හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

October 24, 2020
22,717
How to get rid of sun tan
හිරු එළියට නිරාවරණය වුණාම ඔයාගේ සම අඳුරු වෙන්න පටන් ගන්නවා. ඒ, ඔයාගේ සමේ වර්ණක සඳහා වගකිව යුතු මෙලනින් අධික ලෙස නිපදවීම නිසායි. ටෑන් කියන්නේ ඔයාගේ ශරීරය සූර්යාගේ හානිකර කිරණවලින් ආරක්ෂා කිරීමට සම විසින් ගන්නා උත්සාහයක්.

දැඩි හිරු එළියට නිරාවරණය වුණාම ඔයාගේ ශරීරය විසින් සම මතුපිටට මෙලනින් නිකුත් කරනවා. ඒ මඟින් සම මතට එන පාරජම්බුල කිරණ අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා. ඉතින් ඔයාගේ සම පාරජම්බුල කිරණවලට නිරාවරණය වන තරමට සමේ වර්ණක ද වැඩි වන අතර එමඟින් සම අඳුරු වෙනවා.

ඒ නිසා ඔයාගේ සම හිරු එළියට අනවශ්‍ය හා දීර්ඝ කාලයක් නිරාවරණය කරන්න එපා. අව් රශ්මිය මඟ හරවා ගැනීම සඳහා හොඳම ක්‍රමය වන්නේ ස්කාෆ් එකක් හෝ තොප්පියක් භාවිතා කිරීමයි. ඒ වගේම ගෙදරින් එළියට බහින්න කලින් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් ආලේප කරන්න. අධික අව්ව දවස් වලට සිරුර වැසෙන සේ ඇඳුම් අඳින්න.

ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ. අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු ටෑන් වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්. දිගටම කියවන්න!

1. තක්කාලි
තක්කාලි සූර්යයාගේ හානිකර පාරජම්බුල කිරණ මගින් ඇති වන හානියට එරෙහිව සටන් කරන phytochemicals (carotenoids ද ඇතුළුව) වලින් පොහොසත්. මෙම සංයෝග මගින් අඳුරු වුණු සම යථා තත්වයට පත් කිරීමට උපකාරී වෙනවා.
ඔයාට අවශ්‍ය වෙන්නේ ;
තක්කාලි 1-2 ක්
ලෙමන් යුෂ තේ හැඳි 1 ක්

ඔයා කළ යුතු දේ-
තක්කාලි පේස්ට් එකක් සදා ගන්න. එම පේස්ට් එකට ලෙමන් යුෂ එක කරමින් මිශ්‍ර කර ගන්න.
අඳුරු ප්‍රදේශ වලට විශේෂ අවධානයක් යොමු කරමින් මිශ්‍රණය සමේ අලේප කරන්න. ආලේපනය සීතල වතුරෙන් සේදීමට පෙර මිනිත්තු 15-20 අතර කාලයක් තබන්න.
මෙය සතියකට 1-2 වතාවක් සිදු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.

2. ලෙමන් යුෂ
ලෙමන් කියන්නේ විටමින් C වලින් පොහොසත් ප්‍රභවයක්. ඒ වගේම අඳුරු වර්ණකවල බලපෑම අඩු කරනවා. එමනිසා අඳුරු වර්ණය අඩු කරමින් සමේ පැහැය යථා තත්වයට පත් කිරීමට ඒ උපකාරී වෙනවා.
ඔයාට අවශ්‍ය වන්නේ ;
ලෙමන් 1 ක්
කපු පුළුන් බෝල
ඔයා කළ යුතු දේ -
ලෙමන් ගෙඩියක යුෂ සම්පූර්ණයෙන් ම බඳුනකට මිරිකා ගෙන පිරිසිදු කපු පුළුන් බෝලයක් ආධාරයෙන් සමේ අඳුරු වුණ ප්‍රදේශ වල අලේප කරන්න.
සෝදා හරින්න කලින් මිනිත්තු 15-20 අතර කාලයක් ආලේපනය සමේ තබන්න.

ඔයාට මෙම පිළියම සතියකට 2 වතාවක් කරන්න පුලුවන්.

** ලෙමන් යුෂ සමට තද සංවේදීතාවයක් ඇති කරනවා. ඒ නිසා මෙම පිළියම උත්සාහ කරන්න කලින් ඔයාගේ සමේ පැච් හෝ තුවාල තියෙනවා ද කියලා පරීක්ෂා කරන්න. ලෙමන් යුෂ අලේප කිරීමෙන් පස්සේ පිටතට යන්න කලින් හිරු ආවරණ ආලේපනයක් ආලේප කිරීමට මතක තබා ගන්න.

3. කෝමාරිකා
මෙය ඔබේ සමේ අඳුරු වර්ණක අඩු කරන අතර සමට නිරෝගී දිලිසීමක් ලබා දෙනවා.

ඔයාට අවශ්‍ය වෙන්නේ ;
කෝමාරිකා ජෙල් මේස හැඳි 1 ක්
පිපිඤ්ඤා 1 ක්
මී පැණි මේස හැඳි 1 ක්
ඔයා කළ යුතු දේ ;
පේස්ට් එකක් සදා ගැනීම සඳහා පිපිඤ්ඤා, කෝමාරිකා ජෙල් සහ මී පැණි එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. සමේ අඳුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශවලට අලේප කරලා විනාඩි 20 ක් තබන්න.
පසුව හොඳින් සෝදන්න.
මෙම පේස්ට් එක සතියකට දෙවතාවක් අඳුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශවල ආලේප කරන්න.

4. පැපොල්
පැපොල් සාරය සම මතුපිටින් මිය ගිය සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ හරහා නැවත ඔයාගේ සමේ ස්වාභාවික වර්ණය යථා තත්වයට පත් කර ගන්න පුළුවන්.

ඔයාට අවශ්‍ය වෙන්නේ ;
ඉදුණු පැපොල් 1
ලෙමන් 1
ඔයා කළ යුතු දේ -
පැපොල් ගෙඩිය කැබලි වලට කපලා බ්ලෙන්ඩරයට දාන්න.
පස්සේ ඒ යුෂ ටිකට ලෙමන් ගෙඩියක යුෂ මිරිකලා එක් කරන්න.
මෙම පේස්ට් එක ඔබේ සමේ අඳුරු පැහැ ගැන්වූ තැන් වල ආලේප කරලා විනාඩි 10 ක් තබලා හොඳින් සෝදා හරින්න.

5. මී පැණි
මී පැණි කියන්නේ ඔයාගේ සම මොයිස්චරයිසින් කරමින් සමේ ස්වාභාවික වර්ණය වැඩි දියුණු කරන අමු ද්‍රව්‍යයක්.

ඔයාට අවශ්‍ය වන්නේ ;
ලෙමන් තේ හැඳි 1
මී පැණි මේස හැඳි 1

ඔයා කළ යුතු දේ ;
ලෙමන් යුෂ සමඟ මී පැණි මිශ්‍ර කරන්න.
මෙම පේස්ට් එක ඔයාගේ සමේ අඳුරු පැහැ ප්‍රදේශවල ආලේප කරලා විනාඩි 15-20 අතර කාලයක් තබා සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1886 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:40:04 PM
Script:/article/1886/how-to-get-rid-of-sun-tan.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:40:05 PM
Script:/article/1886/how-to-get-rid-of-sun-tan.html