මුළුතැන්ගෙයි උපකරණ වලට අහිතකර ගෘහණියන්ගේ පුරුදු 5 ක්

August 23, 2021
3,450
5 habits that are bad for kitchen appliances
කාන්තා ඔබ නිවසේ වඩාත් ප්‍රිය කරනා ස්ථානයක් ලෙස මුළුතැන්ගෙය හැඳින්විය හැකියි.. නිවසේ අනිකුත් දෑ සඳහා ඔබගේ සහකරු, දරුවන් ආදි අන් අයගේ අදහස් යෝජනා ක්‍රියාත්මක වුනත් මුළුතැන්ගෙය, එහි උපකරන ආදි සියල්ල ඔබගේ සිතැගි පරිදියි ඔබ තෝරා ගනු ලබන්නේ.. සරළවම කිවහොත් ඔබගේ රාජධානිය මුළුතැන්ගෙය වන්න පුළුවන්.. ඔබගේ කාලයන් වැඩි කොටසක් ඔබ මුළුතැණ්ගෙයත් එහි උපකරණත් නිසි පරදි තබා ගැනීමට යොදවනවා ඇති.. එහෙත් ඔබ දන්නවාද නොදැනුවත්වම ඔබ අතින් වන පුංචි පුංචි අතපසුවීම් නිසා ඔබ වඩාත් ප්‍රිය කරන මුළුතැන්ගෙයි උපකරණ (kitchen appliances) සඳහා හානි සිදුවන බව.. එමනිසා හැඩකාරි අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ සිදු කරන එවැනි අහිතකර පුරුදු 5ක්.. බියවන්න එපා ඒවා ඔබ පමණක් නෙවෙයි.. බොහෝමයක් කාන්තාවන් සිදුකරන පොදු වැරදි 5ක්..

1. ගෑස් ලිප් පිරිසිදු කිරීමට සබන් භාවිතය

අපි බොහෝ වේලාවට ආහාර පිළියෙල කිරිමෙන් පසු ලිප මත ඇති දැලි, කුණු, තෙල් ඉවත් කිරීම සඳහාත් ලිප පිරිසිදු කිරීම සඳහාත් සබන් භාවිතා කරනවා.. නමුත් ඔබ දන්නවාද එම නිසා ලිප දැල්වීමට උපකාර වන සිදුරු අවහිර වී ලිප නිසියාකාරයෙන් ක්‍රියා නොකරන බව.. එමනිසා ඔබගේ කුමන ආකාරයේ හෝ ලිප් පිරිසිදු කිරීම සඳහා තෙමන ලද පිරිසිදු රෙදි කඩක් භාවිතා කරන්න. සෑම විටම අදාල උපකරණය නිශ්පාදකයාගේ උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න.. සෑම උපකරණයක්ම නිසි ආකාරයෙන් පිරිසිදු කරන්නේ කෙසේදැයි අදාල උපදෙස් පත්‍රිකාවේ සඳහන් වනවා.

2. විදුලි උදුන (Oven) පිරිසිදු නොකිරීම

ඔබ භාවිතා කරන මයික්‍රොවේව්, ගෑස් හෝ විදුලි උදුන් භාවිතාවෙන් පසු නිසි පරිදි පිරිසිදු නොකර තිබීමෙන් එහි පෙනුම දුර්වර්ණ වන අතර කාර්යක්ශමතාවය අඩු වනවා.. එමෙන්ම උදුන් තුල ඇති තාප දඟර මත දැලි කුණු බැඳීම නිසා ඒවාට හානි විය හැකියි.. ඔබ උදුන භාවිතයෙන් පසු සෑම විටම උදුන නැවත සිසිල් වූ විට විනාකිරි මිශ්‍ර වතුරෙන් හෝ සුදුසු සේදුම් කාරකයක් භාවිතයෙන් තෙත් කල රෙදි කැබැල්ලක් හෝ ස්පොන්ජයක් මගින් උදුන ඇතුලත හොඳින් පිරිසිදු කරන්න.. එවිට අලුත් පෙනුමකින් යුතුව සෑහෙන කාල‍යක් ඔබගේ උදුන භාවිතා කිරීමට ඔබට හැකියි.

3. පිඟන් සෝදන යන්ත්‍රය (Dishwasher) තුලට පිහි දැමිම

ඔබත් නිවසේ පිඟන් සෝදන උපකරණයක් භාවිතා කරනවා නම් එයට පිහි, ගෑරුප්පු වැනි තියුණු කැපෙන් සුලු දෑ ඇතුල් කිරීමෙන් යන්ත්‍රයේ රාක්ක වලටා හානි සිදුවිය හැකියි. එමෙන්ම පිහි වැනි දෑ හි මිටවල් මලකඩ කෑමට ඉඩ තිබෙනවා. එමනිසා පිඟන් සෝදන යන්ත්‍රය තුලට එවැනි දෑ දැමීමෙන් වළකින්න.

4. රෙදි සෝදන යන්ත්‍රය (Washing Machine) තුළට ලෝහ ද්‍රව්‍ය දැමීම

රෙදි සෝදන යන්ත්‍රය තුලට ලෝහ බොත්තම්, කාසි, පියන් වැනි දේ දැමීමෙන් යන්ත්‍රය තුල ඇති උපාංග සඳහා හානි සිදුකරන අතර එමගින් ඔබට විශාල මුදලක් ගෙවා අලුත්වැඩියා කිරීමට සිදු වනවා. මෙය බොහෝ විට නොසැලකිල්ල නිසා සිදුවන දෙයක්.. එබැවින් ඔබ රෙදි සෝදන යන්ත්‍රය තුළට රෙදි ඇතුල් කරන සෑම විටම ඇඳුම්වල සාක්කු, ගැලවිය හැකි බොත්තම් ආදිය හොඳින් පරික්ශා කර බැලිය යුතුයි.

5. ශීතකරණයට අනවශ්‍ය පරිදි භාණ්ඩ දැමීම

ශීතකරණය තුලට භාණ්ඩ දැමීමේදි ඔබ වඩාත් පිළිවෙලට එය සිදු කල යුතු වනවා.. එසේ නොමැතිව එයට බඩු ඇතුල් කර එය පිරවීම මගින් නිසි පරිදි වායු ගමනාගමනයට බාධා ඇතිවීම සිදුවනවා. අනවශ්‍ය පරිදි බඩු ගොඩ ගැසීමෙන් ශීතකරණයේ කන්ඩෙන්සර් (condenser) සඳහා හානි සිදුවනවා.. එමනිසා ශීතකරණයට භාන්ඩ දැමීමේදී එහි ඇති රාක්ක, ලාච්චු සහ ආදිය තුල නිසිපරිදි සංවිධානාත්මකව ගබඩා කිරීමත්, කල් ඉකුත්වූ භාණ්ඩ නිසි පරිදි ඉවත් කිරීමත් සිදුකල යුතු වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2053 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:00:29 AM
Script:/article/2053/5-habits-that-are-bad-for-kitchen-appliances.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:00:29 AM
Script:/article/2053/5-habits-that-are-bad-for-kitchen-appliances.html