ඔබ ඔබටම ආදරය කිරීම පළමු කාර්යය කරගන්න

November 30, 2020
4,728
Make self-love your priority
ප්‍රීතිමත් හා අර්ථවත් ජීවිතයක් ගත කිරීම අපි හැමෝගෙම අවසාන බලාපොරොත්තුවයි. ඒ නිසා ස්වයං ආදරය එහෙමත් නැත්නම් තමන් තමන්ටම ආදරය කරන එක ඒ සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් අද මෙම විෂය පිළිබඳව කරුණු සොයා බලලා වැදගත් වෙන අදහස් කීපයක් ඔයා සමඟ බෙදා ගැනීමට අද හැඩකාරී අපි තීරණය කරා. ඔබ ගැන සර්ව සම්පූර්ණ හැඟීමක් ඇති කර ගැනීම සඳහා ඔයාට අවශ්‍ය ස්වයං-ප්‍රේමයේ මට්ටම ගැන දැනුවත්ද? ඉතින් කොහොමද අපි එ තැනට යන්නේ? ඔබත් ඒ ආදරය සොයනවාද, එහෙනම් මේ ලිපිය කියවලාම බලන්නකෝ ....

ඔයාට ඒක ආරම්භ කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් මෙන්න:

ඔබේ සිහින වලට අරුතක් එක් කිරීමට ශක්තිය ඇති කර ගන්න .
ධනාත්මක ශක්තියක් හා විශ්වාසයක් ඇති කර ගන්න.
ඔයා ප්‍රීතියෙන් හා කෘතඥතාවයෙන් පිරී මුහුණකින් සිටින්න.
සෑම දිනකම අර්ථවත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට උත්සහ කරන්න.
ඔබ ඔබටම ආදරය කරන්න.
සෑම විටම අනිත් අයට දයානුකම්පිත සහ සමාව දෙන කෙනෙක් වෙන්න.
සම වයසේ මිතුරන්ව අගය කරන්න.
ජීවිතයේ අරුත වටහා ගෙන ඔබ ඔබේ තෘප්තිමත් බව වෙනුවෙන් ජිවත් වෙන්න .
ඔයාගේ අරමුණු සාක්ෂාත් කර ගන්න.
කාර්යබහුල කෙනෙකු වෙන්න.
ඔයාගේ සිහින යථාර්ථයක් බවට පත් වෙන දවස වෙනකල්ම උත්සාහයන් අත් හරින්න එපා .
ඔයා තුළ සාමකාමී මනසක් හා කෘතඥපූර්වක හදවතක් ඇති කර ගන්න.
සිත ධනාත්මක සිතුවිලි වලින් පුරවා ගන්න.
සාර්ථක සිහින දැකීමට සුදුස්සෙක් වෙන්න.
ඔයාගේ ශාරීරික සෞඛ්‍ය ගැන ද සැලකිලිමත් වෙමින් නීරෝගී බව දිනෙන් දින වැඩි දියුණු කර ගන්න.
ලෝකයට ඔයා තුළ සැඟවිලා තියන අද්විතීය කුසලතා පිරිනමන්න.
නිර්මාණාත්මක හා නව්‍ය අදහස් අනිත් අය සමඟ බෙදාගන්න.
සැම කෙනෙකුටම ආදරය කරන්න.
සෑම දිනකම තමන්ගේ ජීවිතයට යහපත් වන අලුත් පුරුදු ඇති කර ගන්න.
ඔයා අවට සිටින අයට සතුටක් ලබා දෙන්න.
නිරෝගිමත්ව හා ශක්තියෙන් සිටින්න.
හැමදාම ලොකු දේවල් කරන්න.
ජීවිතයට අර්ථයක් එක් කර ගන්න.

අපි බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි කාමරයේ කැඩපත ඉදිරියේ සිටගත්තාම තමන් දිහා බලන් තමන් ගැනම කනස්සල්ලට පත් වෙන එක. ඒක ඇත්තටම වෙන්න දෙන්න එපා. අපි අදහස් කරන්නේ ඔයාගේ පෙනුම ගැන නෙමෙයි ඔයාගේ සිතුවිලි ගැනයි. අපි හැමෝටම විවිධ ආකාරයේ පිස්සු සිතුවිලි ඇති වෙනවා. ඒ අතර ඒවායින් බොහොමයක් ඉතා ඍණාත්මක ඒවා. අවාසනාවකට මෙන්, අපි බොහෝ දෙනෙක් ඒ සිතුවිලි විශ්වාස කිරීමට තෝරාගෙන ඇති නිසා අපිට අපිවම හඳුනා ගන්න බැරි වෙනවා. මේ ආකාරයට ඔබ සැමවිටම ඔබ තුළ ඇති වෙන ඍණාත්මක සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒවාට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1917 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:49 AM
Script:/article/1917/make-self-love-your-priority.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:49 AM
Script:/article/1917/make-self-love-your-priority.html