වැලන්ටයින් සමරුවත් ඔයාට ඔයාගේම ආදර කතාව මගහැරිලා

February 14, 2018
8,551
Have you forgotten your own love story
"ආදරය" මේ අකුරු හතරට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. ආදරය ජිවිතයට හමු නොවුණු කෙනෙක් නැති තරම්. අපි හැම වෙලාවකම එකිනෙකාගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. ආදරයට අපි ආදරෙයි. ඒක හරිම පිවිතුරු හැඟීමක්. ආදරය ගැන කතා කරන්න ගත්තොත් නම් සීමාවක් නැතුව නැතුව කතා කරන්න පුළුවන්. ඒ තරමට ආදරය ගැන කතා කරන්න දේවල් තියෙනවා.

වෙලාවකට ආදරය කියන්නේ හරිම සංකීර්ණ මාතෘකාවක්. තවත් තැනකදී අපි ඒ ආදරය නිසාම බොළඳ වෙනවා. ඒකට වයස, තරාතිරම හේතුවක් වෙන්නේ නැහැ. ආදරය කියන්නේ අයිති කර ගැනීමට තියෙන උවමනාවට කියන තවත් නමක් නෙවෙයි. එහෙම වුනොත් ආදරය කියන්නේ තණ්හාවකට. ඒත් මම කියනවා ආදරය කියන්නේ පරිත්‍යාගයකට කියලා. මොකද අවංක ආදරයකට ඕනෑම පරිත්‍යාගයක්‌, කැප කිරීමක් කරන්න පුළුවන්, ඕනෑම දුකක්, වේදනාවක් ඉවසන්න පුළුවන්. විඳ දරා ගන්න පුළුවන්. කවදාවත් මොනම හේතුවක් නිසා වත් අඩු වෙන්නේ නැති, නැති වෙන්නේ නැති නොවෙනස් ආදරයක් ලබන්න අපි වාසනාවන්ත වෙන්න ඕන.

දැන් කල්පනා කරලා බලන්න ඔයාගේ ආදර කතාවත් මේ දේවල් එක්ක බෙදා හදා ගන්න ආදර කතාවක්ද කියලා. සමහර විට මේ කිව්ව දේවල් වලින් එකක් දෙකක් ඔයාගේ ආදර කතාව තුළ තියෙන්න පුළුවන්. එත් ඉතින් ඔප්පු කරලා පෙන්නනකල් ආදරයත් වචනයක් විතරයිනේ. ඒත් වචනයකට විතරක් සිමා වුණු ආදර කතා අතරේ ඔයාට මතක් කරන්න පුලුවන්ද ආදරය, සෙනෙහස,පරිත්‍යාග, කැප කිරීම්, ඉවසීම් මේ හැම දෙයක්ම එක්ක ඔයාගේ ජිවිතයට ආදරය අරගෙන ආව අය ගැන? මතකෙට එන්නේ නෑ නේද? ඔයා අනිවාර්යෙන් දැන ගත යුතු එත් ඔයාට නොදැනුවත්වම මග හැරුණු ඔයාගේ සැබෑම ආදරය හොයා ගන්න පහළින් click කරන්න. අපි ඒ අයත් එක්කම මේ පාර වැලන්ටයින් සමරමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Remedies for skin itchiness in pregnancy
   8,206
   189

අම්මා කෙනෙක්ට ගර්භණී සමයේදී සිරුර මත ඇති වෙන කැසීම් සඳහා පිළියම්

ගර්භණී සමයේදී ඇති වෙන කැසීම් වළක්වා ගැනීම සඳහා ඔබට වැදගත් වෙන ස්වාභාවික හා ආරක්ෂිත නිවෙස් පිළියම් කිහිපයක් මෙන්න
How to made the perfect spree blouse
   11,648
   162

ඔයා අඳින සාරියට ගැළපෙන සාරී බ්ලවුස් එකක් මහන්නේ මෙන්න මෙහෙමයි

අද අපි තීරණය කළා සාරී ජැකට් එකක් ඔයා මැසීමේදී එහෙමත් නැති නම් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඔයා එක්ක කතා කරන්න
Bad Habits that Woman Should not Have
   21,475
   122

කාන්තාවන්ට මැරු කැඳවන වැරදි පුරුදු

කාන්තාවන් වන ඔබ සතු ඇතැම් වැරැදි පුරුදු නිසා බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්. ඔබ එවැනි පුරුදු නිසා අනතුරේ හෙළනුයේ ඔ‍බේ මෙන්ම අන්‍යයන්ගේ ජීවිතයි
How to keep your feet beautiful
   43,995
   77

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Chapathi
   3,367
   74

චපාති

රාත්‍රී ආහාරයට ගැළපෙන චාපාති ගෙදරදීම සදා ගන්න. ඕනම කරි එකක් එක්ක ආහාරයට ගන්න පුලුවන්

Latest Articles

Most Viwed