ගොඩක් අය මඟහරින ලස්සන වෙන්න තියෙන හොඳම ක්‍රමය

January 12, 2018
17,423
Beauty secrets that lot of us miss
ගොඩාක් දෙනෙක් තමන්ගේ සුන්දරත්වය වැඩි කර ගන්න හිතන්නේ බාහිරින් සත්කාර කරලා. බාහිර සුන්දරත්වයට වැඩියෙන් මුල් වෙන්නේ අපි අභ්‍යන්තරයට ලබා දෙන පෝෂණය. නමුත් බොහෝ දෙනෙක් ඒ වැදගත්ම දේ මඟ හරිනවා. ඔයාගේ සුන්දරත්වය වැඩි කරන්න වගේම න්රෝගී බාවයට හේතු වෙන මෙන්න මේ කියන වටිනා ආහාර අනිවාර්යෙන් ආහාරයට එකතු කර ගෙන සදාකාලික සුන්දරත්වයක් ලබා ගන්න.

1. මී කිරි

මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් වුණාට මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්නත් පුලුවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික් ඇසිඩ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

2. කැරට්

කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට ඔයා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙන සුවිශේෂී පෝෂක කොටස් අපේ සමේ පැහැයට, හිස කෙස් වර්ධනයට, ඇස් පෙනීම වර්ධනය කරන්න උදවු කරනවා. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම නිරෝගී දිදුළන කෙස් කළඹකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා පානයක් විදියට සකස් කර ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

3. Green Tea

Green Tea සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම්, ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.

4. ගස්ලබු

ගස්ලබු වලත් විටමින් වර්ග සැහෙන්න අඩංගු වෙනවා. ඊට අමවතරව විටමින් A හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්. ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ජුස් එකක් විදියත් භාවිතා කරන්න පුලුවන්. ඒක වඩාත් හොඳයි.

5. ගෝවා මල්

මේක ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් වර්ග රැසකින් පිරිපුන්. ගෝවා මල් තුල අපේ ඇගේ ශරීරයේ තියෙන විෂ නසන ගුණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කළඹක් නිරායාසයෙන්ම ලැඛෙනවා.

6. බීට්රූට්

බීට්රූට් කියන්නේ සම අභ්‍යන්තරය දක්වාම ගිහින් පිරිසුදු කරන්න පුළුවන් යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා වගේම කම්බුල් වලට දිදුළන රෝස පැහැයක් ලබා දෙනවා. බීට්රූට් මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන්.

7. අර්තාපල්

ආහාරයට ගන්නවට වඩා අමු අල පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම් තමයි ගොඩාක් හොඳ. ඒ මඟින් මුහුණේ තියෙන අදුරු ලප කැළැල් ඉවත් අකර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න ඔයාට පුළුවන්

8. මාළු

මාළු වල අඩංගු වෙලා තියෙනවා ඔමේගා 3 කියන අපේ සමට ඉතා වැදගත් මේද අම්ල වර්ගයක්. ඒ වගේම මාළු වල ගොඩක් අපිට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා. මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා. විශේෂයෙන් පොඩි මාළු, කුඩා කටු සහිත මාළු නම් ගොඩක්ම හොදයි.

9. දොඩම්

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් දොඩම් මගින් මුහුණේ සමට නව පෙනුමක් ලැබෙනවා. ඒ වගේම දොඩම් වල සමේ අලුත් සෛල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් දේවල් අඩංගුයි. ඒ නිසා නිතරම ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් තියා ගෙන ලස්සනට ඉන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 622 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:54 AM
Script:/article/622/beauty-secrets-that-lot-of-us-miss.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:49:55 AM
Script:/article/622/beauty-secrets-that-lot-of-us-miss.html