ඔබත් කාංසාව (හුදකලාව) සහ මානසික ආතතිය නිසා ඇතිවන යම් යම් රෝග තත්වයන් නිසා නිරතුරුවම ඇතිවන ගැටළු සමග පීඩා විදිනවාද..? මානසික ආතතිය සහ නිරන්තරව ඇතිවන කාංසාව හේතුවෙන් ඔබටත් උදෑසන ඇඳෙන් බිමට බැස දෛනික කටයුතුවලට මුහුනදීමත් අභියෝගයක් නේද.. මෙම තත්ත්වය මගහරවා ගැනීමට ව්‍යායාම කිරීම ඇතැම් විට ඔබට ඉතාමත් අපහසු කර්තව්‍යයක් විය හැකියි.. නමුත් ඔබ දන්නවාද ව්‍යායාම මගින් මානසික අවපීඩනය සහ කාංසාව වැනි ලක්ෂණ මගහරවා ඔබගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට මහත් පිටුවහලක් සපයන බව.
මනෝවෛද්‍ය විද්‍යාඥයකු වන බෙන් මයිකල්ස් "මනස යනු ඔබගේ ශරීරයයි; ශරීරය යනු ඔබේ මනසයි, ඔබ, ඔබ ගැන දක්වන සැලකිල්ලෙන් ඔබගේ මුළු පද්ධතියටම උදවු කරනවා" යනුවෙන් පවසනවා.. එමෙන්ම පර්‍යේශකයින්ට අනුව පුද්ගලයකු සෑම සතියකම මිනිත්තු 150 සිට මිනිත්තු 300ක් දක්වා සාමාන්‍ය වේගයකින් යුක්තව ව්‍යායාම ලබා ගැනීම අවශ්‍ය වනවා.. එය විශේෂයෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ට වඩා මානසික ආතතිය නිසා සහ කාංසාවෙන් පෙලෙන පුද්ගලයින්ට මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට උපකාරි වනවා.
මානසික ආතතිය සහ කාංසාව මගහරවා ගැනීමට උපකාරි වන ව්‍යායාම -
1. දිවීම - Running
ශාරිරික සහ මානසික සෞඛ්‍යට එකසේ දිවීම වැදගත් වනවා.. ශරීරයේ අනවශ්‍ය කැලරි දහනයටත්, ආහාර රුචිය අඩු කර ගැනීමටත් හෘදයාබාධ වලින් වැළකීමටත් දිවීම එකසේ ප්‍රයෝජනවත් වනවා..2014 දී සිදුකල අධ්‍යනයකට අනුව දිනකට මිනිත්තු 5ක් දිවීමෙන් ඔබගේ ආයු කාලය වැඩිකරගත හැකි වනවා..එමෙන්ම දිවීමට පෙර සහ පසුව සිදුවන හෝමෝන වෙනස් කම් එසේත් නැතිනම් සතුටින් දිටීමට උපකාරි වන ස්නායු සම්ප්‍රේශක ( feel-good neurotransmitters) මගින් සෙරොටින්,නෝරෙපනෙෆ්‍රින් ( serotonin and norepinephrine) නමැති හෝමෝනවල වෙනස්කම් ඇතිකරනු ලබනවා. එමගින් ඔබගේ අයහපත් මානසික තත්ත්වය, යහපත් කරගැනීමට බලපෑම් එල්ල කරනු ලබනවා.. එමෙන්ම නින්ද නොයෑමෙන් පීඩා විඳින්නන් සඳහා සුව නින්දක් ලබාගැනීමටද උපකාරි වනවා.
2. එළිමහනේ ඇවිදීම සහ කඳු නැගීම - Hiking
එළිමහනේ ක්‍රීඩා කිරීම, ව්‍යායාම කිරීම ශාරිරික සහ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන අතර විශේෂයෙන් කුඩා කඳු ගැට තරණය සහ ගම්බද පළාත්වල ඇවිදිමින් ස්වභාව දහම සමහ සමීප වීම මානසික පීඩාවන්ගෙන් යුතු වන්නන්ට ඖෂධයක් ලෙස සැලකෙනවා.. එමගින් නිරන්තරයෙන් සිත පෙළනු ලබම කාංසාව මගහැර මානසික අවපීඩනය සමනය කර මනසට සැහැල්ලුවක් ගෙන එනු ලබනවා.. අධ්‍යනයකට අනුව විනාඩි 50ක් පමණ ස්වභාව දහම සමග සමීපවන පුද්ගලයකුගේ කාංසාව දුරුවී මානසික ක්‍රියාකාරිත්වය වැඩි දියුණුවන බව සොයාගෙන තිබෙනවා.
3. යෝග අභ්‍යාසයන්හි නිරත වීම - Yoga
මනස, ශරීරය සහ ආත්මය සන්සුන් කරවන යෝග අභ්‍යාසයන් හි නිරත් වීමත් නිරන්තරව මානසික පීඩාවෙන් සහා කාංසියෙන් යුතු වන්නන් සඳහා ඉතාමත් සුදුසු වනවා.. විශේෂයෙන්ම හුස්ම ඉහල පහල දැමීම සම්බන්ධයෙන් වන විවිධ යෝග අභ්‍යාසයන් මගින් කෝපය පාලනය, මානසික ආතතිය දුරු කරවීමට උපකාරි වනවා. ඊට අමතරව දිනපතා යෝග අභ්‍යාසයන් හි නිරත් වන්නන් හට හෘදයාබාධයන් ගෙන් වැළකීම, සුව නින්දක් ලැබීම, ශරීරයේ නම්‍යතාව, දරාගැනීම සහ සමබරතාව රදාපැවැත්මට උපකාරි වනවා. එමෙන්ම ඔබට වැඩි ශක්තියක් සහ දීප්තිමත් මනෝ භාවයක් ගෙන දී නැවුම් දවසක් ගත කිරීමට හැකියාව ලබාදෙනවා.
ඔබත් කාර්‍යබහුල ජීවන රටාවත් සමගම නිවසේ කටයුතු, රාජකාරි කටයුතු, යුතුකම් සහ වගකීම් සමග ඔට්ටු වන කාන්තාවක් නම් මානසික අවපීඩන තත්ත්වයන්, නිරන්තරයෙන් පෙළනු ලබන කාංසාව වැනි තත්ත්වයන් ඔබ තුළත් ඇති.. සෑම විටම ඔබ මතක තබා ගත යුතු වන්නේ ඔබගේ සතුට සහ යහපත් මානසික තත්ත්වය මත ඔබගේ මුළු පවුලේම සතුට රදා පවතින බවයි. එසේනම් හැකි පමණින් වෙලාව මෙන් කරගෙන ඉහත කුමන හෝ ව්‍යායාමයක යෙදීම මගින් ඔබට සැහැල්ලු මනසක් සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා.. අවශ්‍ය වන්නේ ඒ සදහා උනන්දුව ඇතිකර ගැනීම පමණයි..