දරුවාගේ දත් කහ පාට වන්නේ ඇයි? ඒ සඳහා කළ හැක්කේ කුමක් ද?

April 18, 2021
26,324
Why are children’s teeth yellow and what can we do about it?
දෙමාපියන් ලෙස අපට දරුවාගේ සිනහවක් තරම් කිසිවක් අපට විට වටින්නේ නැහැ.. ඒත් ඒ හිනා වෙන දරුවාගේ දත් කහපාට වෙලා නම් ඔබට දුක හිතෙනවා නේද.. ඇත්තටම මෙසේ කහපාට වීමට යම් යම් හේතු බලපාන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය මගහරවා ගන්න අපට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. හැඩකාරි වෙතින් අද අපි කතා කරන්නේ කුඩා දරුවන්ගේ දත් කහ පාට වීම සම්බන්ධවයි.

දත් කහ පාට වීමට බලපාන කරුණු..

ඇත්තටම කුඩා දරුවන්ගේ දත් වැඩිහිටි අයගේ දත් වලට වඩා සුදු පැහැයෙන් වැඩියි. දරුවා වයසින් වැඩිවන විට ඔවුන්ගේ කිරි දත් වැටී දත් වර්ධනය වීම සිදුවෙනවා. මෙසේ වැඩෙන දත්වල සුදුගතිය මුලින් තිබූ දත්වල පැහැයට වඩා අඩුයි. මෙසේ වන්නේ වැඩිහිටි දත්වල දන්තිනය වැඩි ප්‍රමාණයක් ඇති නිසා තමයි පැහැය යම් ප්‍රමාණයක් අඩුවෙන් දිස් වන්නේ. දරුවාගේ දත් සියල්ල පැමිණි පසු මෙම කහ පැහැති බව එතරම් දකින්න ලැබෙන්නේ නැහැ.

දත්මත බැදෙන පටලය
බොහෝ විට දරුවාගේ දත් ප්‍රමාණවත් පරිදි පිරිසිදු නොවීමත් මෙයට හේතුවක්.. ඒ වාගේම දරුවාට ලබාදෙන ආහාර සහ බීම වර්ග වල බලපෑමත් දත් කහ පැහැ වීමට බලපානවා.. දිනපතා නිසි පරිදි දත් පිරිසුදු නොකිරීමෙන් දත්මත බැදෙන පටලය මගින් දත් දුර්වර්ණ වීම සිදුවනවා..

දත් කුහර
දරුවාගේ දත් දිරාපත් වීමත් සමඟ දත් වල අඳුරු ලප ඇති වී ඒවා වර්ධනය වීමෙන් කුහර තත්ත්වයක් ඇතිවනවා. ඔබේ දරුවාගෙත් දත්වල මෙවැනි තත්ත්වයක් දැකිය හැකි නම් වහාම දන්ත වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්යයෙන් කරන්න.

තුවාල
යම් අනතුරක් මගින් හෝ දරුවාගේ දත්වල තුවාල ඇති වුවහොත් හෝ දත් ආශ්‍රිත රුධිරවාහිනී කැඩී යාම මගින් දතේ එනමලයට හානි වීමෙන් දත් අවපැහැ වන්න පුළුවන්.

ජානමය බලපෑම
ඔබ දැක ඇති ඇතැම් පුද්ගලයින්ගේ දත් ස්වභාවයෙන්ම අව පැහැයක් ගෙන තිබීම. සාමාන්‍යයෙන් දත්මත ඇති එනමලය මගින් දත ආරක්ෂා කර එයට සුදු පැහැය දීම සිදුවනවා.. නමුත් ජානමය බලපෑම සහ ඇතැම් පුද්ගලයින්ගේ එනමලය තුනී පටලයක් ලෙසයි පිහිටා තිබෙන්නේ.. එවිට අප ගන්නා ආහාරපාන වල බලපෑමෙන් වගේම නිසිපරිදි දත් පිරිසිදු නොකිරීමේන් එනමලයට හානි සිදුවීමෙන් දත් අවපැහැ වීම සිදුවෙනවා..
දරුවාට පිටතින් ලබාදෙන අතිරේක
දරුවන් ඉතා කුඩා වයසේදි ඔවුන් සඳහා ලබාදෙන ආහාර අතිරේක මගින්ද දත් මත අවපැහැයක් ඇතිවීම සිදුවෙනවා.. උදාහරණයක් ලෙස දරුවාට ලබාදෙන යකඩ (Iron) අතිරේකය මගින් බොහෝවිට කුඩා දරුවාගෙ දත් අලු/ කලු පැහැයට හැරෙනවා..
ඒ වගේම දරුවාගේ දත් වලට ෆ්ලෝරයිඩ් වැඩි වශයෙන් ලැබීම මගින් ඇතිවන Fluorosis තත්වය මගින්ද දත් මත සිදුරු ඇතිකර දත් අවපැහැයට ලක්කරනවා.. මෙය සිදුවන්නේ ෆ්ලෝරයිඩ්, ජලය මගින් හෝ දන්තාලේප ගිලීම මගින් හෝ පෝෂණ අතිරේක එක් කල ආහාර මගින් හෝ වැඩිපුර ශරීරගත වීම නිසායි.
රෝග තත්ත්ව මගින්
හෙපටයිටිස් (Hepatitis) සහ සෙංගමාල (jaundice) රෝගී තත්ත්වයන් සඳහා ගනු ලබන ඖෂධ වල බලපෑම් නිසා කුඩා දරුවන්ගේ දත් අවපැහැවීම සිදුවෙනවා.එමෙන්ම ගර්භණී සමයේදී මව විසින් ලබාගනු ලබන ඖෂධ වල බලපෑම මත සහ ඉතා කුඩා වූ බිළිඳු අවධියේ යම් රෝගී තත්ත්වයක් උදෙසා දරුවන්ට ලබාදෙන ඖෂධවල බලපෑම මගින් ද කුඩා දරුවාගෙ දත් අවපැහැයට ලක්වන්න පුළුවන්.

දරුවාගේ දත් අව අවපැහැවීමට නිවසේදී කරන්න පුළුවන් ප්‍රතිකාර..

මනා මුඛ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම
පළමු කාරණාව තමයි ඔබගේ දරුවාගේ පළමු කිරි දත පැමිණි දා සිටම දත් පිරිසුදු කිරීම. කුඩා කල සිටම දරුවාට දිනකට දෙවරක් දත් මැදීම කියාදෙන්න. සීනි හෝ ආම්ලික දෙයක් දුන් පසුවත් යක්ඩ වැනි අතිරේකයක් ලබා දුන් පසුවත් පැය භාගයක් ගතවීමට පෙර දත් පිරිසුදු කරන්න. ෆ්ලෝරෝසිස් (fluorosis) තත්ත්වය මග හරවා ගැනීමට දන්න්තාලේප ඉතා කුඩා ප්‍රමාණයක් දරුවා සඳහා භාවිතා කරන්න.

2. ලෙමන් සහ බේකින් සෝඩා ආලේපය
සතියකට වතාවක් ලෙමන් සහ බේකින් සෝඩා එකට මිශ්‍රකර දරුවාගේ දත් මදින්න.. නිතර ලෙමන් යුෂ වැනි ආම්ලික භාවිතය මගින් දරුවාගේ එනමලයට හානි සිදු කරන බැවින් සතියකට වතාවක් පමණක් සිදු සිදුකරන්න.

3. හොඳ ආහාර පුරුදු
දරුවාට හොඳින් හපා කෑමට හැකි එළවළු සහ පලතුරු ගැනීමට උනන්දු කරවන්න.. එම ආහාර සෞඛ්‍ය ආරක්ෂිත වනවා පමණක් නොව සපාකෑම මගින් දරුවාගේ දත් පිරිසිදු වීමත් සිදුවෙනවා. ඒ වගේම පැණි රස අඩංගු බීම වර්ග වැනි ආහාර මඟින් ආහාර දත් දුර්වර්ණ වීම සිදුවනවා.
4. දන්ත වෛද්‍ය ප්‍රතිකාර
ඉහත ක්‍රම සහ දත් නිසි පරිදි මැදීම මගින් මෙයට යම් විසඳුමක් ලැබුණේ නැත්නම් ඔබට කරන්නට පුළුවන් සුදුසුමම පියවර තමයි පිළිගත් දන්ත වෛද්‍යවරයකු හමු වීම.
5. බ්ලීච්කිරීම
වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඔබට මේ සඳහා යොමු වීමට හැකියි. දරුවාට වයස අවුරුදු හයක් සම්පූර්ණ වූ පසු බොහෝ විට වෛද්‍යවරුන් මෙම ක්‍රමය නිර්දේශ කරනවා.
6. බ්ලීච් සමඟ මයික්‍රොබ්‍රේෂන්
මෙම ක්‍රමයේදී සාමාන්‍ය බ්ලීචින් කිරීමට වඩා බ්ලීච් සමඟ මයික්‍රොබ්‍රේෂන් දත් මත ක්‍රියාකාරී වේ. අඳුරු පැල්ලම්, දුඹුරු ලප, සුදු පැහැ ලප ඉවත් කිරීමට බොහෝ විට දන්ත වෛද්‍යවරුන් මෙම ක්‍රමය නිර්දේශ කරනවා.

බොහෝවිට මෙම සියලු ක්‍රම වලට වඩා වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නිසි පරිදි දන්ත සෞඛ්‍ය ගැන ක්‍රියාමාර්ග ගැනීමෙන් දත්වල ඇතිවන බොහෝ ආබාධ මගහරවා ගැනීමට හැකි බවයි. විශේෂයෙන් දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීම ඔවුන් නිර්දේශ කරනවා. ඒ සඳහා සුදුසු දත් බුරුසුවක් භාවිතයත්, ඒ සඳහා ගත කරන කාලසීමාවත් ඉතා වැදගත්. දෙමව්පියන් මුහුණදෙන විශාලම ගැටලුවක් තමයි දරුවන් දත් මැදීම ප්‍රතික්ෂේප කිරීම ඒ සඳහා ඔවුන් පෙළඹවීමට ඔබට යම් යම් උපක්‍රම භාවිතා කරන්නත් පුළුවන්.

*නැවුම් එළවළු පලතුරු ආහාරයට ලබාදීම
* සීනි සහිත ආහාර ලබාදීම සීමා කිරීම.
* දිනකට දෙවරක් දත් මැදීම සඳහා ඔවුන් උනන්දු කිරිමට අලංකාර දත් බුරුසුවක් ලබා දී නිවසේ සියලු දෙනා දරුවාට පෙනෙන ලෙස එක වෙලාවක දත් මැදීමට යොමු වීම
* ඔහුට හෝ ඇයට තෑගි දෙන බවටත්, නැතිනම් අලංකාර ස්ටිකරයක් වැනි දෙයක් ලබාදෙමින් උනන්දු කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1965 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:09 AM
Script:/article/1965/why-are-children-s-teeth-yellow-and-what-can-we-do-about-it.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:55:09 AM
Script:/article/1965/why-are-children-s-teeth-yellow-and-what-can-we-do-about-it.html