බර අඩු කර ගැනීමේ අදහස ඔබටත් තියනවා නම් මෙම ක්‍රම 4ට ඕට්මීල් අරගන්න

February 25, 2021
7,196
Eat oatmeal these 4 ways to lose weight
ඕට්මීල් කියන්නේ ඔබේ ආහාර වේලට ඇතුළත් ක‍රගන්න පුලුවන් වඩාත් කුස පිරෙන, සෞඛ්‍ය සම්පන්න සහ බර අඩු කර ගැනීමට ද හිතකාමී ආහාරයක්. දීර්ඝ කාලයක් තිස්සේ ඕට්මීල් වලට ශාරීරික යෝග්‍යතා ලෝලීන් විසින් ද අනුමත කිරීම් ලබා දීලා තියනවා. හේතුව ඔබ දන්නවාද? එය සෞඛ්‍ය සම්පන්න, රසවත් හා පහසුවෙන් සාදාගන්න පුලුවන් ආහාරයක් නිසායි! ඔබ බර අඩු කර ගැනීමට උත්සාහ කරනවා නම්, ඔබට එය මග හරින්න බෑ.

ඕට්ස් පෝෂ්‍ය පදාර්ථ, විටමින්, සෞඛ්‍ය සම්පන්න කාබන් සහ තන්තු වලින් පොහොසත් වනවා පමණක් නෙමෙයි, ඒවා සැබවින්ම පරිපූර්ණ උදෑසන ආහාරයක් සඳහා ආර්ථිකමය වශයෙන්ද පහසුවෙන් ලබා ගන්න පුලුවන් ආහාරයක්. සිරුරේ බර අඩු කිරීමට, රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට සහ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට ඕට්මීට් වලට පුලුවන් කියලා අධ්‍යයන කිහිපයක්ම ඔප්පු කරලා තියනවා. එහෙනම් ඔබගේ එදිනෙදා ජීවිතයට මෙම මැණික ඇතුළත් නොකිරීමට කිසිදු හේතුවක් ඔබට නැති බව පෙනෙනවා ඇති.

ඉතින්, ඔබේ එදිනෙදා ආහාර වේලට පහසුවෙන් ඕට්මීල් ඇතුළත් කරගන්න පුලුවන් ක්‍රම හතරක් මෙන්න:

1. සුලු කෑමක් ලෙස
ස්නැක්ස් වලට කැමති නැත්තේ කවුද? සෑම කෙනෙක්ම ඒවාට කැමතියි නේ. විශේෂයෙන් ඔබ ඩයට් එකක නම් ඉන්නේ, යම් දෙයක් කන්නට ඇති වන පෙලඹීමට විරෝධය දැක්වීම තරමක් අපහසුයි. ඕට්ස් වල සෞඛ්‍ය සම්පන්න සහ ඉහළ තන්තු ඇති නිසා, එය ඔබව ජන්ක් ෆුඩ් වලින් ඈත් කරවන්න සමත් පරිපූර්ණ (සෞඛ්‍ය සම්පන්න) විකල්පයක් ලෙස ඔබට සේවය සපයාවි. ඒවා දිරවීමට වැඩි කාලයක් ගත වන නිසා එමඟින් ඔබේ උදරය පූර්ණ ලෙස තබා ගැනීමටත්, ඔබේ ආහාර වලට ඇති ආශාවන් පාලනය කර දීමටත් ඕට්මීල් වලට පුලුවන්. එපමණක් නෙමෙයි, මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන්ට අනුව කෙඳි සහිත ආහාර මඟින් අපේ බර අඩු කර ගන්න පුලුවන් බව තහවුරුකරගෙන තියෙනවා. ඒ නිසා එය බීජ හෝ ධාන්‍ය වර්ග සමඟ මිශ්‍ර කරලා කද්දී ඔබට ලැබෙන ප්‍රතිලාභ තවත් ඉහළයි.




2. ඕට්මීල් බඳුන
ඉන්ස්ටග්රෑම් එක පුරා සංසරණය වෙන ඇස් ඇදගන්නා සුළු ඕට්මීල් පිළිගැන්වීම් වල ඡායාරූප ඔබ දැකලා තිබෙනවාද? ඔව් නම්, ඒවායේ ඕට්ස් වලට අමතරව දමන සෑම දෙයක්ම ඔබට හොඳ නොවන බව ද දැන ගැනීම වැදගත්. ඔබේ ඉලක්කය බර අඩු කර ගැනීම නම් සීනි හෝ මී පැණි ඒකට එකතු කරන්න එපා. ඒ වෙනුවට, එය පැණිරස කිරීම සඳහා ඔබට කෙසෙල් සහ බෙරි වර්ග එකතු කරන්න පුලුවන්. ඔබට තවත් පලතුරු, කිරි, බීජ සහ ධාන්‍ය වර්ග එකතු කරමින් එය වඩාත් පෝෂ්‍යදායී කරගන්න පුලුවන්.




3. ඕට් මිල්ක් උත්සාහ කරන්න
ඔබ කිරි සඳහා ශාක පදනම් කරගත් විකල්පයක් සොයනවා නම්, ආමන්ඩ් හෝ සෝයා කිරි හැරුණු විට ඕට් කිරි ද හොඳ විකල්පයක්. ඕට්ස් වලද කැල්සියම් ඉහළ මට්ටමක පවතින අතර වෙළඳපොලේ ඇති ප්‍රෝටීන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය විටමින් ද අඩංගු වෙනවා. නියමම දේ මොකක්ද දන්නවාද? එහි තිබෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක් වන අතර එය බර අඩු කර ගැනීමට ද උපකාරී වෙනවා. නමුත් ඔබ පැණිරස නොකළ හා කෘතීමව රස නොගැන්වූ ඕට් කිරි පරිභෝජනය කරන්න වග බලා ගන්න.




4. ඕට්ස් ස්මූති
ඔබ ස්මූතී වලට ආදරය කරන පුද්ගලයෙක් නම්, ඔබේ ප්‍රියතම ස්මූතී එකට පොඟවා ගත් ඕට්ස් ටිකක් එකතු කිරීමට උත්සාහ කරන්න! ක්ෂණික ඕට්ස් සාමාන්‍යයෙන් රසකාරක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය සමඟ එන නිසා එමඟින් සමස්ත පෝෂණ අගය අඩු වෙනවා. ඕට්ස් ස්මූති වල හොඳම දෙය තමයි එය ඔබට බර අඩු කර ගැනීමට උපකාරී වනවා හා සමානවම එය රසවත් ආහාරයක්!




Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1947 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:00 AM
Script:/article/1947/eat-oatmeal-these-4-ways-to-lose-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:00 AM
Script:/article/1947/eat-oatmeal-these-4-ways-to-lose-weight.html