දිදුලන සමක් ලබා ගැනීමට පානය කලහැකි යුෂ වර්ග 3 ක්

August 10, 2021
15,073
3 juices helps to get a glowing skin
දිදුලන සමක් සෑම යුවතියකගේම සිහිනයක්.... ඔබ ආහාරයට ගන්නා සියල්ල ඔබගේ ශරීරයට නොයෙක් ආකාරයෙන් යහපත් සහ අයහපත් ආකාරයට බලපානු ලබනවා.. ඔබත් අසා ඇති "‘you are what you eat"යන කියමන.. ඉතින් දීප්තිමත් දිදුලන සමක් ලබා ගැනීමට බාහිර ප්‍රථිකාර වගේම ඔබ එදිනෙදා ආහාරයට ගන්නා ආහාරපානත් විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා.. ඔබ ශරීරයට අහිතකර කෙටි කෑම වර්ග පැණි රස නිරන්තරයෙන් ආහාරයට ගන්නවානම් ඔබගේ සම අවපැහැ වන්න පුළුවන්. එයින් පැහැදිලි වන්නේ සමට නිවැරදි පෝෂණයක් නොලැබෙන බවයි. මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා නිරතුරුවම ඔබ ගන්නා ආහාර පාන පිළිබඳව සැලකිලිමත් විය යුතු වනවා.. නැවුම් එළවළු සහ පලතුරු දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් යහපත් ශරීර සෞඛ්‍යයක් මෙන්ම දිදුලන සමක් ලබාගන්න ඔබටත් පුළුවන්.. දීප්තිමත් සමක් යහපත් ශරීර සෞඛ්‍යයකින් යුතු බව පවසන ප්‍රමුඛ සංඥාවක්.. දීප්තිමත් සමක් පිළිබඳ ඔබගේ සිහිනය යතාර්ථයක් කරගැනීමට උපකාරි වන පානයන් කිහිපයක් හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කරනවා..

1. කැරට් සහ බීට් රූට් යුෂ පානය කිරීම - Carrot and beetroot juice

බීට් රූට් හි අන්තරගත පෝෂණය සැකෙවින් විස්තර කිරීමත් අපහසුයි.. ඒ තරම් එය ශරීරයට ගුණදායක වනවා.. එහි සුන්දර වර්ණය මෙන්ම තන්තු, ෆොලේට් ( (vitamin B9), මැංගනීස්, පොටෑසියම්, යකඩ, විටමින් C වැනි පෝෂ්‍ය පදාර්ථයන් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතර එමගින් ශරීරයට වැදගත් ප්‍රථිලාභ රාශියක් හිමිවනවා.. එමනිසා දිනපතා බීට් රූට් යුෂ පානය මගින් ඔබට යහපත් ශරීර සෞඛ්‍යයක් මෙන්ම දිදුලන සමක් ලබා ගැනීමට හැකියි.. ඒ වගේම එයට කැරට් යුෂ මිශ්‍ර කිරීමෙන් ලැබෙන ප්‍රථිලාභ දෙගුණ තෙගුණ වනවා.. ශරීර ප්‍රදාහයන් ඇතිවීම පාලනය කරමින්, අක්මාවේ විස ඉවත් කිරීම, රුධිර සංසරණය නිසි ආකාරයෙන් පවත්වාගැනීමට සහය වීම සහ විටමින් A සහ C මගින් පැහැපත් දිදුලන සමක් ලබාදීම සිදු කරනවා. දිනපතා උදෑසන පානය කිරීමෙන් ඔබටත් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට හැකියි.

2. කොළ ඇපල් සහ දෙළුම් යුෂ - Green apple and pomegranate juice
දෙළුම් සහ කොළ පැහැ ඇපල් යනු පළතුරු අතර පෝෂනය ඉහල පළතුරු 2ක්.. ඉතින් මෙම පළතුරු දෙක මිශ්‍ර කර පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රථිලාභත් දෙගුණ වනවා.. ඒවායේ අන්තර්ගත විටමින් C , එන්සයිම සහ අනෙකුත් ප්‍රති ඔක්සිකාරක මගින් සම පැහැපත් කරන අතර සමේ උෂ්ණය අඩුකර කුරුළෑ (acne) සහ අදුරු ලප (dark spots) ඇතිවීම පාලනය කරනු ලබනවා.. හැකිනම් දෙළුම් සහ කොළ ඇපල් යුෂ දිනපතා පානය කිරීමෙන් ඔබටත් පැහැදිලි වෙනසක් අත්විදීමට හැකියි.

3. ගස්ලබු, පිපිඤ්ඤාා සහ ලෙමන් යුෂ - Papaya, cucumber and lemon juice
ගස්ලබු බොහෝ විට පැහැපත් වීම සදහා බාහිර ආලේපන සදහා යොදාගනු ලබනවා.. නමුත් ඔබ දන්නවාද ගස්ලබු යුෂ පානය නිසා එහි අඩංගු එන්සයිම සම පැහැපත් කිරීමට උපකාරි වන බව.. ප්‍රධාන වශයෙන් ගස්ලබු වල විටමින් A,C සහ E අඩංගු වනවා. ඒ වගේම පිපිඤ්ඤාා ආහාරයට ගැනීමෙන් ශරීරයෙ දාහය අඩුකර සිසිල් කිරීමට උපකාරි වනවා.. ලෙමන් යුෂ ගැනීමෙන් ශරීරයේ විෂහරණය (detoxifying) කරනු ලබනවා.. ඉතින් මෙම වර්ග 3 ම සම්මිශ්‍රණය ගැන සැක සිතිය යුතු නැහැ නේද.. ගස්ලබු, පිපිඤ්ඤාා සහ ලෙමන් යුෂ පානය මගින් ඔබට යහපත් ශරීර සෞඛ්‍යයක් මෙන්ම දිදුලන සමක් ලබා ගැනීමට ද හැකියාව ලැබෙනවා.

ඉතින් තවත් ප්‍රමාද නොවී ඔබත් අදම මෙම යුෂ පානය කිරීම අරඹන්න.. එවිට පැහැපත් දිදුලන සමක් තවදුරටත් සිහිනයක් නොවන අතර ආත්ම අභිමානයෙන් යුතුව ලොවට මුහුණ දීමටත් හැඩකාරි ඔබට හැකියාව ලැබෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 2040 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:00:01 PM
Script:/article/2040/3-juices-helps-to-get-a-glowing-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:00:02 PM
Script:/article/2040/3-juices-helps-to-get-a-glowing-skin.html