සැමියාගේ ගෙදර අය එක්ක ප්‍රශ්න ඇති නොවෙන විදිහට කටයුතු කරන්න ඕනේ මෙහෙමයි (01)

August 17, 2020
5,873
This is how you should deal with your in-laws (01)
සාමාන්‍ය මිනිස්සු විදිහට අපි නිතරම කැමතියි අනිත් අය විසින් අපිව අගය කරනවා දකින්න. ඒත් ජීවිතේ සමහර කාල වලදී අපි අකමැති සහ සම්බන්ධතා පවත්වන්නට අකමැති අය එක්කත් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒක ඔබටත් ඇත්තටම දුෂ්කර හා හද කම්පා කරවන දෙයක් වෙන්න ඇති. පවුලේ හමුවීම් වලදී පවා ඔවුන්ව හමුවීම ඔබට දුෂ්කර හැඟීමක් ගෙන එනවා ඇති ; මොකද ඔවුන්ගෙන් ඔබට දැනෙන ආතතිය ඔබට අනෙක් අය සමඟ ඇති සම්බන්ධතාවය සමඟ කටයුතු කිරීමේදී ද අභියෝගයක් වෙනවා.

ගොඩක් වෙලාවට නැන්දම්මලා සහ සැමියාගේ සහෝදර සහෝදරියන් එක්ක කටයුතු කරද්දි බිරිඳකට සිද්ධ වෙන්නේත් මේ වගේ දේවල්. බිරින්ඳෑවරුන්ට වගේම ස්වාමි පුරුෂයන්ටත් තමන්ගේ නැන්දම්මා එක්ක ඕනේ තරම් ගැටලු ඇති වෙලා තියනවා. ඒ නිසා මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන විසඳුම් දෙපාර්ශවයට ම අදාල කර ගන්න පුලුවන්.

ඉතින් ඔබ ඔබේ සැමියාට සහ ඔහුගේ පවුලට ආදරය කිරීම අත්‍යවශ්‍යයි තමයි. නමුත් ඔබේ සැමියාගේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ ධනාත්මකව කටයුතු කරන්නේ කොහොමද කියලා ඔබ නොදැන හිටියොත් ඒ අය එක්ක ජීවත් වෙන එක දුෂ්කර වෙනවා.

නැන්දම්මා වෙනස් කරන්න හෝ ඔවුන්ට වෛර කරන්න කියලා නෙමෙයි මේ අපි කියන්නේ. ඔබ කැමති නැති නැන්දම්මා සමඟ වුණත් කටයුතු කරන්නට සුදුසු ක්‍රම ගැන අපි කියන්නම්...

පවුලේ හැටිය නොසලකා හරින්න

මේ ලෝකයේ සෑම නිවසකම ඉන්නේ විවිධ සංකල්ප, සිතුවිලි, චිත්තවේගයන්ගෙන් ගොඩ නැඟුණු පරිසරයක දීර්ඝ කාලයක් තිස්සේ ජීවත් වෙන මිනිස්සුයි. ඉතින් ඕනෙම පවුලක් ගොඩ නැඟිලා තියෙන්නේ ඒ පවුලේ මව මූලිකව හෝ පියා මූලික කරගෙනයි. ඒ වගේ අලුත් පරිසර පද්ධතියකට ඔබ ඇතුළු වුණාම අව්‍යාජ වෙන්න, නිරීක්‍ෂණය කරන්න. නමුත් හැමෝම එක්ක ධනාත්මකව සන්නිවේදනය ද කරන්න. ඔබේ පෞද්ගලිකත්වය ජීවමානව තබා ගන්න ඕනේ තමයි. නමුත් ඔබ මුලින්ම අලුත් පවුලේ පවතින පරිසර පද්ධතිය සමඟ එකතු වෙන්න ඕනේ.

වෙනස් වීම් වලට විවෘත නොවීම

මේ තත්ත්වය සම්බන්ධතා කඩාකප්පල් කරන දෙයක් ; ඔබට හම්බ වෙලා තියන අලුත් පරිසරය එක්ක දිගින් දිගටම දරදඬු වෙලා ක්‍රියාකරන එක ගැළපෙන්නේ නෑ. ඒ නිසා ඔවුන් එක්ක එකඟ වෙන එක පහසුයි කියලා හිතෙන තැන් වලදී ඔබත් වෙනස් වෙන්න. ඔබේ අදහස් ඔවුන් සමඟ ගැලපෙන්නේ නැති නම් ඒවා ප්‍රකාශ කරන්නට ගොස් ඔවුන්ගේ සහ ඔයාගේ සිත රිද්දගන්නවාට වඩා නිහඬව සිටින්න.

සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්න

ඔබ වටහා ගන්න ඕනේ දෙයක් තමයි ඔබේ සැමියාගේ නිවස ඔබට අලුත් වාසස්ථානයක් බව. එතනදී දින කීයක්, මාස කීයක් හා අවුරුදු කීයක් ගෙවිලා ගියත්, ඔබේ සැමියා සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ඔ, ඔහුගේ දෙමාපියන් ඒ එකිනෙකා සමඟ තියන දීර්ඝ කාලීන සම්බන්ධතාවය ඔබේ ඔවුන් සමඟ ඇතිවන බැඳීමත් එක්ක සමාන වෙන්නේ නෑ. ඒ නිසා ඔබට ඔවුන් එක්ක හොඳ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්න පුලුවන් වෙන්නේ විශ්වාසය මත පදනම් වෙලායි. ඔවුන් එක්ක විශ්වාසය ගොඩනැගෙන්න කාලය ගත වෙයි. ඔවුන් වැරදි වූවත් නිවැරදි වූවත්, කිසි විටෙකත් සැමියාගේ පවුලේ අය ගැන විවේචනය කරන්න යන්න එපා. එය ඔබට කිසි විටෙක වාසිදායක වෙන්නේ නෑ.

කණ්ඩායම් වැඩ

අපේ වගේ ආසියානු රටවල් වල තරුණියන් බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ තමන්ගේ දෙමාපියන් සමඟයි. ඒ නිසා තරුණියන් විවාහ වූණාම ගොඩක් වෙලාවට කරන්නේ සැමියා එක්ක බැඳෙනවා වෙනුවට එයාගේ මුළු නිවසම විවාහ කර ගන්න නැඹුරු වෙන එකයි. ඒක හැම වෙලාවේම සුදුසු නෑ. එහෙම වුණාම නිවසේදී ඔබ දෙදෙනා කැමති දේවල් හා අගය කරන දේවල් ගැන කතා බහ කරන්නට තිබෙන කාලයේදී සමහර වෙලාවට අඹු සැමියන්ට එකිනෙකාව අමතක වෙනවා. ඔබ දෙදෙනාම කණ්ඩායමක් සහ ඒකකයක් බව ඔබ සැමවිටම මතක තබා ගන්න ඕනේ. ඔබේ සම්බන්ධතාවය තුළ යම් ගැටළුවක් හෝ ඍණාත්මක බවක් ඇති වුණොත් ඒ වෙලාවට නැවත ඔබේ දෙමව්පියන් වෙත යාම වෙනුවට ඔබ දෙපළට මෙම ඒකකය තුළදීම කතා බහ කරගෙන ගැටලුව විසඳාගන්න පුලුවන් වෙන්න ඕනේ.

අඩිතාලමක් දමා ගන්න

ඔහුගේ පවුලේ අයත් එක්ක ගැටලුවකදී ආවේගශීලී වෙලා ඉක්මන් අවසානයකට යන්න එපා. ඒ වගේ වෙලාවට ඔබේ සැමියාගේ කථා, හැඟීම් සහ සිත් රිදවීම් වලදී ඔබට ඇති වෙන හැඟීම් ඔහුට සන්නිවේදනය කරන්න. ඒක අත්‍යවශ්‍යයි. සහ ඔහුගේ දෙමාපියන් සමඟ කටයුතු කිරීමට ද සැමියාට ඉඩ දෙන්න. ඔබ සහ ඔහුගේ දෙමව්පියන් අතර ඇති පරතරය අඩු කිරීම ඔබේ සැමියාගේ වගකීමක්. ඒ නිසා ඔබේ සැමියා විසින්මයි ඔහුගේ දෙමාපියන් සමඟ ඔබ අතර යහපත් සම්බන්ධතාවයක් හදා ගැනීම සඳහා අඩිතාලම දමන්න ඕනේ. ඔහුට ඔවුන් ගැන වැරදි කියනවා වෙනුවට ඔවුන් සමඟ එක් වීමට මාර්ග සොයා ගැනීමට ඔහුගෙන් උදවු ඉල්ලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,247
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,995
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,980
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,414
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed