ඔබේ වියළි සම සඳහා හොඳම විසදුම් 6ක් මෙන්න

September 29, 2020
20,492
6 solutions for dry skin
ඔයාට තියෙන්නේ අධික වියළි සමක් නම් දැනටමත් ඔයා මේ නිසා ගොඩක් පීඩා විදින කෙනෙක් වෙන්න ඇති. අධික ලෙස සම වියළිම මගින් සම අඳුරු වීමේ ලකුණු පෙන්වීමට පටන් ගන්නවා. ඔයාගේ සමට මොයිස්චරයිසර් වැනි බාහිර අලේප ප්‍රමාණවත් වන්නේ නැහැ. වියළි සම සඳහා මේ ආහාර ලබා ගන්නේ නම්, ඔයාගේ අභ්‍යන්තර සම ආරක්ෂා වේවි. වියළි සම සඳහා සමේ තෙතමනයත් රැක ගන්න පුළුවන් ආහාර සහ බීම වර්ග එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමට කාලය මෙයයි. ඔයාගේ සම දීප්තිමත් කිරීමට හා ගැටළු මග හරවා ගැනීමට, තෙතමනය රඳවා ගැනීමට විසදුම් 6ක් මෙන්න. 

1. ජලය
වියළි සමට ප්‍රතිකාර කිරීමේදී පළමුව වැදගත්ම සාධකය වන්නේ ජලයයි. ජලය ඔයාගේ සෛල සජලනය කරයි, සම වයසට යාම වළක්වා සියලුම සෛල ක්‍රියාශීලීව හා ක්‍රියාකාරීව තබා ගනියි. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා වියලි සම ඇතුළු සමේ ගැටළු බොහෝමයක් නැති කරයි. ඔයාගේ සෛලවල පරිමාව හා හැඩය පවත්වා ගැනීමට දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3 ක් පානය කරන්න. 
වියළි සමට ජලය ප්‍රතිකාර කරන්නේ කොහොමද?
* ඔයා නිරන්තරයෙන් ජලය පානය කිරීමට අමතක වන්නේ නම්, ඔයාගේ දුරකථනයේ මතක් කිරීම් සකසන්න හෝ  නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම හෝ සේවා ස්ථානයේ සටහනක් තබන්න.
* ජල පරිමාව සටහන් කර ඇති වතුර බෝතලයක් පාවිච්චි කරන්න.
* පෙති කපන ලද පලතුරු, ඖෂධ පැළෑටි සහ කුළුබඩු ජලයට මුසූ කර රස බලන්න.

2. අලිගැටපේර
අලිගැට පේර වල විටමින් C, විටමින් E, විටමින් A, විටමින් K, ඔමේගා-3  සහ ෆෝලේට් අඩංගු වෙනවා. මෙම පෝෂ්‍ය පදාර්ථ සමේ පටක අලුත්වැඩියා කිරීමට, සමේ සෛල සජලනය කිරීමට සහ රැළි අඩු කිරීමට උපකාරී වෙනවා.
අලිගැට පේර වියළි සමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
* ඔයාගේ සලාදයට අලිගැට පේර එකතු කිරීමෙන් හෝ අලිගැට පේර ස්මුතියක් පරිභෝජනය කළ හැක.
* ඔයාට මෙය බාහිරව සමට යෙදිය හැක. අලිගැට පේර ගෙඩියකින් 1/4 පොඩි කර එයට යෝගට් සහ මී පැණි එකතු කිරීමෙන් FACE MASK එකක් සකසා ගන්න. මිනිත්තු 20 ක් තබා පසුව ඇල්මැරුණු වතුරෙන් සෝදා මෘදු රෙද්දකින් පිස දමන්න.

3. කෙසෙල්
කෙසෙල් වල විටමින් A, B, C සහ D, niacin, riboflavin, thiamin, තඹ, සින්ක්, යකඩ, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ෆෝලේට් සහ ආහාරමය තන්තු අඩංගු වෙනවා. කෙසෙල් වල ඇති තන්තුමය විෂ ද්‍රව්‍ය පිටතට ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔයාගේ සමේ සෛල පුනර්ජීවනය වේවි. කෙසෙල් නිතිපතා පරිභෝජනය කිරීමෙන් සමට අවශ්‍ය පැහැපත් බව හා සිනිඳු බව ලබා ගත හැක.
අවවාදයයි: ඔයාට වකුගඩු ආබාධ හෝ දියවැඩියාව තිබේ නම්, ඔයාගේ දෛනික ආහාර වේලට කෙසෙල් එකතු කිරීමට පෙර  වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.
කෙසෙල් වියළි සමට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
* දිනකට අවම වශයෙන් එක් කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න. කෙසෙල් භාවිතා කර පිළියෙළ කර ස්මූති, පෑන්කේක්, මෆින්, කේක් උදෑසන ආහාරයට එක් කරන්න.
* මී පැණි තේ හැන්දක හා යෝගට් මේස හැන්දක් සමඟ කෙසෙල් භාගයක් අඹරා ගැනීමෙන් ඔයාට කෙසෙල් ෆේස් පැක් එකක් සදා ගන්න පුළුවන්. මෙය මුහුණේ ඒකාකාරව ආලේප කරන්න. මිනිත්තු 20 ක් තබා ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.

4. ඔලිව් තෙල්
පුරාණ ඊජිප්තුවරුන් ඔවුන්ගේ ආලේපන සඳහා එක් අමුද්‍රව්‍යයක් ලෙස ඔලිව් තෙල් භාවිතා කළා. ඔලිව් තෙල්වල අඩංගු මේද අම්ල සමේ පිටත තට්ටුවේ අඛණ්ඩතාව පවත්වා ගැනීමටත් තුවාල සුව කිරීමටත්, ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති කිරීමටත්, කැළැල් ඇතිවීම වැළැක්වීමටත්, සමේ තෙතමනය පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා. ඔලිව් තෙල් ආලේපනය කිරීමෙන් සම පෝෂණය කිරීමට සහ මෘදු කර ගැනීමට පුළුවන්. පොල්තෙල් තරම් ඇලෙන සුළු නොවන අතර ගන්දයක් නොමැති වීම වාසියක්.
ඔලිව් තෙල් වියළි සමට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
* පිරිසිදු ඔලිව් තෙල් එකතු කර සලාදයක් හෝ ආහාර පිසීමට එය භාවිතා කරන්න.
* ඔලිව් තෙල් සම මතුපිට ආලේප කරන්න. ඔයාට ඔලිව් තෙල් මේස හැඳි 2ක්, කිරි මේස හැඳි 2ක් සහ මී පැණි මේස හැඳි 1 මිශ්‍ර කර සම මත ආලේප කරන්න. මිනිත්තු 30 ක් තබා පසුව ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.

5. බිත්තර
බිත්තර වල විටමින් A, D සහ E, ෆෝලේට්, choline, ප්‍රෝටීන්, ඔමේගා-3 සහ ඔමේගා -6 මේද අම්ල, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස් සහ සෝඩියම් අඩංගු වෙනවා. සම වියලීම වලක්වා ගැනීම සඳහා ඔයා බිත්තර පරිභෝජනය කරන්නේ නම්, බිත්තර කහ මදය අනුභව කිරීමට මතක තබා ගන්න. 
කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමේ හෝ හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් ඇති නම් සීමිත ප්‍රමාණයකින් පරිභෝජනය කරන්න.
බිත්තර වියළි සමට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
* උදේ ආහාරය සඳහා තම්බා ගත් බිත්තර 1-2 ක් පරිභෝජනය කරන්න.  දිවා ආහාරය සඳහා ඔයාගේ සලාදයට හෝ සැන්ඩ්විච් වලට බිත්තර එකතු කරන්න.
* බිත්තර කහ මදය සම මත ආලේප කරන්න. මිනිත්තු 10 ක් තබා ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.

පිපිඤ්ඤා
වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා පිපිඤ්ඤා විශිෂ්ටයි. පිපිඤ්ඤා වල ජලය, විටමින් A, C සහ K, ෆෝලේට්, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සින්ක්, සෙලේනියම්, පොස්පරස්, ඔමේගා-3 මේද අම්ල සහ ආහාරමය තන්තු අඩංගු වෙනවා. පිපිඤ්ඤා වල අධික ජල අන්තර්ගතය නිසා වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා හොඳම ආහාරයකි. සම නිරෝගී කරයි.
පිපිඤ්ඤා සමඟ වියළි සමට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
* පිපිඤ්ඤා පොඩියට කපා ලුණු ස්වල්පයක් ඉස ආහාරයට ගන්න. 
* පිපිඤ්ඤා යන්තම් බ්ලෙන්ඩ් කර මී පැණි සහ කෝමාරිකා ජෙල් තේ හැන්දක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 20 ක් තබන්න. ඇල්මැරුණු වතුරේ සෝදා පිරිසිදු හා මෘදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1849 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:15:10 PM
Script:/article/1849/6-solutions-for-dry-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:15:10 PM
Script:/article/1849/6-solutions-for-dry-skin.html