රාත්‍රී කෑම මේසයට වෙනසක් කිරීමට ඔබට ගත වන්නේ පැයක පමණ කාලයක්.. රසවත් කුළුබඩු එක්කෙරූ මෙම වට්ටෝරුව ඔබට කැමති ආකාරයට වෙනස් කර විවිධ අත් හදා බැලීම් කිරීමටත් ඔබට හැකියි..
අවශ්‍ය ද්‍රව්‍ය :
සම සහිත කුකුලු මස් තයිස් (thighs) 8ක්
ඔලිව් තෙල්
ලෙමන් හෝ දෙහි යුෂ
චොප් කරගත් සුදු ලූණු තේ හැඳි 2
ඉතාලි සීසනින් (ඔරිගානො,තයිම්, බැසිල් තේ හැඳි 1, රෝස්මරි, මාජරම් තේ හැඳි 1/2 බැගින් එකට මිශ්‍ර කරගන්න)
මිරිස් කුඩු මේස හැඳි 2ක් හෝ ඔබේ රස පදම අනුව අඩු වැඩි කරගන්න
ලුණු සහ ගම්මිරිස් රස අනුව
සකස් කරගන්නා ආකාරය :
- අවන් එක 400F/204C උෂ්ණත්වයට ප්‍රී හීට් කරන්න.
- බේක් කිරීමට භාව්තා කරනු ලබන තැටිය ගෙන එහි ඇලුමිනියම් ෆොයිල් කොලයක් අතුරන්න. බේකින් වයර් රැක් එකක් තැටිය මත තබන්න.
- දැන් බදුණක් ගෙන සියළු කුලුබඩු සහ තෙල් එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- තෙත ගතිය නැතිවන තෙක් හොදින් පිසදා ගත් කුකුලු මස් කැබලි කුළුබඩු මිශ්‍රණයට දමන්න.. හොඳින් කුළුබඩු ආලේප වනසේ කලවම් කරන්න.
- සීසන් වීමට මද වේලාවක් තබන්න.
- දැන් කුකුළුමස් ටික ලුණු ගම්මිරිස් වලින් සීසන් කරගන්න. කුකුළුමස් වල ස්කින් එක පැත්ත උඩට සිටින සේ වයර් රැක් එකේ කුකුළු මස් ටික අතුරන්න.
- විනාඩි 35ත් 45ත් අතර කාලයක් දුඹුරු පැහැවන තෙක් බේක් කරන්න.
- ලෙමන් හෝ දෙහි පෙති සමග උණුවෙන් සංග්‍රහ කරන්න.
රසවත් බව වැඩි කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
- කුකුළු මස් කැබලි සමාන කැබලි වලට කපා ගන්න.
- කුළුබඩු තැවරීමට පෙර කුකුළු මස් කැබලි හොඳින් පිසදමා තෙතමනය ඉවත් කරන්න.
- දුම කරගැනීමට චිකන් ටික වයර් රැක් එක වෙනුවට කැරට් අර්තාපල් කපා ඒ මත තබන්න පුලුවන්. සංග්‍රහ කිරීමේදි බේක් කරන ලද අර්තාපල් එක්කර ගැනීමෙන් වඩාත් රසවත් බවක් එක්කර ගත හැකියි.
- උෂ්ණත්වය පිළිබද සැලකිලිමත් වන්න.