දරු ප්‍රසූතියට පෙර විටමින් ආරම්භ කළ යුත්තේ කවදාද?

June 6, 2021
14,823
When do you have to start prenatal vitamins?
ඔබත් මේ වන ව්ට දරු ප්‍රසූතියකට සූදානමින් ඉන්නවා වෙන්න ඇති.. එහෙමත් නැතිනම් දරු පැටියකු සාදා ගැනීම පිළිබදව සැලසුම් කරමින් ඉන්නවා ඇති.. ගැහැණු ළමයින්ගේ සුන්දර හීනයක් තමයි අම්මා කෙනෙක් වීම.. ඉතින් ඔබ දන්නවා ගර්භනී සමයේදී ඔබට සහ කුස සිටින දරු පැටියාට අවශ්‍ය පෝශණය ආහාර පාන මගින් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නැති බව.. රජයේ මාතෲ සායන මගින් සහ පුද්ගලික අංශයේ වෛද්‍යවරුන් විසින් මෙසේ මවට සහ දරුවාට අවශ්‍ය විටමින් සහ පෝශක වර්ග ලබා දෙනවා.. නමුත් ඔබ දන්නවාද සමහර විටමින් වර්ග දරුවකු පිළිබඳව සැලසුම් කරනා අවදියේ සිටම ලබාගත යුතු බව.. ඒ වගේම ගර්භණි සමයේ මුල් තෙමස තුල අනිවාර්‍යෙන් ලබාගත් යුතු විටමින් වර්ග තිබෙනා බව.. ඉතින් හැඩකාරි පහත ලිපියෙන් බලාපොරොත්තු වෙනවා ගර්භනී සමයේදි සහ එයට පෙර, පසු මව ලබාගත් යුතු විටමින් හා පෝශක පිළිබදව දැනුවත් කරන්න..

ගර්භනී සමයේ දී ඔබට ලබාගත හැකි ඖෂධ පිළිබඳ සීමාවන් රාශියක් ඇති නමුත් එම කාලසීමාවේදී ඔබ අනිවාර්යයෙන් ලබා ගත යුතුයි විටමින් සහ පෝෂක වර්ග තියෙනවා.. නිරෝගී දරු උපතක් සඳහා ඔබටත් දරුවාටත් අවශ්‍ය පෝෂපදාර්ථ ලබා ගත යුතු වනවා.. බොහෝ විට මෙය අප ගන්නා ආහාර මගින් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නැහැ. එම නිසා බොහෝ විට වෛද්‍යවරුන් දරුවා පිලිසිඳ ගැනීමට පෙර ලබාගත ගත යුතු විටමින් වර්ග පිළිබඳව සහ ඉන්පසුව ලබාගත් යුතු විටමින් වර්ග ඔබට නියම කරනවා.

ඔබ දරු ප්‍රසූතියට පෙර විටමින් ගැනීම ආරම්භ කළ යුත්තේ කවදාද?

බොහෝවිට විවාහ අපේක්ෂිත යුවලක් වෛද්‍යවරයකු හමු වී ඔවුන් ලබා ගතගත යුතු උපත් පාලන ක්‍රම පිළිබඳව උපදෙස් පතනවා.. බොහෝ විට වෛද්‍යවරයා විසින් ඔබ දරුවකු පිළිබඳ බලාපොරොත්තු තබා ගත් පසු එහෙමත් නැතිනම් ඔබ උපත් පාලන ක්‍රමය නැවැත්වූ පසු සිටම ලබාගත යුතු යම් යම් විටමින් වර්ග පිළිබඳව ඔබ දැනුවත් කරනවා. එහෙමත් නැතිනම් ඔබගේ මාසික ඔසප් වීම නැවතී ඔබ ගර්භනී වී ඇති බව සනාථ කරගත් පසු වෛද්‍යවරුන් විසින් ඔබ ලබාගත යුතු විටමින් වර්ග ලබාදෙනවා.. පූර්ව ප්‍රසව ප්‍රථිකාරය යනු එසේ දරුවකු පිළිබද සැලසුම් කරන අවදියේ සිට ඔබ ලබාගත් යුතු පෝෂණය නිසි පරිදි ලබාගැනීමයි.

ඔබ ගැබ් ගැනීමට පෙර ඒවා ලබාගත් යුත්තේ ඇයි..?

ඔබගේ කුස තුල ස්ථාපිත කුඩා කලලය (little fetus) ඔබගේ ශරීරයෙන් බොහෝ දේවල් ලබාගන්නවා.. කළලයේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂක ලබා ගන්නේ මවගේ ශරීරය මඟිනි. විශේෂයෙන් මුල් තෙමස තුළ දී කලලය වේගයෙන් පෝෂ පදාර්ථ ලබා ගැනීම සිදු කරනවා. එවිට ඔබට ඔක්කාරය, වමනය, කරකැවිල්ල වැනි උදැසන අසනීප තත්ත්වයන් සහ අමතකවීම් තත්ත්වයන් ඇති කරනවා. ගැබ් ගැනීම්ට පෙර සිට අවශ්‍ය විටමින් වර්ග ලබා තිබීම මගින් කලලය වර්ධනයට අවශ්‍ය පෝෂ පදාර්ථ ඔබගේ සිරුර තුළ ගබඩාවී පවතිනවා.

ගර්භනී සමයේ පළමු තෙමස සඳහා වඩාත් වැදගත් පෝශ්‍ය පදාර්ථ මොනවාද?

ගර්භණීනී සමයේදී මවට සහ දරුවාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සමතුලිතව සිරුර තුළ තබා ගැනීම වැදගත් වන නිසා පහත විටමින් වර්ග ගර්භනී සමයේ මුල් මස තුළ අනිවාර්යයෙන් ලබාදීම දකින්න පුළුවන්.. එයින් බොහොමයක් වෛද්‍යවරුන් විසින් ගැබ් ගැනීම සැලසුම් කරන අවධියේ සිටම ලබාගන්නා ලෙසත් උපදෙස් ලබා දෙනව..

1. ෆෝලික් අම්ලය - Folic acid
ගර්භනී සමයේ මුලදී ලබාගන්නා වැදගත්ම විටමින් වර්ගය ලෙස විටමින් B හඳුන්වන්න පුලුවන්.. දරුවාගෙ ස්නායුක නළය, මොලය සහ කොදු ඇට පෙළ නිර්මාණයට අවශ්‍ය පෝෂනය ලබාදීම මෙහි ප්‍රදාන කාර්හභාරයයි. ෆෝලික් අම්ල අතිරේකය සෞඛ්‍ය සම්පන්න ස්නායුක නල වර්ධනය වීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස වැඩි කරනු ලබනවා.. එමනිසා ෆොලික් අම්ලය නිසි වේලාවට ලබාගැනීම ඉතා වැදගත්. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් දරුවකු සැලසුම්කරණ කාලසීමාවේදී කාන්තාවක් විසින් දිනකට ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 400ක් පමණ ලබාගන්නා ලෙස උපදෙස් දෙනවා.. ගැබ් ගැනීමෙන් පසු ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 600 ක් පමණ දිනපතා ලබාදෙනවා.

2.යකඩ - Iron
යකඩ පදාර්ථ මගින් කළලයට අවශ්‍ය රුධිරය හා ඔක්සිජන් සපයන අතර වැදෑමහ වර්ධනයට උපකාරී වනවා.. එමෙන්ම යකඩ මගින් ගර්භනීය කාලය පුරාවටම මවට අවශ්‍ය කරන අමතර රුධිර පරිමාව වැඩි කරනවා. ගර්භනී සමයේදී බොහෝ කාන්තාවන් රක්තහීනතාවයට ගොදුරු වූන අතර මෙම තත්ත්වය නොමේරූ දරු උපත් සහ අඩු බර දරු උපත් සඳහා බලපානවා.

3. කැල්සියම් - Calcium
දරුවා ඔබේ ගර්භාෂය තුළ සිටින කාලය තුළදී දරුවාගේ අස්ථි සහ දත් සෑදීමට සැලකිය යුතු කාලයක් ගතවනවා.. එයට අවශ්‍ය වන්නේ කැල්සියම්. එම නිසා ඔබගේ ශරීරයේ සැලැලකිය යුතුය කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වීම වැදගත් වනවා. මවගේ සිරුර තුළ ප්‍රමාණවත් පරිදි කැල්සියම් අඩංගු නොවුණහොත් ගර්භණී සමයේ දී සහ කිරි දෙන අවධියේ දී දරුවාට අවශ්‍ය කැල්සියම් කෙලින්ම ඔබගේ අස්ථි මගින් ලබාගැනීම සිදු වනවා.. කාලය ගතවන විට මවට අස්ථි අමාරු ඇතිව වීමේ අවදානම තිබෙනවා. එම නිසා වෛද්‍යවරුන් ගර්භණී සමයේ දී කිරි දෙන මුල් මාස හයේදී දී ත් මවට කැල්සියම් ලබාදීම සිදු කරනවා .





ගර්භණී වීමට පෙර විටමින් ලබා ගැනීමෙන් අතුරු ආබාධ වැලළඳෙනවාද..

පොදුවේ ගත් විට පූර්ව ප්‍රසව අවදියේදි ලබාගන්නා විටමින් වල ගර්භනී කාන්තාවන්ට විශේෂිත වූ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර එමගින් අතුරු ආබාධ ඇති වීමක් සිදුවන්නේ නැහැ. නමුත් ගර්භනී තත්ත්වයට පත් නොවී දීර්ඝ කාලසීමාවක් සඳහා විටමින් වර්ග ලබාගැනීම නොකළ යුතුයි. උදාහරණයක් ලෙස දෛනික යකඩ අවශ්‍යතාවය ගර්භණී සමයේදී මිලිග්‍රෑම් 18 සිට මිලිග්‍රෑම් 27 දක්වා වැඩි කර ලබාදෙන අතර යම්ලෙසකින් යකඩ පදාර්ථ වැඩි වීමෙන් මල බද්ධය හා ඔක්කාරය අසනීප මතු වන්න පුලුවන්. මෙසේ පෝෂ්‍ය පදාර්ථ අතිරික්ත වීමද ගැටලු ඇති කරන්න පුලුවන්..

විටමින් ලබා ගැනීමෙන් ලැබෙන අමතර ප්‍රතිලාභ තිබෙනවාද?

ඔබ ලබා ගන්නා විටමින් B වල අඩංගු බයෝටීන් (biotin) මගින් දිදුලන සමක් සහ සමට පැහැපත් බවක් ලබා දෙනවා. ඔබ ලබා ගන්නා DHA මගින් දරුවාගේ මොළය සහ ඇස් වර්ධනයට උපකාරි වනවා.. එමෙන්ම අයඩින් දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට උපකාරී වන තයිරොයිඩ් නියාමනය කරනවා..
පර්යේෂකයන්ට අනුව ඔබ ලබා ගන්නා විටමින් මගින් ගැබ් ගැනීම සඳහා අවශ්‍ය ශරීර පසුබිම් සකසන අතරම, ඔබ මතක තබාගත යුතුයි මෙසේ දරු ප්‍රසූතියකට පෙර ඔබ ලබා ගන්නා විටමින් වර්ග ඔබගේ සාඵලයතාවය සම්බන්ධ ගැටළු (infertility problems ) වලට විසඳුමක් නොවන බව.. ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම සහ මත්පැන් හා මත්ද්‍රව්‍ය‍ය වැනි අවදානම් සාධක ඉවත් කිරීම, යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීම මගින් ඔබට ගැබ් ගැනීම පහසු වනවා වගේම නිරෝගී දරු උපතක් සඳහා අවශ්‍ය වටපිටාව සකසනවා.

දරු ප්‍රසූතියට පෙර විටමින් ගැනීම සඳහා උපදෙස්

* ඇතැම් වෙළඳ සන්නාම යටතේ ඇති විටමින් වර්ග මගින් ඔබේ උදරයෙ යම් යම් අපහසුතා මතු කරනවා.. එවිට වෛද්‍යවරයා දැනුවත් කරන්න.. ඔහු ඔබට වෙනත් විකල්පයක් එවිට ලබා දෙයි.

* ඔබ කැප්සියුල ලබා ගැනීමට කැමති නැත්නම් වෛද්‍යවරයාගෙන් විකල්ප ලෙස ඔබට ප්‍රෝටීන් ශේක්, එහෙමත් නැත්නම් කිරිපිටි වර්ගයක් ලෙස එම විටමින් ලබා ගන්න පුළුවන් .

* විටමින් වර්ග ගැනීමට පෙර සහ ගැනීමෙන් පසු හොඳින් වතුර බොන්න.. වැඩිපුර ජලය ලබා ගැනීම මගින් මළබද්ධය වැනි තත්ත්වයන් ඇතිවීම පාලනය කරනවා.

යකඩ අතිරේක ලබාගැනීමෙන් පසු දිගින් දිගටම ඔබට මල බද්ධය පවතිනවා නම් වෛද්‍යවරයා දැනුවත් කරන්න.. එවිට ඔබගේ මලපහ කිරීමේ පහසුව සඳහා ෆයිබර් අතිරේකයක් ලබා දෙනවා.

ඇතැම් අතිරේක වර්ග ලබා ගැනීමෙන් ඔක්කාරය වැනි තත්ත්ව ඇති වෙනවා නම් ඔබට ඒවා ආහාර සමඟ ලබාගත් හැකියි.

ඔබ තවමත් ගර්භනී තත්වයේ පසු නොවන්නේ නම් ඉදිරියේ දී දරුවකු සෑදීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා නම් හොඳම දේ තමයි වෛද්‍යවරයකු හමුවී ඔබ විසින් ලබා ගත යුතු විටමින් වර්ග පිළිබඳ උපදෙස් ලබා ගැනීම.. සමහර විට ඔබ උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකරන්නේ නම් ඕනෑම මොහොතක ගැබ් ගැනීමේ අවදදානම තිබෙනවා.. එම නිසා දිනකට වරක් ෆෝලික් අම්ලය හෝ ලබා ගැනීම වැදගත් වෙනවා. එමගින් අනපේක්ෂිත ගැබ් ගැනීම්කදී ඇතිවන පෝෂණය පිළිබඳ අවදානම මගහරිනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1979 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:19 AM
Script:/article/1979/when-do-you-have-to-start-prenatal-vitamins.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:19 AM
Script:/article/1979/when-do-you-have-to-start-prenatal-vitamins.html