ගර්භණී සමයේ පෝෂණයට ඔබ කළ යුතු සහ නොකළ යුතු දේවල්

December 7, 2020
24,917
Things should do and not while you are pregnant
මේ ලෝකයට නව ජීවිතයක් එකතු කිරීම කියන්නේ හැම අම්මා කෙනෙක්ටම නවමු අත්දැකීමක්. ඒ අතරතුර කාලයේදී ඔයාටත් ඔයාගේ කුස තුළ වැඩෙන දරුවාටත් හොඳ පෝෂණයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ කාලයෙදී අම්මා කෙනෙක්ට වැඩි ප්‍රෝටීන් සහ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අවශ්‍යයි. යකඩ, ෆෝලේට්, අයඩින් සහ සින්ක් ආදී පෝෂ්‍ය පදාර්ථ ද විශේෂයෙන් ඕනේ වෙනවා. ඒ වගේම “දෙදෙනෙකුට ආහාර ගැනීම” යන පැරණි කියමන ගැන ද ඔබ අසා ඇති. නමුත් ඇත්තටම ගැබ් ගැනීමකදී දෙගුණයක් ආහාර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. පුදුමයට කරුණ තමයි ගර්භණී සමයේදී ඔයාට අමතර ශක්තිය අවශ්‍ය වන්නේ පෙරට වඩා සුළු ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඔබේ අවධානය යොමු වෙන්න ඕනෙ පෝෂ්‍යදායී ගුණයන්ගෙන් පොහොසත් ආහාර අනුභව කරන්නයි. ගර්භණී සමයේදී මවක් අනුභව කරන ආහාර දරුවාගේ වර්ධනයට සහ පසුකාලීනව දරුවාගේ සෞඛ්‍යයටද බලපාන බව පර්යේෂණවලින් සොයා ගෙන තියෙනවා .

එහෙනම් ගර්භණී කාලයේදී පෝෂණය සම්බන්ධයෙන් කළ යුතු සහ නොකළ යුතු දෑ මෙන්න:

කල යුතු දේවල් :

වැඩිපුර කැල්සියම් අනුභව කරන්න: ( කොළ පැහැති එළවළු, රනිල කුලයට අයත් බෝග, බීජ, කිරි)
වැඩිපුර විටමින් ඩී ලබා ගන්න: ( උදෑසන හිරු එළියට නිරාවරණය වීම සහ කිරි )
යකඩ සහිත ආහාර ගන්න: ( කොළ පාට එළවළු, ධාන්‍ය වර්ග සහ සත්ත්ව නිෂ්පාදන )
ආහාර වල සින්ක් ප්‍රමාණය වැඩි කරන්න: ( රනිල කුලයට අයත් බෝග, නට්ස් , ධාන්‍ය වර්ග සහ සත්ත්ව ආහාර )
B12 අඩංගු ආහාර ගන්න: ( සත්ත්ව ආහාර සහ අතිරේක )
ප්‍රමාණවත් ෆෝලික් අම්ල ලබා ගන්න: ( කොළ පාට එළවළු සහ රනිල කුලයට අයත් ආහාර )
ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න.

නොකළ යුතු දේවල්

මාළු අධිකව කන්න එපා
මත්පැන් සහ දුම්කොළ පරිභෝජනය කරන්න එපා
අධික ලෙස ලුණු, සීනි යොදා සකස් කර ඇති මස් වර්ග අනුභව කරන්න එපා
අමු බිත්තර, මුහුදු ආහාර අනුභව කරන්න එපා
කෘතිම රසකාරක භාවිතා කරන්න එපා
සෝඩා පැණි බීම


ගර්භණී සමයේදී ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරා ගැනීම ඔයාට ද සහ දරුවාට ද ප්‍රයෝජනවත් වෙනවා. පලතුරු හා එළවළු බහුල ආහාර කාණ්ඩ පහක් සහ දිනපතා කිරි ආහාර 3 ක් ඇතුලත් කර ගත් ආහාර වේලකින් දිනකට අවශ්‍ය වෙන පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න ඔබට උපකාරී වෙනවා. වැඩිදුර ආහාර උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ ආහාරවේදියෙකුගෙන් උපදෙස් අරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1925 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:49 AM
Script:/article/1925/things-should-do-and-not-while-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:50 AM
Script:/article/1925/things-should-do-and-not-while-you-are-pregnant.html