ඔයාගේ දරුවා තවත් දරුවෙක් එක්ක කවදාවත් සංසන්දනය කරන්න එපා

October 24, 2019
9,457
Never compare your child with others
කෙකෙකු අභිබවා තවෙකෙකු ඉස්සර කරන්න අපිට තියෙන්නේ පුදුම ආශාවක්. විශේෂයෙන්ම වැඩිහිටියන් අතින් මේ වෙන වැරැද්දට හැමදාම වගේ පීඩා විඳින්නේ පුංචි දරුවන්. දෙමාපියන්ගේ ආශාව, ලොකුම හීනය වෙන්නේ දරුවන්ගේ අනාගතය ලස්සන කරන එක තමයි. එහෙමයි කියලා දරුවන්ව තවත් කෙනෙකු මත යැපෙන්න පුරුදු කරන්න එපා. ඔයාගේ දරුවා තවත් දරුවෙක් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයාට අද අපි මේ කියන්න යන දේ ඔයත් සමහර විට කරනවා ඇති. එහෙමත් නැත්තම් අම්මලා තාත්තලා එහෙම කියනවා කරනවා ඔයාට දැකලත් ඇති.

අතේ ඇඟිලි පහම එක විදිහට නෑ කියලා ඔයා කොච්චර කිව්වත් වැඩක් නෑ. මොකද එහි තේරුම දැන දැනම ඔයා ඔයාගේ දරුවන්ට මේ වැරැද්ද කරනවා. විශේෂයෙන්ම ඔයාගේ පොඩ්ඩොන්ට. ඔයාගේ දරුවා තවත් දරුවෙක් එක්ක සංසන්දනය කරන වැරැද්ද කරන්න යන්න එපා. මොකද ඒක ඔයාගේ දරුවාගේ ජීවිතේට කරන ලොකුම වැරැද්ද බවට පත් වෙනවා. හැඩකාරි අපි ඔයාට එහෙම කියන්නේ ඇයිද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

ඔයාගේ දරුවා තුළ මානසික ආතතියක් ඇති විය හැකියි

ඔයා දරුවාගේ අඩුපාඩු වෙනත් දරුවන් ඉදිරියේ කියනවට දරුවෝ කැමති වෙන්නේ නෑ. පොඩි දරුවන්ට හරි වැරැද්ද වගේම ඔයා කියන්නේ මොකක්ද කියලා තර්ක විතර්ක කරලා තේරුම් ගන්න හැකියාවක් නෑ. අනික ඔයාගේ පොඩ්ඩාගේ හැකියාවන් අනිත් දරුවන්ට වඩා වෙනස්. හැම දරුවෙක්ට වෙන් වු හැකියාවන් දක්ෂතාවන් තියෙනවා. ඒවා එකිනෙක හඳුනා නොගෙන ඔයා කරන්නේ තවත් දරුවෙක්ගේ හොඳ ඔයාගේ දරුවා ඉදිරියේ කියලා ඔයාගේ දරුවා අපහසුතාවට පත් කරන එක නම් එයින් ඔයාගේ දරුවා පාඩමක් නෙමෙයි ඉගෙන ගන්නේ. නිරන්තරයෙන් ඔයා මේ වැරැද්ද කිරීමෙන් ඔයාගේ දරුවා ආතතියට පත් විය හැකියි.

දරුවා තුළ පරාජිත සිතුවිලි ඇති විය හැකියි

ඔයාගේ දරුවා තුළ තියෙන හැකියාවන් හඳුනා නොගැනීම දරුවාගේ වැරැද්ද නෙමෙයි. ඒ වැරැද්ද ඔයාගේ . මොකද වෙන දරුවෙක්ගේ හැකියාවන් ඔයා කොච්චර අගය කළත් වැඩක් වෙන්නේ නෑ. ඔයා වෙන දරුවන්ගේ හැකියාවන් අගය කරාට කමක් නෑ. ඒත් ඔයාගේ දරුවා අපහසුතාවට පත් වෙන විදිහට ඒ අගය කිරීම කරන්න එපා. එතකොට ඔයාගේ දරුවා තුළ ඇති වෙන්නේ පරාජිත හැඟීමක්. ඔවුන් නිතරම හිතනවා තමන් අසාර්ථකයි කියලා. නිරන්තරයෙන් ඔයා කළ යුත්තේ ඔයාගේ දරුවාගේ පොඩි හැකියාව වුණත් උදාසීන වෙන විදිහේ දෙයක් නෙමෙයි දරුවා දිරිමත් වෙන දෙයක්.

දරුවා සමාජයට සමග ගණදෙනු කිරීමට ලැජ්ජා වීම

ඔයාගේ දරුවා ඇත්තටම පිරිසක් ඉදිරියේ අපහසුතාවට පත් වීමෙන් සමාජය සමග ගණදෙනු කිරීමට බියක් ලැජ්ජාවක් ඇති විය හැකියි. මේ වැරැද්ද කරන්නේ ඔයා විසින්මයි. ඔයා දරුවාගේ පරාජයන්, නොහැකියාවන් ප්‍රසිද්ධියේ කියන විට දරුවෝ කැමති නෑ එවැනි සමාජයක යළි ගණදෙනු කරන්න. ඒ විතරක් නෙමෙයි යාළුවෝ වුණත් එතකොට ඔයාගේ දරුවා දිහා බලන්නේ වෙනත්ම කෝනයකින්. ඒය දරුවාගේ පෞර්ෂත්වයට බාධාවක්.

දරුවාගේ කුසලතා, හැකියාවන් ප්‍රගුණ නොවීම

ඕනෑම දරුවෙක්ට සහජයෙන් හිමි වු හැකියාවන් කුසලතාවන් තියෙනවා. මේ හැකියාවන් ඔයා නිසි ලෙස හඳුනා ගත්තොත් ඔයාගේ දරුවාව තවත් පිරිසක් ඉදිර්යේ කවදාවත් අසරණ කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා දරුවා නිරන්තරයෙන් අධෛර්යමත් කළොත් සිදු වෙන්නේ දරුවා තුළ තියෙන හැකියාවත් යටපත් වීමයි. ඒ විතරක් නෙමෙයි දරුවෝ නිරන්තරයෙන් පසුබට වෙනවා තමන්ගේ හැකියාවන් කුසලතා ප්‍රදර්ශනය කරන්න.

අනෙක් දරුවන් සමග වෛරයක් ඇති විය හැකියි.

ඔයා නිතරම කියන්නේ වෙනත් දරුවන්ගේ දේවල් නම් එයින් ඔයාගේ පොඩ්ඩට අනෙකුත් යහලූ හිතමිත්‍රයින් කෙරෙහි වෛරයක් ඇති වෙනවා. ඒක ඔයාගේ දරුවන්ගේ ජීවිතයට යහපත් දෙයක් නෙමෙයි. අනිත් දරුවා නිතරම තමන්ට වඩා හොඳයි කියලා ඔයා ඔයාගේ දරුවට වැරදි කියනකොට ඔයාගේ දරුවා අනිත් දරුවන්ට වෛර කරනවා. ක්‍රෝධ කරනවා.

පුංචි දරුවන් එක්ක අපි ගණදෙනු කරන්න ඕනි හරි පරිස්සමට. මොකද පුංචි පසු තැවීමක් දරුවන්ගේ මු ජීවිතයටම කරන බලපෑමක් විය හැකියි. ඒ නිසා කිසිම අවස්ථාවක තවත් පිරිසක් ඉදිරියේ එහෙමත් නැත්තම් තවත් දරුවන් පිරිසක් ඉදිරියේ ඔයාගේ දරුවාගේ අසාර්ථක බව හෝ නොහැකියාවන් ගැන කතා කරන්න එපා. හැම වේලාවෙම උත්සාහ කරන්න දරුවාව උනන්දු කරලා අඩුපාඩු පෙන්නලා දීලා දරුවාගේ හැකියාවන් ඔප්නන්වන්න. එහහෙම නොවුණොත් ඔයාට අවසානයට ඉතිරි වන්නේ පසුතැවීමක් විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1430 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:59 AM
Script:/article/1430/never-compare-your-child-with-others.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:59 AM
Script:/article/1430/never-compare-your-child-with-others.html