Tips 08 කින් දිස්නේ ගහන කෙස් කළඹක් ලබා ගන්නේ මෙන්න මෙහෙමයි

August 22, 2018
10,886
8 tips to get a shiny hair
දීප්තිමත් කෙස් කළඹක් කියන්නේ රුවැත්තියකට ආභරණයක් හා සමානයි කියලා ඔයා දන්නවානේ. ඒත් අද ගොඩක් දෙනෙක්ට නිරෝගී වගේම ලස්සන කෙස් කළඹක් දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ගොඩක් කාන්තාවන් කියන දෙයක් තමයි කුමන සේදුම් කාරකය භාවිතා කළත් කෙස් කළඹ ලස්සනට තියා ගන්න බෑ කියලා. ඔයා නොහිතුවාට ඔයාගේ කෙස් කළඹ අවලස්සන වෙන්න විවිධ හේතු සාධක අඩු වැඩි වශයෙන් බලපානවා. අධික උෂ්ණත්වයට තියෙන පරිසරය, වායු සමීකරණය, මානසික පීඩනය හා ආතතිය වගේම ඔයාගේ ආහාර රටාවත් නිරෝගී කෙස් කළඹක පැවැත්මට එක ලෙස බලපානවා. ඉතිං ඔයාගේ හිසකෙස් රෝගි නම් ඔයා දැනටමත් ප්‍රමාද වැඩියි. ඔයා නිසි වේලාවට ඔයාගේ හිසකෙස්වලට සත්කාර කළොත් ඔයාට දීප්තිමත් කෙස් කළඹක් ලබාගත හැකියි.

අද ඔයාට Hadakari තුළින් කියලා දෙන්න යන්නේ ඔයාගේ මුළුතැන්ගෙයි ඉඳලම දිස්නේ ගහන කෙස් කළඹක් ලබා ගන්නේ කොහොමද කියලා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ. එතකොට ඔයාටත් පුළුවන් කිසිම මහන්සියක්, වියදමක් නැතුව ගෙදර ඉදලම දීප්තිමත් කෙස් කළඹක හිමිකාරියක් වෙන්න.

01. බිත්තර

ඔයා හොඳින්ම දන්නා දෙයක් තමයි බිත්තර කියන්නේ ප්‍රෝටීන යහමින් අඩංගු පෝෂකයක්. බිත්තර කන්ඩිෂනර් එකක් විදිහට ඔයා ඔයාගේ හිසකෙස්වලට භාවිත කළොත් ඔයාට දීප්තිමත් වගේම නිරෝගි කෙස් කළඹක් ලබාගත හැකියි. බිත්තර ඕනෑම හිසකෙස් වර්ගයකට සුදුසුයි. ඒ කියන්නේ ඔයාගේ හිසකෙස් වල ස්වභාවය කුමක් වුණත් අඩුවක් නැතුවම අවශ්‍ය පෝෂණය හිසකෙස්වලට ලැබෙනවා. ඔයාගේ හිසකෙස්වල තෙල් අධික නම් ඔයා බිත්තර සුදු මදය විතරයි පාවිච්චි කරන්න ඕනී. විශේෂයෙන්ම ඔයාගේ හිසකෙස් වියළි ස්වභාවයක් ගන්නවා නම් ඔයාට බිත්තර කහ මදය යොදාගත හැකියි. ඔයාගේ හිසකෙස්වල බිත්තර සාරුව ආලේප කර විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා ඉවත් කරන්න. ඔයා දිනපතා භාවිත කරන ෂැම්පු වර්ගයක් තියෙනවානේ. ඉතිං අමතක කරන්නේ නැතුව ඒ ෂැම්පුවලින් යළි හිසකෙස් සෝදා ඉවත් කරන්න. බිත්තරවල අඩංගු පොෂණය ඔයාගේ හිසකෙස් වලට ලැබීමෙන් ඔයාට දීප්තිමත් කෙස් කළඹක් ලබාගත හැකියි.

02. යෝගට්

යෝගට් කාගේත් ජනප්‍රිය ආහාරයක්. ඉතිං ඔයාට යෝගට්වලින් ඔයාගේ කෙස් කළඹේ දීප්තිමත් බව වැඩිකර ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ හිසකෙස්වලට සරිලන ප්‍රමාණයට යෝගට් වෙන් කර ගන්න. පසුව ඔයාගේ කෙස්වල හොදින් යෝගට් ආලේප කරලා විනාඩි 20 ක් පමණ තියලා මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. මුලින් සඳහන් කළා වගේ ඊට පසුව ඔයාට පුළුවන් ෂැම්පු වර්ගයක් භාවිත කරලා හිසකෙස් සෝදන්න. සතියකට දෙවතාවක් විතර මේ සත්කාරය කළාම ඔයාටම ඔයාගේ කෙස් කළඹේ සැබැ වෙනසක් දකින්නට පුළුවන්.

03. ලෙමන් සහ ඔලිව් ඔයිල්

ලෙමන් වගේම ඔලිව් ඔයිල් වලිනුත් ඔයාට පුළුවන් නිරෝගී වගේම ලස්සන කෙස් කළඹක් ලබා ගන්න. ඔයා ලෙමන්, ඔලිව් ඔයිල් සහ ජලය සම සමව ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. මේ විදිහට අවශ්‍ය මිශ්‍රණය සකස් කර ගත්තට පස්සේ ඔයාට පුළුවන් හොඳින් හිසකෙස්වල ආලේප කරන්න. විනාඩි 20 ක් විතර තිබුණට පස්සේ සිසිල් ජලයෙන් සෝදා ඉවත් කර හොඳින් ෂැම්පු කරන්න.

04. වයින් සහ බියර්

ගොඩක් පිරිමි පාර්ශ්වයේ අය නම් මේවා භාවිත කරන්නේ පානයක් විදිහටනේ. ඒත් ඉතිං ඔයාට අද ඉඳලා ඔයාගේ හිසකෙස් ලස්සන කර ගන්න බියර් සහ වයින් යොදා ගන්න පුළුවන්. බියර් ඕනෑම හිසකෙස් වර්ගයකට සුදුසුයි. නමුත් වියළි හිස කෙස් නම් ඔයාට තියෙන්නේ මේ සත්කාරය ඔයාගේ හිසකෙස්වලට ඉතාමත් වැදගත්. බියර් හෝ වයින් ඔයාගේ හිසකෙස් හි ගැල්වුවාට පස්සේ ටික වේලාවක් තිබෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න. පසුව ෂැම්පු කරන්න. සතියකට එක් වරක් පමණ ඔයා මේ සත්කාරය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

05. අලිගැටපේර

ඕනෑම වර්ගයේ කෙස් කළඹකට අලිගැට පේර සත්කාරය කරන්න පුළුවන්. හොඳින් ඉදුණු අලිගැටපේර මේ සඳහා ඔයා තෝරාගත යුතුයි. පසුව ඔයාගේ හිසකෙස්වල හොඳින් ආලේප කර විනාඩි 10 ක් හෝ 15 ත් අතර කාල පරාසයක් තිබෙන්නට හැර සෝදා ඉවත් කළ යුතුයි. මසකට වරක් පමණ ඔයා මේ සත්කාරය කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

06. පොල් තෙල්

ගොඩක් දෙනෙක් පොල් තෙල් භාවිත කරලා කොණ්ඩෙට සත්කාර කරනවානේ. ඉතිං ඔයා ස්නානය කරන්න පැය භාගයකට කලින් හොඳින් හිසකෙස්වල පොල්තෙල් ගල්වන්න. විශේෂයෙන් හිසකෙස් අග හොඳින් පොල්තෙල් ආලේප කරන්න. ඔයාට දිනපතා වුණත් මේ පොල්තෙල් සත්කාරය කළ හැකියි.

07. මී පැණි සහ ඔලිව් ඔයිල්

මී පැණි වගේම ඔලිව් ඔයිල් ඔයාගේ සම පැහැපත් කර ගන්න වගේම හිසකෙස්වල ගුණ දායක බවටත් ඛෙහෙවින් උදව් වෙනවා. ඉතිං ඔයාට කන්ඩිෂනර් එකක් විදිහට ඔලිව් සහ මීපැණි භාවිත කළ හැකියි. මී පැණි ඔයාගේ හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරනවා. මී පැණී සහා ඔලිව් ඔයිල් හොඳින් මිශ්‍ර කර හිසකෙස්මත මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා ඉවත් කරන්න. කෙටි කාලයක් ඔයා මේ සත්කාරය කරනකොට ඔයාට හිතා ගන්න බැරි තරමේ වෙනසක් කෙස් කළඹට ලබාගත හැකියි.

08. ඉදුණු කෙසෙල්

කෙසෙල් ගෙඩි පළතුරක් විදිහට ආහාරයට නොගන්නා කෙනෙක් නැති තරම්. ඔන්න විශේෂයෙන් කාන්තා ඔබේ හිසකෙස්වල නිරෝගී බවට වගේම දිදුලන කෙස් කළඹක් ලබා ගන්න කෙසෙල් භාවිත කළ හැකියි. කෙසෙල්වල විටමින් B, C යහමින් අන්තර්ගත වෙනවා. කෙසෙල්, ඔලිව් තෙල් හා මී පැණි සමග හොඳින් මිශ්‍ර කරගෙන හිසකෙස්වල හොඳින් ආලේප කරන්න. ඔයාගේ හිසකෙස් වියළි නම් ඒ වියළි බව අඩු කරලා හිසකෙස්වලට නිරෝගී හා දීප්තිමත් බවක් ලබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1035 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:24:51 PM
Script:/article/1035/8-tips-to-get-a-shiny-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:24:52 PM
Script:/article/1035/8-tips-to-get-a-shiny-hair.html