ඔබ නිතර කන බිත්තරේ නොදත් ගුණ අගුණ

May 15, 2018
16,925
Facts you didn't know about egg
බිත්තර කියන්නේ නිතර නිතර අපේ ආහාර වේලට එකතු කර ගන්න සිරුරට අවශ්‍ය අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගන්න පුළුවන් හොඳ මුලාශ්‍රයක්. ඒ වගේම රුපලාවන්‍ය සත්කාර වලදීත් අඩුවක් නැතිව එකතු කර ගන්න අමු ද්‍රව්‍යක්. බිත්තරයේ සුදු මදය සහ කහ මදය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත්. ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවන වගේම අත්‍යාවශ්‍ය මේද අම්ල අඩංගු වෙනවා. ඒ නිසා බිත්තර කියන්නේ ඉතාමත් පහසුවෙන් ශරීරයට පෝෂණය ලබා ගන්න පුළුවන් ක්‍රමයක්.

බිත්තර අහාරයට එක් කර ගනිද්දී දිනපතා බිත්තර ආහාරයට ගන්න එක හොඳයිද? නැද්ද? සතියට බිත්තර කියක් විතර කෑවට කමක් නැද්ද? වගේ ප්‍රශ්න ගොඩාක් කට්ටියට ඇති වෙනවා .දිනපතා මහන්සි වෙලා වැඩ කරන වැඩිහිටි කෙනෙක් දිනපතා බිත්තරයක් ආහාරයට ගත්තට කිසිම වරදක් නැහැ. ඒ වගේම පාසල් යන වයසේ දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරටයට එක් කිරීම දරුවන්ගේ වර්ධනයට ඉතාමත් වැදගත්.

මාංශ පේශීන් වර්ධනයට අත්‍යවශ්‍යම පෝෂපදාර්ථයක් වන ප්‍රෝටීන් ලබා ගන්න හොඳම හා පහසුම ක්‍රමය වෙන්නේ බිත්තර සුදු මදය. බිත්තර ආහාරයට ගැනීමෙන් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සම්පුර්ණ වෙනවා. ඊට අමතරව බිත්තර සුදු මදයේ ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය සම්පුර්ණ කර ගන්න බිත්තර ආහරයට එකතුකර ගැනීමෙන් පුළුවන්.

බිත්තරවල තිබෙන පෝෂ්‍ය පදාර්ථ ඔබේ සුන්දරත්වය වර්ධනය කරන්නත් ඉවහල් වෙනවා. හිසකෙස්, නිය වර්ධනයට වගේම තරුණ පෙනුම රැක ගැනීමටත් බිත්තර කදිමයි. ඒ වගේම බිත්තරවල අඩංගු කෝලීන් කියන සංඝටකය මතක ශක්තිය වැඩි කරනවා. මිට අමතරව බිත්තර යොදාගෙන ඔබට බාහිර රුපලාවන්‍ය සත්කාර කරන්නත් පපුළුවන්. විශේෂයෙන් සම, හිස කෙස් සඳහා කරන සත්කාර වලට බිත්තර කියන්නේ හොඳම අමු ද්‍රව්‍යක්.

සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක ප්‍රෝටීන් 7.5g ක්, මේදය 5.1g ක්, කැලරි 76ක් අඩංගු වෙනවා. ඒ නිසා කය වෙහෙසා වැඩ කරන අයට වගේම කුඩා දරුවන්ගේ ආහාර වේලට බිත්තර එකතු කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන් ගර්භනී මව් වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා. ආසාත්මික තත්වයන් ඇති වෙන්නේ නෑ කියලා විශ්වාස නම් ගර්භනී මවක් බිත්තර තමන්ගේ ආහාර වේලට එක් කර ගැනීමේ කිසිම ගැටළුවක් නැහැ.

නමුත් ඔබ කොලෙස්ටරෝල් රෝගය වැළඳුණු කෙනෙක් නම් බිත්තර කහ මදය ඔබට සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා කහ මදය ආහාරයට ගැනීමෙන් වලකින්න. නමුත් සුදු මදය ආහාරයට ගැනීමෙන් කිසිම අහිතකර බලපෑමක් වෙන්න් නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 815 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:50:20 PM
Script:/article/815/facts-you-didnt-know-about-egg.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:50:20 PM
Script:/article/815/facts-you-didnt-know-about-egg.html