වයන් ඔයා පැණි බීම බීව්වොත් නොමිලේම ලබා ගත හැකියි. මේ පැණි බීම මගින් ඔයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරනවා. මෙවායේ අඩංගු රසායනික හා රසකාරක සංඝටක මගින් ඔයාගේ මොළයේ ප්‍රෝටීන්වල සමතුලිත බව නැති කරලා දානවා. ක්‍රියාශිලී නොවීම, සංවේදනය අවම වීම, මතකය ගිලිහි යාම වැනි සංකූලතාවයන් ඔයා වැඩිපුර පැණි බීම බීවොතින් නොමිලේම ලබාගත හැකියි.

තරුණ පෙනුම විනාශ කරනවා

අද ගොඩක් කාන්තාවන් කියන කතාවක් තමයි වයසට වඩා වයසක පෙනුමක් එකතු වෙලා කියන එක. මෙවැනි කතාවක් ඔයාට කියන්න වෙලා තියෙනවා නම් ඒ ඔයාගේම නොසැලකිළිමත්කම නිසා. ගොඩක් වේලාවට ඔයා සිරුරට අවශ්‍ය පරිදි වතුර බිව්වේ නැති වුණාම ඔයාගේ සම රැලි වැටිලා ඔයාගේ පෙනුමට වයසක පෙනුමක් එකතු වෙනවා. ඔයා වැඩිපුර පැණිබීම බොන කෙනෙක් නම් මේ සමේ වියපත් බව තවත් වැඩි වෙලා ඇති. අපි සාමාන්‍යයෙන් වතුර පිපාසයයක් දැනුනම කුල් බීම එකක් හෝ කූල් වතුර එකක් බොනවානේ. මෙය ඉතාමත් භයානක තත්ත්වයක්. මොකද සිරුර උණුසුම්ව තියෙන මොහොතක ඔයා සීතල වතුර බීමෙන් සිරුරේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමට තියෙන ඉඩකඩ වැඩියි. අපි ගොඩක් වේලාවට කරන්නේ පිපාසයයක් ඇති වුණාම වතුර ගොඩක් එක දිගට බොනවා. එය සිරුරට ඉතාමත් අනතුරුදායකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1095 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:53:17 AM
Script:/article/1095/you-would-never-drink-soft-drinks-after-you-read-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:53:17 AM
Script:/article/1095/you-would-never-drink-soft-drinks-after-you-read-this.html