ඔහු ඔබ සිතනවාට වඩා ඔබ ගැන උමුතුවෙන් සිටින බව පෙන්වන ලකුණු

June 23, 2021
3,483
Signs that shows he cares about you than you think
ඔබ ඔහුව සෑහෙන කාලයක් තිස්සේ දැනගෙන ඉන්න ඇති, නමුත් ඔහු ඔබට කැමතිද, නැත්නම් ඔබ කෙරෙහි හැඟීම් ඇත්දැයි ඔබට සැකයක් ඇති උනාද... සෑම කාන්තාවක්ම මේ හැඟීමට ජීවිතයේ එක වතාවක් වත් මුහුණ දෙනවා... ඔබ එවැනි අවුල් ජාලයක සිටී නම්, මේ ලිපිය ඔබට වැදගත් වේවි.

දිගු කලක් විවාහ වී සිටින කාන්තාවන්ට වුවත් මේ ලක්ෂණ සසඳා වසර ගණනාවකට පසුවූවත්, සම්බන්ධතාවයට ඔබේ සැමියා කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න සොයා බලන්න පුලුවන්. පිරිමින් තමන් කැමති කාන්තාවක් කෙරෙහි පෙන්වන වඩාත්ම කැපී පෙනෙන මේ සරල කරුණු දෙස බලමු.

1. ඔහු ඔබට ඉවසීමෙන් සවන් දෙයි
අපෙන් බොහෝ දෙනෙක් ආදරය කරන කෙනාගේ ඉස්සරහා හැඟීම් ප්‍රකාශ කිරීමට පැකිලෙනවා. ඔහු ඔබ ගැන සැලකිලිමත් වන්නේ නම්, ඔහු අනිවාර්යයෙන්ම ඔබට ඉවසීමෙන් සවන් දෙනු ඇත. ඔහු තම ජීවිතයේ සෑම කෙනෙකුටම ඉතා හොඳ සවන්දෙන්නෙකු නොවිය හැකි නමුත්, ඔහු ඔබ වෙනුවෙන් සියල්ලන්ටම ඇහුම්කන් දෙන්නේ නම් එය හොඳ ලකුණකි.

2. ඔහු ඔබේ සතුටට ප්‍රමුඛත්වය දෙයි
යමෙකු ඔබේ ජීවිතයට ඇතුළු වන කලින් ඔබට අවශ්‍ය කුමක්දැයි කිසිවෙකු නොදන්නා බැවින් ඔවුන් ආත්මාර්ථකාමී වුණාට කමක් නැහැ. නමුත් ඔබ දෙදෙනා ආදරවන්තයින් වූ පසු, අනෙකා සතුටු වන දේ කිරීමට උත්සහ කරනවා. එය ඇතැම් විට ඔහු අකමැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ සතුට ගැන සිතා සම්බන්ධතාවය වඩාත් සුන්දර හා වටිනා දෙයක් බවට පත් කරන්න ඔහු එය කරාවි.

ඉතින්, ඔහු, ඔබ හා ඔබේ සතුට දැකීමෙන් සතුටක් ලැබුවහොත්, ඔහු ඔබට ආදරෙයි. වැදගත්ම දෙය නම්, ඔහු ඔබට ගැලපෙන පරිදි වෙනස් වීමට උත්සහා කරන්නේ නම්, ඔහුව කිසිම විටෙක නැති කර ගන්න එපා..

3. ඔහු ඔබ සමඟ කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි
ඔහු කොතරම් කාර්යබහුල වුවත්, ඔහු ඔබ සමඟ කතා කිරීමට, ඔබව හමුවීමට හෝ ඔබට අමතන්න කාලය වෙන් කරන්නේ නම්, ඔබට ඔහුව විශ්වාස කරන්න පුළුවන්. එයින් අදහස් කරන්නේ නැහැ, ඔහු ඔබට එක දිගට කෝල් කරලා, මැසේජ් කරලා කතා කරන්න ඕනි කියලා. ඔබ දෙදෙනා හොඳ පෞද්ගලික කාලයක් ගත කිරීම සඳහා ඔහු ඔබව හමුවීමට උත්සාහ දරන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔහු ඔබට ඇත්තටම කැමති කියලයි..

4. ඔහු ඔබ ගැන අවංකවම සතුටු වෙයි
සැබෑ ආදරවන්තයෙකු ඔබ අවුල් ජාලාවක පැටලී සිටියදී ඔහු ඔබ වෙනුවෙන් සිටිනවා. සාමාන්‍යයෙන් වෙනත් කෙනෙකුගේ ජයග්‍රහණය සැමරීම හෝ නරක කාලවලදී ඔවුන් සමඟ සිටීන්නේ ඔහුගේ හදවතට ඔබ සමීවප සිටින නිසයි. එමනිසා, ඔබගේ හොඳ කාලය තුළ අවංකවම සතුටු වන බවත්, ඔබේ දුකේදී සැමවිටම ඔබ වෙනුවෙන් සිටින බවත් ඔබ දුටුවහොත්, ඔහු අනිවාර්යයෙන්ම ඔබට කැමතියි.

5. ඔහුව ඔබට වැදගත් යැයි හැඟෙයි
ඔබ දෙදෙනාම තනිවම සිටින විට ඔබ ඔහුගේ රැජින වෙන්න පුලුවන්.. නමුත් ඔහු මිනිසුන් සමග සිටියදී ඔබට සලකන ආකාරයෙන් ඔහුගේ පෞරුෂත්වය ගැන බොහෝ දේ පවසන්න පුළුවන්. ඔහු ස්වභාවයෙන්ම ලැජ්ජාශීලී කෙනෙකු වෙන්න පුළුවන්. නමුත් වැදගත් වන්නේ ඔබ දෙදෙනාම පිටත සිටින විට ඔහු ඔබට දෙන සැලකිල්ල සහ වැදගත්කමයි. ඔහු ඔබ ගැන සැලකිලිමත් වන්නේ නම්, ඔබ ඔහුගේ පවුලේ අය හෝ මිතුරන් සමඟ සිටින විට නිතරම ඔබට සුවපහසුවක් දැනෙයි.

6. ඔහු ඔබේ අනාගතය ගැන කතා කරයි
ඔබ ගැන සැලකිලිමත් වන ඔහු අවම වශයෙන් ඔබේ අනාගතය ගැන කතා කරයි. ඔබ මෙය සැමවිටම අපේක්ෂා කරන එකක් නෑ, නමුත් කොතැනක හෝ යම් අවස්ථාවක දී, ඔබ සතුටින් පිරි අනාගතයක් ගැන සාකච්ඡාවක් කරන විට ඔහු ධනාත්මක ප්‍රතිචාර දක්වන්නේ නම්, ඔහු ඔබ ගැන සැලකිලිමත් වන අතර ඔහුගේ ජීවිතයේ ඔබ සිටින බව පෙන්වයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1996 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:21 AM
Script:/article/1996/signs-that-shows-he-cares-about-you-than-you-think.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:11:21 AM
Script:/article/1996/signs-that-shows-he-cares-about-you-than-you-think.html