ලිංගික සංසර්ගයෙන් පසු මේ දේවල් නම් කරන්න එපා

June 13, 2021
6,040
Do not do these after sexual intercourse
යහපත් සෞඛ්‍යය තත්ත්වයක් සදහා සාර්ථක ලිංගික ජීවිතයක් ඉතාමත් වැදගත් වනවා..ඒ වගේම ලිංගික එක්වීමකින් පසු ඔබ විසින් අනිවාර්‍යෙන් වැළකිය යුතු කරුණු පිලිබදව ඔබ දැනුවත්ද..? එසේනම් ඔබගේ සෞඛ්‍යය තත්ත්වය අවධානමකට ලක් නොකර කාර්‍යක්ෂම ලිංගික ජීවිතයක් ගතකරන ගමන්ම ඔබ වැළකී සිටිය යුතු ප්‍රධාන කරුණු 6 ක් පිළිබදව හැඩකාරි අපි ඔබට ඉදිරිපත් කරනවා. එමගින් ඔබට අනවශ්‍ය වේදනා, ආසාදන පිලිබඳ අවධානමකින් තොරව ලිංගික ජීවිතයේ උපරිම වින්දනය කරා යොමුවිය හැකියි.

ලිංගික සංසර්ගයකින් පසුව ඔබ විසින් වැළකී සිටිය යුතු කාරණා..

ශරීරයට තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න
ලිංගික ක්‍රියාකාරකම් හි නිරතවීමෙන් දී ශරීරය උණුසුම් වන අතර බොහෝ විට දහඩිය දමනවා.. ඊට අමතරව ඇඟට තද ඇඳුම් ඇද සිටීමෙන් සහ නයිලෝන් මිශ්‍ර යට ඇඳුම් ඇඳීමෙන් යෝනි ශ්‍රාවයන් ගෑවී යෝනිය ආශ්‍රිත පෙදෙස කැසීම සහ යම් යම් ආසාදන ඇතිවීමේ ඉඩ තිබෙනවා.

මේ නිසා නින්දට යනවිට හැකිතාක් සැහැල්ලු නිදන ඇඳුම් තෝරා ගත යුතු වනවා. ඒ වගේම කපු මිශ්‍ර සැහැල්ලු ඇඳුම් ඔබට වඩා පහසුවක් ගෙන දෙනු ලබනවා.

ලිංගික එක්වීමකින් පසුව යෝනිය තදින් සේදිමෙන් වළකින්න

ඇතැම් විට ඔබ ලිංගික එක්වීමකින් පසු යෝනිය සේදුම්කාරක භාවිතයෙන් තදින් සේදීමට පුරුදු වී ඇති. නමුත් ලිංගික එක්වීමකින් පසුව යෝනිය ආශ්‍රිත සම වඩාත් මෘදු වන බැවින් රළු සේදුමකින් සමට හානි වීමට ඉඩ තිබෙනවා. ලිංගික එක්වීමකින් පසු මද උණුසුම් ජලයෙන් යෝනිය සෝදා දමන්න. එමෙන්ම යෝනිය ආශ්‍රිත පෙදෙස සැහැල්ලුවෙන් තබන්න.

3. යෝනිය පිස දැමීමට ටිෂූ (wipes) භාවිතයෙන් වළකින්න
බොහෝ විට අපි පිසදැමීම් සඳහා ටිෂූ භාවිත කරනවා.. වියළි සහ තෙත්ගන්වන ලද සහ විවිධ සුවඳ ගන්වන ලද ටිෂූ වර්ග වෙළදපොලේ තිබෙනවා.. නමුත් ලිංගික එක්වීමකින් පසු යෝනිය සහ අවට පිස දැමීම සඳහා මෙවැනි දෑ භාවිතෙයන් යම් යම් ආසාදන සහ කුෂ්ඨ ඇතිවීමේ අවධානම ඉහල නංවනවා.. එබැවින් සෑම විටම ඒවා භාවිතයෙන් වළකින්න.

4. ඔබ ලිංගිකව සතුටුවීමේ දි භාවිතා කරන උපකරණ හොඳින් පිරිසිදු කරන්න.
ඔබ ලිංගික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරනු ලබන යම් යම් උපකරන නිරතුරුවම ශුක්‍රාණු සහ යෝනි ශ්‍රාවයන්ට නිරාවරණය වන බැවින් ඒ මත විවිධ බැක්ටීරියා ක්‍රියාකාරි වනවා. එබැවින් පිරිසිදු නොකර නැවත භාවිතයෙන් ඔබ දෙදෙනාහටම බැක්ටීරියා, දිලීර වැනි ආසාදන ඇතිවීමෙ ඉඩ වැඩිවනවා.. සෑමවිටම ලිංගික ක්‍රියාකාරකම් හි නිරත වීමෙන් පසු ඔබ භාවිතා කරන උපකරණ හොඳින් සෝදා පිරිසිදු කරන්න.. එමෙන්ම විෂබීජ නොමැති පිරිසිදු වියළි ස්ථානයක තබන්න.

5. දෑත් හොඳින් සෝදන්න
ලිංගික ක්‍රියාකාරකම් වලදී ඔබ සහකරුගේ හෝ සහකාරියගේ ලිංගික අවයව ස්පර්ෂ කරන බැවින් සෑමවිටම ලිංගික ක්‍රියාකාරකම් වලින් පසුව දෑත් හොඳින් පිරිසිදු කරගත යුතු වනවා.

6. ලිංගික ඇසුරින් පසු hot bubble bath ගැනීමෙන් වළකින්න
ඇතැම් විට ලිංගික ඇසුරින් පසු සබන් පෙණ මිශ්‍රිත මද උණුසුම් ස්නානයක් ඔබට සහ සහකරුට ඉතා ප්‍රීතිමත් විය හැකි වුවත් උණුසුම් ජලය බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වැඩි කරන බැවින් ඔබට යම් යම් ආසාදන ඇතිවීමට ඉඩ තිබෙනවා. එමනිසා දිගු වේලාවක් උණුසුම් ජලයේ බැස සිටීමෙන් සිරැරේ බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවධානම වැඩි කරන අතර එය ඔබගේ සහකරු හටද බලපෑමට ඉඩ තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1988 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:56:46 AM
Script:/article/1988/do-not-do-these-after-sexual-intercourse.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:56:46 AM
Script:/article/1988/do-not-do-these-after-sexual-intercourse.html