ඔහු ළඟත් මේ ලක්ෂණ තියෙනවා නම් විවාහය රැකගන්න හදන්න එපා

September 24, 2020
4,714
Do not save your marriage if he is like this
සෑම රටකම සමාජයකම හා සෑම ස්ථරයකම තමන්ගේ භාර්යාව ගැන කෝපයෙන් හා ඉච්ඡාභංගත්වයෙන් ජිවත් වන පිරිමින් තවමත් අපි අතරේ ඉන්නවා. සමහර පිරිමින් බිරිදට කෑ ගසමින් කේන්තිය පාලනය කර ගන්නා අතර තවත් සමහරු තමන්ගේ භාර්යාවන්ට ශාරීරිකව පහර දීමෙන් කේන්තිය නිවා ගන්නවා. බොහෝ බිරින්ඳෑවරුන් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ වැරදි හැසිරීම තමන්ගේ පිටම පටවා ගෙන ඔහුව සාධාරණීකරණය කිරීමේ වරද සිදු කරනවා. ඔයාත් එහෙම බිරිඳක් නම් ඔයාගේ විවාහය රැකගන්න ඕනේ කියලා මේ වගේ වැරදි නම් ගණන් නොගෙන ඉන්න එපා.

කිසිදු හේතුවක් ප්‍රමාණවත් නැහැ
පහරදීමට හොඳ හේතුවක් තිබුණත්, ස්වාමිපුරුෂයා තමන්ගේ බිරිඳට පහර දීම කිසි විටෙකත් පිළිගන්න බැරි දෙයක් බව ඔයා තේරුම් ගැනීම වැදගත්. කාන්තාවගේ 'වැරැද්ද' කෙතරම් බරපතල වුණත්, ස්වාමිපුරුෂයාගේ මනෝභාවය කෙතරම් තේරුම් ගැනීමට පුලුවන් වුණත්, පිරිමියෙක් කාන්තාවන් මත අත ඔසවන එක සාධාරණීකරණය කිරීමක් කරන්න බැරි වැරැද්දක්.
 
ඔයා නිවස අත් හැරලා පිටතට යා යුත්තේ මොන අවස්ථාවේදීද?
ඔහු ඔයාට පහර දුන් පළමු වතාවේදීම එළියට යන්න ඕනේද? ඔව්. නිවාස තුළම රැදිලා ඒ ගැන හිත හිත කාලය නාස්ති කරන්න එපා. ඔහුත් සමඟ ඒ මොහොතේදී ඒ ගැන සාකච්ඡා කරන්න එපා. ඔයාගේ බෑග් එකට ඇඳුම් ඇසුරුම් කර පිටව යන්න. ඔහු ඔයා ගැන සැබවින්ම කණගාටු වෙනවා නම්, ඔහු හොද සිහියට ආවාම ඔහු ඔයා වෙත පැමිණ සමාව ඉල්ලන එක ඔහුගේ වගකීමක්.

ඔයා ආපසු ඔහු වෙත යා යුතුද?
මෙය තීරණය කිරීමට සම්පූර්ණ අයිතිය ඔයාට තමයි තියෙන්නේ. ඔහුගේ හැසිරීම සාමාන්‍යයෙන් යහපත් කියලා ඔයාට හැඟෙනවා නම් සහ ඔයා ඔහු සමඟ ඉතාමත් සතුටින් ජිවත් වනවා නම් ඔහු ළගට නැවත පැමිණීම ගැන සලකා බලන්න. නමුත් ඔහු ඔබෙන් සමාව අයැදිය යුතු අතර එවැනි දෙයක් නැවත නොවීමට පොරොන්දු කර වෙන්න ඕනේ. නමුත් මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ඔහුට එක් වරක් පමණක් සමාව දී බලන්න. ඔහු ඔයාට නැවත පහර දුන්නොත්, ඔයාගේ යහපත සඳහා ඔහුගෙන් ඉවත් වෙලා යන්න. කිසිම අවස්ථාවක දෙවන සමාවක් දෙන්න එපා. ගොඩක් කාන්තාවන් අමාරුවෙන් හරි තමන්ගේ ප්‍රචණ්ඩකාරී ස්වාමිපුරුෂයන් සමඟ වසර ගණනාවක් ජීවත් වෙමින් ඔවුන්ට නැවත නැවතත් සමාව දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් සැමියාගේ පළමු පහරෙන්ම ඔයාගේ ආත්ම අභිමානය පහළට වැටෙනවා. ඒ අතර පහර දීම දිගටම සිදු වුණොත්, වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔයා ජීවතුන් අතර නොසිටිමටත් ඉඩ තියනවා. 

පිරිමින් මේ ආකාරයට හැසිරීමට හේතුව මොකක්ද?
අනාරක්ෂිත, අවාසනාවන්ත ළමා කාලයක් තිබීම, අධික මත්පැන් පානය කරන කෙනෙක් වීම, ඔවුන්ගේ ජීවිත ගැන කලකිරී සිටින පිරිමියෙක් වීම නිසා ඒ වගේ පිරිමි තමන්ගේ භාර්යාවන් මතට නිතරම කඩා පනිනවා. 

ස්ත්‍රියකට ආදරය කරන පිරිමියෙක් ඇගේ ඇසේ කඳුළක් දැකීමට කමැති වෙන්නේ නැහැ. තවත් වෙලාවට පිරිමින් තමන්ගේ භාර්යාවට පහර දෙන්නේ භාර්යාව විසින් ඔහුව හැර යාම ඔහුට වාසි ගෙන දෙන කාරණයක් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා තව දුරටත් ඒ වගේ සැමියෙක් ළඟ රැඳෙන්නේ නැතිව ඉක්ණින්ම ඉවත් වීම නුවණට සුදුසුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1844 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:11 AM
Script:/article/1844/do-not-save-your-marriage-if-he-is-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:56:11 AM
Script:/article/1844/do-not-save-your-marriage-if-he-is-like-this.html