එළවළු ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි ගැන දැනුවත් වෙමු

November 9, 2020
8,537
Let's be conscious about eating vegetables
එළවළු ආහාරයට ගන්න එක මේ තරම් වැදගත් වෙන්නේ ඇයි? අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ මේ ගැනයි. එළවළු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි රැසක් ලබා පුළුවන් කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් ලෙස වැඩිපුර එළවළු සහ පලතුරු අනුභව කරන පුද්ගලයින්ට සමහර නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු වී ඇති බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. ඒ නිසා එළවළු වලින් ඔයාගේ ශරීරයේ සෞඛ්‍යය සම්පන්න භාවය හා නඩත්තුව සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයනවා.

එළවළු ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි කිහිපයක් මෙන්න:

* සමස්ත සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් ලෙස එළවළු සහ පලතුරු බහුලව අනුභව කිරීමෙන් හෘදයාබාධ ඇතුළු වෙනත් හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කර ගන්න පුලුවන් .

* එළවළු සහ පලතුරු වලින් පොහොසත් ආහාර වේලක් අනුභව කිරීමෙන් ඇතැම් පිළිකා වලින් ආරක්ෂා වෙන්න පුලුවන් .

* පොටෑසියම් බහුල එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය අඩු කරගන්න පුලුවන් අතර වකුගඩු ගල් සෑදීමේ අවදානම අඩු කරමින් අස්ථි බිඳීම අඩු කිරීමටද උපකාරී වෙනවා.

* තන්තු අඩංගු එළවළු සහ පලතුරු මගින් හෘද රෝග හා ස්ථුලතාවයේ අවදානම අවම කර ගන්න පුලුවන් .

* එළවළු කියන්නේ පොටෑසියම්, ෆෝලික් අම්ලය, විටමින් A සහ විටමින් C ඇතුළු බොහෝ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ප්‍රභවයක්.

* බොහෝ එළවළු වල ස්වභාවිකව මේදය හා කැලරි අඩුයි. පොටෑසියම් බහුල ආහාර සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීමට සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට උපකාරී වෙනවා.

* විටමින් A ඇස් සහ සම නිරෝගීව තබා ගන්නා අතර ආසාදන වලින් ආරක්ෂා වීමට උපකාරී වෙයි.

* විටමින් C කැපීම් හා තුවාල සුව කිරීමට සහ දත් සහ විදුරුමස් නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා. යකඩ අවශෝෂණය සඳහා විටමින් C ආධාරක වෙනවා.

* ෆෝලික් අම්ලය ශරීරයට රතු රුධිර සෛල සෑදීමට උපකාරී කරනවා. ගර්භණී කාන්තාවන් ෆෝලික් අම්ලය වලින් පොහොසත් ආහාර පරිභෝජනය කළ යුතු අතර ඊට අමතරව කෘතිම ෆෝලික් අම්ලය මිලි ග්‍රෑම් 400 ක් පෝෂණ අතිරේක වලින් ලබා ගන්න ඕනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,240
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,987
   21

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,409
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,386
   19

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed