ඇදුම රෝගය කියන්නේ මොකද්ද?

May 22, 2019
14,911
What is asthma?
ශ්වසන රෝග අතර ප්‍රධානතම රෝගයක්‌ වන්නේ ඇදුම රෝගී තත්වයයි. ඇදුම රෝගය නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. දියුණු රටවල මහජනතාවගේ අවධානය මෑතක සිට ඇදුම රෝගය කෙරෙහි යොමු වී තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ නාගරිකව ජීවත්වන ළමුන් හතරකින් එක් අයෙකුට ඇදුම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇති වීමයි. ඇදුම රෝගයෙහි රෝග ලක්ෂණ ඉතා සුලු රෝග ලක්ෂණයන්හි සිට මාරාන්තික ජීවිතය අවධානමකට ලක්කරන රෝග ලක්ෂණයන් දක්වා වුවද ඇතිවිය හැකියි. ජීවත් වන වටාපිටාවේ සිදු කර ගනු ලබන වෙනස් වීම් මගින් සහ ඖෂධ මගින් මේ රෝග තත්වය පාලනය කිරීමට පුලුවන්. අද හැඩකාරී අපි මේ ලිපියෙන් ඔයාට ඇදුම රෝගය ගැන කරුණු කියන්නයි යන්නේ.
 
ඇදුම රෝගය යනු කුමක්ද?

ඇදුම රෝගය ඕනෑම වයසක ඇති වෙන්න පුලුවන්. කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට ඇදුම රෝගය වැළදීමේ ප්‍රවණතාවය සාපේක්ෂව වැඩියි. කුඩා ළමුන්ට ඇදුම රෝගය නැවත නැවතත් මතු වීම සිදු කරනුයේ වෛරස් ආසාදනයක් නිසා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව නිසාවෙනි. ශ්වාස නාලයේ සංකෝචනය වීම, ආසාදනය වීම හා අධිකව ස්‍රාවයන් නිකුත් කිරීම නිසා ඇතිවන කල් පවත්නා රොගී තත්වයකි. ශ්වාසනාලයන් සංකෝචනය වීම හේතුවෙන හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වීම, පපුවේ ඇති වන රූං රූං ශබ්දය, හති ස්වභාවය, පපුව හිරවීම හා කැස්ස ඇති වෙනවා. නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වී මරණයට පත් වීම පවා සිදු වෙනවා. 

ඇදුම රෝගය ලක්ෂණ 

ඇදුම රෝගයේ මුල් කාලිනව හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ ඇතිවන හති ස්වභාවය, හුස්ම ගැනීමේදී ශබ්දයක් පිටවීම, කැස්ස ඇති වීම වැනි ලක්ෂන පෙන්නුම් කරනවා. පසු කාලීනව හතිය, ප්‍රාශ්වාසය දීර්ඝ වීම, හෘද ස්පන්දන වේගවත් වීම, වෙද නලාවට ඇසෙන පෙනහලුවල ශබ්දය, ආශ්වාසයේදී දුර්වල වන සහ ප්‍රශ්වාසයේදී ශක්තිමත් වන නාඩි වැටීමේ ක්‍රියාවලිය සහ උරස් කුහරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිම්බී තිබීම දැක ගන්න පුළුවන්. ඇදුම රෝගයේ උච්චතම අවස්ථාවකදි ඇදුම රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් හිඟ වීම නිසා රෝගියා‍ නිල් පැහැති වේ. තවද පපුවේ වේදනාව ඇති විම හා සිහි නොමැති වීම සිදු වෙනවා. සිහිය නොමැති වීමට සුලු වේලාවකට ප්‍රථම අත්වල හා පාදවල හිරිගතියක් ඇති වීම සහ දහඩිය දැමීම සිදු වෙන්න පුළුවන්. මෙමගින් රෝගීන්ගේ දෙපා අයිස් මෙන් සීතල ගතියක් දැනෙනවා.

ඇදුම ඇති වන්නට හේතු වන කාරණා අතර,
දුම් කොළ දුම සහ වාහන වල දුම 
සිසිල් හෝ රස්නය ඇති වාතය 
සුවද විලවුන් වර්ග  
සුරතල් සතුන්ගේ ලෝම  
ව්‍යායාම් කිරීම  
මානසිකව ආතතිය
පරිසර දූෂණය
කාලගුණ වෙනස් වීම් ප්‍රධානයි.

ඇදුම රෝගීන් පරිස්සම් වෙන්න නම්,
ඔයා නිතර දෙවෙලේ දුම් පානයට හුරු වෙලා තිබෙනවා නම් දුම් පානය අඩු කරන්න.
සැර ආහාර වර්ග ලබා ගැනීමෙන් වලකින්න.
පාන්දර අවදි වීමෙන් සහ රාත්‍රියේ නිදි මැරීමෙන් වලකින්න.
උණු වතුර පානය කරන්න. 
ගෙදර අස්පස් කර පිරිසිදුව තියා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1335 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:34 AM
Script:/article/1335/what-is-asthma.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:34 AM
Script:/article/1335/what-is-asthma.html