තිරසාර ජිවන රටාවක් ගත කරන්න පහසු අදහස්

August 10, 2021
2,817
Best ideas to practice sustainable living
තිරසාර ජීවන රටාවක් ගත කිරීම යනු කුමක්ද?

තිරසාර ජීවන රටාවක් කරා යොමුවීම වර්තමානයේ බොහෝ විට කතාබහට ලක්වන මාතෘකාවක්. තිරසාර ජීවන රටාවක් යනු පුද්ගලයා හෝ සමාජය පෘථිවියේ ස්වභාවික සම්පත් අවම ලෙස භාවිතා කරමින් සහ අඩු සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගනිමින් ජීවත් වීමයි. මෙය "earth harmony living" ලෙස හඳුන්වනු ලබනවා. ඕසෝන් ස්ථරයට හානි වීම, දේශගුණික විපර්යාස, ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම සහ ස්ව්භාවික සම්පත් දිනෙන් දින නැතිවීම නිසා මිනිසුන් සහ සත්ත්වයින් කෙරේ ඉතාමත් අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. මිනිසුන්ගේ අපරික්ෂාකාරි ක්‍රියාවන් හේතුවෙන් පරිසරයට වන හානිය අවම කරන ක්‍රියාවලියක් ලෙස තිරසාර ජීවන රටාවකට හුරු වීම අර්ථ ගැන්විය හැකියි. හැකි සෑමවිටම පුද්ගලික රථවාහන පරිශීලනය අඩු කිරීම, බලශක්තිය අඩුවෙන් පරිභෝජනය, පරිසර හිතකාමි ද්‍රව්‍ය‍ය භාවිතයට හුරු වීම වැනි ක්‍රියා මගින් අප ජීවත්වන පෘථිවිය වඩාත් පිරිසිදු සහ සුරක්ශිත කර ගැනීමට ඔබට හැකිවනවා.

ඔබත් තිරසාර සංවර්ධනයක් කරා යොමුවීම සම්බන්ධ නොයෙකුත් වාර්ථා, පුවත් පත් මගින්, රූපවාහිනි, ගුවන්විදුලි, අන්තර්ජාලය ඔස්සේ දැක ඇති.. ඒ සම්බන්ධයෙන් ඔබටත් යම් උනන්දුවක් ඇති.. එසේනම් මෙන්න හැඩකාරි මගින් ඒ සඳහා ඔබට ප්‍රයොජනවත් අදහස් කිහිපයක්..

1. හරිත වගාවන් සඳහා යොමුවන්න
ඔබගේ ආහාර ඔබම වගාකර ගැනීමට උත්සාහ කරන්න.. ඒ සඳහා ලොකු ඉඩ කඩ ඔබට අවශ්‍ය වන්නේ නැහැ.. අවශ්‍ය වන්නේ ඔබගෙ උත්සාහය පමණයි.. කුඩා ඉඩක හෝ ඔබට වගාවන් පවත්වාගෙන යාමට හැකියි. එමෙන්ම හැකි සෑම විටම ඔබ ජීවත්වන ප්‍රදේශයේ ප්‍රජා වගා ව්‍යාපෘතීන් සඳහා ඔබගේ දායකත්වය ලබාදෙන්න. විශේෂයෙන්ම ස්ව්භාවික අපද්‍රව්‍ය‍ය ප්‍රතිචක්‍රීකරණය කර නැවත පස සඳහා යෙදීම වැනිදෑ සඳහා ඔබගේ සක්‍රිය දායකත්වය ලබාදෙන්න.

2. අවශ්‍යතා අඩු ජීවන රටාවක් සඳහා හුරුවන්න - Practice minimalism
minimalism ජීවන රටාවක් යනු ඔබගෙ අත්‍යවශ්‍ය දෑ සියල්ල ඉවත් කර ජීවත් වීම නොවේ. ඔබ සතුව ඇති දෑ උපරිමයෙන් භාවිතා කිරීමත් අනවශ්‍ය පරිදි භාණ්ඩ් එක් රැස් නොකර සරල ජීවන රටාවකට හුරුවීමයි. මෙහිදී ඔබ පරිහරනය කරනු ලබන භාන්ඩ හා සේවා මෙන්ම අනවශ්‍ය මූල්‍ය ණය ආදියෙන් ඉවත් වීම ආදී සියල්ල අයත්වනවා. බොහෝ අවම වාදීන්ගේ දර්ශනය වන්නේ ලෞකික දේවල් හැකි පමණ අඩුකර අත්දැකීම් හා පදනම්ව අතිරික්තයකින් තොරව ජීවත් වීමයි. එමෙන්ම මෙයට අපද්‍රව්‍ය‍ය කළමණාකරණයද අයත්වනවා.. භාවිතයෙන් ඉවත් කරනු ලබන දේවල් වලින් හැකි සියල්ල ප්‍රතිචක්‍රීකරණය කිරීමත් නැවත භාවිතයත් අවමවාදී ජීවන රටාවක අත්‍යවශ්‍ය අංගයක් වනවා.

3. නිවසේ විදුලි බල්බ වෙනස් කරන්න
ඔබටත් පරිසරයටත් එකසේ අහිතකර සාමාන්‍ය විදුලි බල්බ ඉවත් කර පරිසර හිතකාමී විදුලි බල්බ සහ හැකි සෑමවිටම ස්වභාවික ආලෝකය නිවසට ලබාගැනීමට කටයුතු කරන්න.
එවිට බලශක්තිය සඳහා ඔබගේ ඉල්ලුම අඩුවනවා. කාර්‍යක්ෂම දිගුකල් පවතින ප්‍රභවයන් භාවිතයෙන් පරිසරයට අහිතකර ද්‍රව්‍ය‍ය නිකුත් කිරීම අඩු කිරීමට ඔබටත් දායක විය හැකියි.

4. ස්වභාවික පිරිසිදුකාරක භාවිතයට හුරුවන්න
කෘතිම පිරිසිදුකාරක, රෙදිසෝදන දෑ වෙනුවට ස්වභාවික ද්‍රව්‍ය‍ය භාවිතයට ගැනීමට හුරුවන්න. උදාහරන ලෙස දෙහි නැතිනම් විනාකිරි සහ ජලය මිශ්‍ර කිරීමෙන් ඔබට බොහෝ මතුපිටවල් පිරිසිදු කරගත හැකියි. එමගින් ඔබ පරිසරයට නිකුත් කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍ය‍ය ප්‍රමානය සහ ජලයට එක් කරන රසායන ද්‍රව්‍ය‍ය ප්‍රමාණය අඩු කිරීමට හැකිවනවා.

5. කියවීමට සහ ක්‍රීඩා සඳහා වැඩි කාලයක් වෙන් කරන්න
රූපවාහිනිය, අන්තර්ජාලය, දුරකතනය භාවිතයට වඩා කියවීම, ක්‍රීඩාවන් හි නිරත වීම වැනි දෑ මගින් ඔබට බලශක්ති පරිභෝජනය අඩු කර ගැනීමටත් ඔබගේ මානසික සහ ශාරිරික සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කරගැනීමට පුලුවන්.

6. ස්වභාවික නින්ද ලබා ගැනීම
ස්වභාවික කාලසටහනකට අනුව නින්දට පිවිසීම යනු ඔබ ස්ව්භාවික ආලෝකය තිබෙන කාලය තුල ඉන් ප්‍රයෝජන ගෙන රාත්‍රී කාලයේ නිසි පරිදි නින්දට යොමු වීමයි.. මින් ඔබ අවම බලශක්තිය ප්‍රමාණයක් පරිහරනය කරන අතරම ඉන් ඔබගේ මානසික හා ශාරිරික සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමටද උපකාරි වනවා.

7. අවම භාවිතය, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය - Reduce, Reuse and Recycle
minimalism සංකල්පයේ ප්‍රධාන පියවරක් ලෙස අවම භාවිතය, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය හැඳින්විය හැකියි.. මෙහිදී නව මිලදී ගැනීම් අඩුකර, තිබෙන් දෑ උපරිමයෙන් නැවත නැවත භාවිතයත් අවසානයේ ප්‍රතිචක්‍රීකරණය කර හෝ ඒවා නැවත භාවිතයට ගැනීම සිදුකල යුතුයි.

8. ඇවිදීම, බයිසිකල් පැදීම
පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම තිරසාර ජීවන රටාවක මූලික අංගයක්.. ඔබගේ ගමන් සඳහා පුද්ගලික මෝටර් රථය වෙනුවට පොදු ප්‍රවාහන සේවා කරා යොමු වීම, ඇවිදීම, බයිසිකල් භාවිතය වැනිදෑ මගින් පරිසර දූෂණය සහ ඉන්ධන භාවිතය අඩු වන අතරම ඇවිදීම, බයිසිකල් පැදීම මගින් ශරීර සෞඛ්‍ය තත්ත්වය ඉහල නැංවෙන අතර සෞඛ්‍ය සේවා ලබා ගැනීමද අඩුකිරීමට හැකියාව ලැබෙනවා.

9. භාවිතයේ නොමැති සෑම විටම විදුලි උපාංග විසන්ධි කර තබන්න
බලශක්ති භාවිතය අඩු කිරීමට ඔබ භාවිතා නොකරන සෑම අවස්ථාවකදීම විදුලි උපකරණ ක්‍රියා විරහිත කර තබන්න.. මන්ද ඇතැම් විට භාවිතා නොකලද ඇතැම් උපකරණ සඳහා විදුලියට සම්බන්ධ කර ඇති විට බලශක්තිය වැයවනු ලබනවා. එය ඔබ පරිහරණය කරනු ලබන විදුලි බල ප්‍රමාණය අඩු කිරීමට මෙන්ම ඔබගේ මාසික බිල්පත් අඩු කර ගැනීමට උපකාරී වනවා.

10. ඔබගේ පවුලට ගැලපෙන නිවසක් මිලට ගන්න
බොහෝ විට ප්‍රමාණයෙන් විශාල නිවසක් වෙනුවට ඔබගේ පවුලේ ප්‍රමාණයට සුදුසු කුඩා නිවසක් තෝරා ගැනීමෙන් අඩු බලශක්ති පරිභෝජනයක් සහ අවම භාණ්ඩ සහ සේවාවන් ප්‍රමාණයක් පරිභෝජනයට ඔබට හැකියාව ලැබෙනවා.

11. දිවා ආලෝකය වැඩි පරිභෝජනය සහ සූර්‍ය පැනල භාවිතය
විදුලි ආලෝකය වෙනුවට නොමිලේ ලැබෙන සූර්‍යාලෝකය භාවිතයෙන් පොසිල ඉන්ධන වැයකිරීමට ඔබගේ අඩු දායකත්වයක් සැපයීමට හැකියි.. එමෙන්ම ඔබට ආයෝජනයක් සේ සලකා සූර්‍යාලෝකයෙන් නිපදවන විදුලිය (solar panels) ලබා ගැනීමට ද හැකියි. මේ සඳහා රජය මගින් විවිධ වූ සහනදායි මිලට ණය ලබාදීම් වැනි දෑ සිදුකරනු ලබනවා.

12. හැකි සෑම විටම මුද්‍රිත තැපෑල භාවිතය අඩු කරන්න
කඩදාසි භාවිතය අවම කිරීම ඔබට ස්ව්භාවික සම්පත් ආරක්ශා කිරීමට ගත හැකි සරල පියවරක්. ක්‍රෙඩිට් කාඩ් විස්තර, දුරකතන නාමාවලි, නොයෙකුත් බිල්පත් වැනි දෑ මුද්‍රණය කර ලබා ගන්නවා වෙනුවට විද්‍යුත් තැපෑල භාවිතයට හැකිතාක් හුරුවන්න.

13. සේදීමේ පුරුදු වෙනස් කරගන්න
තිරසාර ජීවන රටාවක් යන සංකල්පය තුල ජලය නාස්තිය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වනවා. එබැවින් ස්නානය කරන විට, සේදීමේදි, පිගන් සේදීම, රෙදි සේදීම ආදීයේදි ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.

14. අඩු ඇසුරුම් සහිත භාන්ඩ මිලට ගන්න
සාප්පු සවාරි යාමේදී හෝ ඔබ නිවසට භාණ්ඩ ම්ලට ගැනීමේදි අඩුවෙන් ඇසුරුම් කරන ලද භාණ්ඩ මිලට ගැනීමෙන් ඔබ පරිසරය වෙත මුදාහරින ප්ලාස්ටික්, පොලිතින් වැනි දෑ අවම කිරීමට හැකිවනවා.

15. ප්ලාස්ටික් පරිහරණය අවම කරන්න
ප්ලාස්ටික ස්වභාවික පරිසරයට එකතු වූ විට දිරාපත් වීම සඳහා වසර ගණනාවක් ගතවනවා.. ඊට අමතරව පස සහ පරිසරය දූෂණය වීම සිදුවනවා. එම්නිසා හැකිතාක් ප්ලාස්ටික් වතුර බෝතල්, පොලිතින් බෑග් වැනිදෑ භාවිතය නැවැත්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,977
   38

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,853
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Benefits of Wood Apple
   5,801
   23

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
Dress patterns for flower prints
   56,046
   22

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
These signs may be saying that you have cholesterol
   36,651
   22

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය

Latest Articles

Most Viwed