පාදයේ කැලසස් නොහොත් ඝන ගැටිති නිවසේදීම ඉවත් කරන්නේ කොහොමද?

September 17, 2020
5,584
Home remedies to get rid of Calluses
කැලසස් කියන්නේ ඇතිල්ලීම හෝ ඝර්ෂණය නිසා පාදයේ ඇතිවන ගැටිති වලටයි. මෙය වේදනාකාරී මෙන්ම කකුලට අපහසුවක් සහ අවලස්සනක් ගෙනදෙනවා. ඇතැම් විට අත් වලද කැලසස් ඇතිවනවා. මෙය ඔබට හානියක් කරන දෙයක් නෙවෙයි, එහෙත් ප්‍රතිකාර නොකලොත් බැක්ටීරීයා ආසාදනයකින් ඔබට හානියක් කරන්න පුලුවන්. දිගින් දිගටම විශාල වුනොත් කුඩා සැත්කමකින් එය අයින් කරන්නත් වෙනවා.

තද රළු පාවහන්, ඔබේ සිරුරේ බර සමග නිතර නිතර ඝර්ෂණය වීමෙන් මේවා ඇති වෙනවා. ඉතින් කැලසස් ඔබේ පාදයේ හෝ අතේ ඇති නම් නිවසේදීම මේ පිලියම් කර දුරදිග නොයා එය ඉවත් කරගන්න පුලුවන්.

1. ඇස්පිරින් 
ඇස්පිරින් ඔයාගේ පැළුණු පතුල් සුව කිරීමට උපකාරී වෙනවා. ඇස්පිරින් පෙති 5 ක් හෝ 6 ක් පමණ ගෙන කුඩු කරලා ලෙමන් යුෂ හා ජලය සමග මිශ්‍ර කරලා පේස්ට් එකක් විදිහට හදා ගන්න. කැලසස් ඇති තැන් මතට ඒ පේස්ට් එකක් තබන්න. උණුසුම් තුවායකින් යටි පතුල ඔතා ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කරන්න. මිනිත්තු 10 කින් පමණ පසුව ඔබේ යටිපතුල අතුල්ලන ගලෙන් (pumice stone එකෙන්) යටි පතුල පිරි මදින්න. ගැටිත්ත නැති වන තෙක් දිනපතා මෙය කරන්න.
** ඔයා දියවැඩියා රෝගියෙක් නම් හෝ ඇස්පිරින් වලට ආසාත්මිකතාවයක් ඇත්නම් මෙම ක්‍රමය භාවිතා කරන්න එපා.

2. බේකිං සෝඩා 
බේකිං සෝඩා මිශ්‍ර කරපු ජල බේසමකට පාදය ගිල්වා තබන්න. නැත්නම් බේකිං සෝඩා වතුර සමග මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගෙන කැලසස් ඇති තැනට ආලෙප කරන්න. මිනිත්තු 10 කින් පමණ පසුව ඔබේ යටිපතුල අතුල්ලන ගලෙන් (pumice stone එකෙන්) යටි පතුල පිරි මදින්න. ගැටිත්ත නැති වන තෙක් දිනපතා මෙය කරන්න.

3. Chamomile තේ 
උණුසුම් තේ සෑම විටම සැනසිලිදායක වනවා වගේම එය සමට ද යෝග්‍යයි. Chamomile tea, වතුර එක්ක මිශ්‍ර කරලා බේසමකට දාලා ඒ තුලට ඔයාගේ කකුල් දෙක දාගෙන ඉන්න. මිනිත්තු 10 කින් පමණ පසුව ඔබේ යටිපතුල අතුල්ලන ගලෙන් (pumice stone එකෙන්) යටි පතුල පිරි මදින්න. ගැටිත්ත නැති වන තෙක් දිනපතා මෙය කරන්න.

4. කෝන් පිටි
ඔයාගේ යටි පතුල් වල බඩ ඉරිඟු පිටි (කෝන් පිටි) ආලේප කරන්න. හොදට මසාජ් කරන්න. එමඟින් කැලසස් වියලිව තබා ගන්නත් ආසාදන ඇතිවීම වලක්වගන්නත් පුලුවන්. 

5. විනාකිරි 
කපු පුළුන් බෝලයක් විනාකිරි වල පොඟවලා කැලසස් ඇති තැන තබා ප්ලාස්ටර් එකක් දාන්න. රැයක් තබා උදයේ යටිපතුල අතුල්ලන ගලෙන් (pumice stone එකෙන්) යටි පතුල පිරි මදින්න. ගැටිත්ත නැති වන තෙක් දිනපතා මෙය කරන්න. අවට ඇති සමේ විනාකිරි ආලේප නොවන්න වගබලා ගන්න.

6. අන්නාසි පෙති 
අන්නාසි වල එන්සයිම තියනවා. එය කැලසස් මෘදු කිරීමට සහ ඉවත් කිරීමට උපකාරී වෙනවා. නැවුම් අන්නාසි පොතු කැබැල්ලක් අරගෙන කැලසස් ඇති තැන් මත තබලා රෙදි කැබැල්ලකින් ඔතා තබන්න. මෙය රාත්‍රියට එක් වරක් සතියක් පුරා කරන්න.

7. කෝමාරිකා 
මෙම උපක්‍රමය සඳහා ඔයාට කෝමාරිකා කොළ හෝ කෝමාරිකා ජෙල් භාවිතා කරන්න පුළුවන්. ශාකයේ ජෙල් කොටස හූරලා අරගෙන කැලසස් ඇති තැන් මත තබන්න, වෙළුම් පටියකින් ආවරණය කරලා තියන්න. පසුව යටිපතුල අතුල්ලන ගලෙන් (pumice stone එකෙන්) යටි පතුල පිරි මදින්න.

8. පරණ පාන්

පරණ පාන් කන්න හොඳ නැති උනාට කැලසස් වලට ප්‍රතිකාර කරන්න ගන්න පුලුවන්. පාන් කැබැල්ල ඇපල් සයිඩර් විනාකිරි වල පොඟවා කැලිසස් ඇති තැන තබා ඔතන්න. දැන් කපු මේස් දෙකක් පැළඳ පැය කීපයක් තබන්න. කැලසස් මෘදු වූ පසු ගලෙන් අතුල්ලන්න.

9. විටමින් A හෝ E 
විටමින් ඔයාගේ සමේ ගැටළු වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා. කටුවක් ගෙන විටමින් A හෝ E කැප්සියුලයක් සිදුරු කරන්න. එම තෙල් ටික ඔයාගේ පැලුණු යටි පතුල් වල ආලේප කරන්න. නින්දට යාමට පෙර දිනපතා මෙම සත්කාරය කරන්න.

10. වැස්ලින් ගාන්න

වැස්ලින් වගේ පෙට්‍රෝලියම් ජෙල් එකක් කැලසස් ඇති තැන් වල ආලේප කර මේස් පැළැඳ නිනදට යන්න. උදයේ නාන විට ඔබේ pumice stone එකෙන් පිරිමදින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1832 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:32 AM
Script:/article/1832/home-remedies-to-get-rid-of-calluses.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:33 AM
Script:/article/1832/home-remedies-to-get-rid-of-calluses.html