කාන්තාවන්ගේ වෙහෙසකර බව නැති කරන වැදගත් ආහාර 13ක්

September 4, 2020
7,223
Foods to gain stamina
දිවා කාලයේදී ඔබේ දවසේ වැඩ කරන විට ඔබට ශක්තිය මදි බවක් දැනෙනවාද? ඔයාගේ ඵලදායීතාවය අඩුවෙමින් තියෙනවාද? ඔයා ඉක්මනින් වෙහෙසට පත්වෙනවාද?

ඔබ හරියට ආහාර ගන්නවා වෙන්න පුලුවන්, ඒත් ඒවා හරි ජාතියද, හරි ප්‍රමාණයද, හරි ගුණාත්මක බවින් ඇතිද යන දේ මත ඔබේ දවසේ ශක්තිය වැයකිරීම තීරණය වෙනවා. සෑම ආහාරයකින්ම පාහේ බලශක්තිය ලබා දුන්නත් සමහර පෝෂ්‍යපදාර්ථ ඔබේ බලශක්තිය නිපදවීම වැඩි කිරීමට උදවු වෙනවා. අද හැඩකාරී අපි ඔයාගේ ශක්තිය වැඩි කරන්න වැඩි දායකත්වයක් දෙන ආහාර කිහිපයක් ගැනයි කියන්න හිතුවේ.

1. කෙසෙල්
කෙසෙල් කියන්නේ ශක්තිය වැඩි කිරීමට හොඳම ආහාරයක්. එක් මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක කාබෝහයිඩ්‍රේට් 27g ක් සහ තන්තු 3g ක් අඩංගුයි. කෙසෙල් වල ඇති මැග්නීසියම් පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් ශක්තිය හා දරාගැනීම වැඩි වන බව පරීක්ෂණයකින් සොයා ගෙන තියෙනවා.

2. බිත්තර
බිත්තර කියන්නේ වඩාත් පෝෂ්‍යදායී ආහාර වලින් එකක්. බිත්තර ප්‍රෝටීන, විටමින්, ඛනිජ සහ ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත්. ප්‍රෝටීන් බහුල ආහාර මගින් ශක්තිය වැඩි කිරීමට, ධනාත්මක ශක්ති සමතුලිතතාවයක් පවත්වා ගැනීමට, විඳදරාගැනීම වැඩි දියුණු කිරීමට සහ ව්‍යායාමයකින් පසු මාංශ පේශි ප්‍රෝටීන් නැවත සකස් කිරීම සහ ප්‍රකෘතිමත් වීමට උපකාරී වෙනවා. බිත්තර වල බහුල ඇමයිනෝ අම්ලයක් වන Leucine බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වෙයි.

3. කුකුල් මස්
චිකන් වල ඉහළ ප්‍රෝටීන් බහුල වන අතර චිකන් ආහාරයට ගත් පසු තෘප්තිමත් බවක් දැනෙන නිසා වැඩි කැලරි සහ කාබෝහයිඩ්‍රේට ගැනීම වලකාලනවා. ශක්තිය වර්ධනය කිරීමට එය උපකාරී වෙනවා. කුකුළු මස් සාරය එනම් සුප් වැනි දෑ, පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ තෙහෙට්ටුවෙන් සහනයක් ලබා දෙන බව සොයා ගෙන තියෙනවා.

4. රතු සහල්
කාබෝහයිඩ්‍රේට අපේ ශරීරයේ ශක්තිය සාදන ප්‍රභවයයි. රතු සහල් වල පිෂ්ඨය අඩු වන අතර තන්තු බහුලයි. එයින් ඔබේ කුස පුරවන අතර දිගු වේලාවක් බඩගින්න ඇති නොවී සිටීමට ඔබට උපකාරී වෙනවා. රතු සහල් වලින් ඔබව බලගන්වන්න පුලුවන්. කාබෝහයිඩ්‍රේට වලින් ඔබේ මාංශපේශි ලිහිල් කරන අතර ඔබට වෙහෙස දැනීම අඩු කරනවා.

5. ඇට වර්ග
කඩල, පරිප්පු, කවුපි, මුංඇට, සෝයා වැනි සියළු ඇට වර්ග ඔබේ නිර්මාංශී ආහාර වේලට එකතු කරගන්න පුලුවන්. මේවායින් කුස පුරවන අතර, ශරීරයට පනක් ලබා දෙනවා.

6. බතල
මහත් වේ යැයි බියට අපි අල වර්ග ආහාරයට ගැනීමෙන් වැලකෙන්න බලනවා. එහෙත් බතල වලින් එසේ වන්නේ නෑ. බතල අත්‍යවශ්‍ය පෝශ්‍ය පදාර්ථ වලින් අනූනයි.

ආහාර වල ශක්තිය නිසි ලෙස ශරීරයට මුදාහැරීමේ ක්‍රියාවලියට බතල වල ඇති මැන්ගනීස් බෙහෙවින් උපකාරී වෙනවා.

7. පීනට් බටර්
පීනට් බටර් වලට ඔබ දිගු වේලාවක් කාර්යෂ්‍යමව තබන්න පුලුවන්. ගුණදායී කාබෝහයිඩ්‍රේට, එනම් ඕට්ස්, කුරක්කන් පාන්, පූර්ණ ධාන්‍ය වලින් සෑදූ පාන්, ගුනදායී සීරියල් වැනි දෑ සමග ආහාරයට ගැනීමෙන් ඔබට දිගු වෙලාවකට කුසගින්න එන්නේ නෑ. ඒ වගේම ඔබව ප්‍රානවත්ව තබන්න පුලුවන්.

8. බීට් රූට්
අද වන විට ලොව පුරා බීට් රූට් වලට හිමිවන්නේ ඉහල තැනක්. අඩු කලරි, අඩු මේද සහ වැඩි ශරීර ශක්තියක් ලබා දෙන බීට් රූට්, ශරීරයේ ලේ නිසි ගමනාගමනයට ඉහල දායකත්වයක් ලබා දෙනවා.

9. කෝපි
ශක්තිය වැඩි කර ගැනීමට ඔයාගේ සිතනට නැගෙන පළමු දෙය කෝපි ය. කැෆේන් ස්වාභාවිකවම කෝපි වල අඩංගු වන අතර එය තෙහෙට්ටුව සහ විඩාව අඩු කරයි. එය ඔයාගේ මොළය උත්තේජනය කර ශක්තිය ලබා දෙයි. අතිරික්ත කැෆේන් හෝ කෝපි හානිකර වුවද, ඉරුවාරදය සුව කිරීමට සහ ඔබේ ශක්තිය වැඩි කිරීමට එය සීමිත ප්‍රමාණවලින් භාවිතා කරන්න පුළුවන්.

10. ඩාක් චොකලට්
ඩාක් චොකලට් වල කොකෝවා සහ කැෆේන් අඩංගුයි. එහි ප්‍රබල රසයක් ඇති අතර එය තෘප්තිය ප්‍රවර්ධනය කරයි. කැෆේන් මගින් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා පමණක් නොව කාංසාවද අඩු කරයි. ඩාක් චොකලට් ආහාරයට ගැනීමෙන් මොළයට හා මාංශ පේශිවලට ඔක්සිජන් ලබා දීමට උපකාරී වනවා. කොකෝවා වල ඇති flavonols ඔයාගේ මනෝභාවය සහ ශක්තිය වැඩි කරන අතර මානසික තෙහෙට්ටුව අඩු කිරීමට උපකාරී වන බව සොයා ගෙන තියෙනවා. 

11. යෝගට්
යෝගට් කියන්නේ දිනපතා ආහාරයට ගැනීම සඳහා විශිෂ්ට probiotic ආහාරයකි. යෝගට් වල ප්‍රෝටීන්, විටමින් බී 6 සහ බී 12 සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයකි. සෛල වල පැවැත්ම සහ ක්‍රියාකාරීත්වයට, ශක්තිය මුදා හැරීමට සහ ඔයාව ක්‍රියාශීලීව තබා ගැනීමට විටමින් B අත්‍යවශ්‍ය වෙනවා.

12. ග්‍රින් ටි 
ග්‍රින් ටි කියන්නේ තේ සහ කෝපි වැනි පාන වර්ග සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක්. ග්‍රින් ටි වලින් ආතතිය හා කාංසාව අවම කිරීමට උපකාරී වනවා.

13. නට්ස් 
නට්ස් වර්ග ක්ෂණික බලශක්තිය සපයන ආහාර ලෙස සලකනවා. නට්ස් ප්‍රෝටීන, ජෛව සක්‍රීය සංයෝග සහ බහු අසංතෘප්ත මේද අම්ල වලින් පොහොසත්. ඉතින් නට්ස් කියන්නේ සෞඛ්ය සම්පන්න ආහාරයක්. නට්ස් වල ඔමේගා-3 මේද අම්ල බහුල වන අතර එය දරාගැනීමේ ශක්තිය සහ වැඩ කරන මාංශ පේශිවලට රුධිර ප්‍රවාහය වැඩි කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1811 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:36:37 PM
Script:/article/1811/foods-to-gain-stamina.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:36:37 PM
Script:/article/1811/foods-to-gain-stamina.html