අධික තරබාරුව ඇති වෙන්නේ මෙන්න ඒ නිසයි

June 5, 2018
8,571
Reason for obesity
තරබාරු බව එහෙම නැත්තන් ස්ථුල බව කියන්නේ කාන්තා පිරිමි කියලා විශේෂයක් නැතුව අද ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටළුවක්. මේ තත්ත්වය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම ගැටළුවක් වුණු දෙයක්.

කොහොමද මේ තරබාරු බව ඇති වෙන්නේ?

ප්‍රධානම හේතුව තමයි අපි ගන්න ආහාර. අපේ ආහාර රටාවේ වැරදි. දෛනිකව අපේ ශරීරයට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීම තමයි මේකට ප්‍රධානම හේතුව වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ දෛනික කැලරි අවශ්‍යතාව වෙන්න කැලරි 1500ත් 3000ත් අතර. මේ ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලබා ගැනීම සහ එම අතිරික්ත ශක්තිය දහනය නොකිරීම නිසයි මේ වගේ මහත් වෙන්න මුලිකම හේතුව.

තරබාරු බවේ අතුරු ප්‍රතිඵල ගැන ඔයා දන්නවද?

තරබාරු බව කියන්නේ ගොඩාක් සෞඛ්‍ය ගැටළු වලට මුල්වන තත්ත්වයක්. තරබාරු බව නිසා දියවැඩියාව, හදවත් රෝග, පිත්තාශයේ ගල් ඇති වීම වගේම ගර්භනී අවදියේදී සිටින කෙනෙක්ට නම් ප්‍රජනනයේදී ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික ආතතිය ඇති වෙන්නත් මේ තරබාරු බව මුලික හේතුවක් වෙනවා.

මේ තත්ත්වයෙන් මිදෙන්න නම් ඔයාගේ ජිවන රටාවේ සැබෑ වෙනසක් ඇති කර ගන්න වෙනවා.

කලිනුත් කිව්වා වගේ ස්ථුල භාවයට ප්‍රධානම හේතුව වෙන්නේ අපේ වැරදි ආහාර රටාව. එය නිවැරදි කර ගැන්මෙන් ස්ථුල භාවය අවම කරන්නත්, ඇති නොවෙන සේ පාලනය කර ගන්නත් පුළුවන්. ඒ නිසා දෛනිකව ශරීරයට අනවශ්‍ය ලෙස ලබා දෙන කැලරි ප්‍රමාණය අඩු කරන්න. එහිදී සීනි හා පිටි සහිත ආහාර සිමා කල යුතුයි. ඒ වගේම මේදය කියන්නෙත් ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. පාන්, රොටි වැනි පිටි සහිත ආහාරත්, ගැඹුරු තෙලේ බැඳ ගන්නා ආහාර සහ පැණි රස කෑමත් අඩු කරන්න.

මේ කිව්වට ඔයාට මේ කියන දේවල් කරන එක ටිකක් අමාරු ඇති. ඒත් ඔයා ඔයාගේ නිරෝගී කමට මුල් තැනක් දෙන්න හිතන කෙනෙක් නම් මේක කරන්න අමාරු වෙන එකක් නැහැ. ඔයාගේ ආහාර වේලට වැඩිපුර ධාන්‍ය වර්ග, එළවලු වර්ග එකතු කර ගන්න. ඒ වගේම නූඩ්ල්ස් වගේ ක්ෂණික ආහාරත්, කෙටි ආහාර ලබා ගැනීමත් සිමා කරන්න.

ඒ වගේම අපි කද්දී බොද්දි කිරලා මැනලා නෙවෙයිනේ කන්නේ. ඒ නිසා අපේ ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය ගැන අපිට හරි අවබෝධයක් නැහැ. ඒ නිසා ශරීරයේ ශක්ති ප්‍රමාණය අසමතුලිත වෙනවා. දෛනිකව ව්‍යායාම වල නිරත වෙන එක ගොඩාක් වැදගත් වෙන්නේ ඒ නිසයි. ඒ මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය සමතුලිතව පවත්වාගෙන යන්න අපිට පුළුවන්. දිනපතා ව්‍යායාම කිරීම, බයිසිකල් පැදීම, වත්තේ පිටියේ වැඩ කිරීම වගේ ඇඟ වෙහෙසන ක්‍රියාවන් වලින් අනවශ්‍ය කැලරි දහනය කර ගන්න ඔයාට පුළුවන්. එහෙම උනොත් බෝ නොවන රෝග වලින් ආරක්‍ෂිත වෙන්නත් ඔයාට අමාරු වෙන එකක් නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 853 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:24:01 AM
Script:/article/853/reason-for-obesity.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:24:01 AM
Script:/article/853/reason-for-obesity.html