මුහුණු ආවරණයක් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?

May 20, 2020
7,435
How to use face masks correct
COVID-19 වැනි බෝවන රෝගවලින් මුහුණු ආවරණ ඔයාව සහ අවට අයව ආරක්ෂා කරන්න නම්, ඒවා පැළඳීමට, ඉවත් කිරීමට සහ ඉවතලීමට නිසි ක්‍රමයක් තියෙන්න ඕනේ. අද හැඩකාරී අපි ඔයාට මුහුණු ආවරණයක් නිවැරදිව භාවිතා කරන්න විදිහ ගැන තමයි කියන්න හිතුවේ.

මාස්ක් එකක් පැළඳීමට පියවර

1. මාස්ක් එකක් පැළඳීමට පෙර අවම වශයෙන් තත්පර 20 ක් සබන් ගා වතුරෙන් අත් සෝදන්න.
2. ෆේස් මාස්ක් එකේ අඩුපාඩු තිබේදැයි පරීක්ෂා කරන්න (උදා - ඉරුණු හෝ පටි කැඩුණු).
3. මාස්ක් එකේ පාට පැත්ත පිටතට තබන්න.
4. ලෝහමය පටිය ආවරණයේ ඉහළින් ඇති බවත් ඔයාගේ නාසයට ස්ථානගත කර ඇති බවත් තහවුරු කරගන්න.
5. නැමිය හැකි ලෝහමය ඉහළ තීරුව ඔයාගේ නාසයේ හැඩයට ඇඟිලිවලින් තද කරන්න.
6. මුඛය වැසී නිකටට උඩින් මාස්ක් එක අඳින්න.
7. මාස්ක් එක හොඳින් ගැලපෙන බවට වග බලා ගන්න.
8. ගැල වූ පසු මාස්ක් එක ස්පර්ශ කරන්න එපා.
9. මාස්ක් එක තෙත් වුවහොත් අලුත් එකකට මාරු වෙන්න.

 මාස්ක් එකක් පැළඳ සිටින විට නොකළ යුතු දේ

1. මාස්ක් එක මුහුණට පැළද ගත් පසු එය ස්පර්ශ කරන්න එපා.
2. ගලවන කොට එක් කණකින් මාස්ක් එක ගලවන්න එපා.
3. මාස්ක් එක ඔයාගේ බෙල්ල වටා එල්ලා තබන්න එපා.
4.මාස්ක් එක නැවත නැවත භාවිතා කරන්න එපා.
5. ඔයා මාස්ක් එක පැළඳ සිටින අතරතුර ස්පර්ශ කිරීමට සිදුවුවහොත්, අත් සෝදන්න. 

ෆේස් මාස්ක් එකක් ඉවත් කර ඉවතලන්නේ කොහොමද?

1. ෆේස් මාස්ක් එක ගලවා ගැනීමට පෙර, දෑත් හොඳින් සෝදන්න.
2. ෆේස් මාස්ක් එක අපවිත්‍ර වෙලා තියෙන නිසා ස්පර්ශ කිරීමෙන් වළකින්න. එය ලූප් හෝ පටි වලින් පමණක් රඳවා ගන්න.
3. එක් වරම මුහුණෙන් ආවරණ ප්‍රවේශමෙන් ඉවත් කරන්න:
4. එක පාරටම කන් වළළු දෙකෙන්ම ඉවත් කරන්න හෝ බැඳ ඇති පටි නම් පළමුවෙන් පහළ ගැටය ලිහා, පසුව ඉහළ ගැටය ලියන්න. 
5. මාස්ක් එක කුණු බඳුනකට දමන්න. 
06. මාස්ක් එක ඉවත් කිරීමෙන් පසු අත් හොඳින් සෝදන්න හෝ අත් සනීපාරක්ෂක භාවිතා කරන්න.

ආසාදනය සීමා කිරීමට වඩාත්ම සුදුසු ක්‍රම මොනවද?
1. වරකට අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා වතුරෙන් අත් සේදීම.
2. ඔයාගේ මුහුණ, මුඛය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින්න.
3. අන් අයගෙන් ආරක්ෂිත දුරක් තබා ගන්න. 
4. වසංගතය තුරන් වී යන තුරු පොදු ස්ථාන වලට යන්න එපා.
5. පුලුවන් සෑම විටම නිවස තුළ රැදී විවේක ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1611 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:01 AM
Script:/article/1611/how-to-use-face-masks-correct.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:01 AM
Script:/article/1611/how-to-use-face-masks-correct.html