බොඩි මසාජ් වලට යන අය ඒකට ඔච්චරම ආස ඇයි?

August 3, 2018
12,792
Why people love to go for body massages
ඔයා දවසකට කී සැරයක් නම් කණ්නාඩිය ගාවට යනවාද? අඩුම තරමේ දවසට එක සැරයක්වත් කණ්නාඩිය ගාවට යන්න ඔයා අමතක කරන්නේ නෑ නේද? ඔයා ඔයාගේ මුහුණේ ලස්සන ගැන එතරම් ම හිතනවා. ඔයාගේ පෙනුම රැක ගන්න මුහුණේ ලස්සන වගේම ශරීර සෞඛ්‍යය තත්ත්වයත් යහපත්ව පවත්වාගෙන යාම ඔබට ඉතාමත් වැදගත්. ඔයාට තරුණ පෙනුම රැක ගන්න වගේම තවත් වාසී රැසකට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් සම්භාහනය තුළින්. Hadakari වෙතින් බොඩි මසාජ් එකකින් ලැබෙන වාසී ගැන කතා කරන්න අපි අද තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

ඔයාට තියෙන ඉරුවාරදය අඩු කර ගන්න පුළුවන්

අද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රබල ගැටලුවක් තමයි ඉරුවාරදය කියන්නේ. ස්ත්‍රී, පුරුෂ වගේම වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක් මෙකී රෝගී තත්ත්වයෙන් පීඩා විදිනවා. ඔයාට තියෙන ඉරුවාරදයෙන් පීඩා විදිනවා නම් යම්තාක් දුරට සහනයක් ලබාදෙන්න සම්බාහනයට පුළුවන්. දැඩි හිසරදයෙන් පෙළෙන අයට තිඛෙන මානසික ආතතිය හා පීඩනයද ඉතාමත් වැඩියි. ඉතිං ඔයා සම්බාහනයක් කළොත් මේ ගැටලුකාරී තත්ත්වයෙන් මිදෙන්න ඔයාට පුළුවන්.

සිරුරේ වේදනාවලට හොඳ ඖෂධයක්

ඔයාගේ ශරීරයේ විවිධ හේතුන් නිසා වේදනා තත්ත්වයන් ඇති විය හැකියි. උදාහරණයක් විදිහට ඔයා දිනපතා ව්‍යායාමවල නිරත වෙනවා නම් ඔයාට ශරීර වේදනාවන් ඇති විය හැකියි. මෙවැනි වේදනා තත්ත්වයන් සමනය කිරීමට සම්භාහනය හොඳ ප්‍රතිකාරයක්. සම්භාහන තෙරපි තුළින් මාංශ පේශීවල ඇතිවන ඉදිමුම් සහිත වේදනාවන් අඩු කරගත හැකියි. රුධිර සංසරණය ක්‍රමවත්ව සිදුවෙන අතර සම්භාහනය තුළින් මස් පිඩු සංකෝචනය වීමක් සිදුවන බැවින් ඔයාගේ ශරීරයට යම් සුවයක් දැනෙන්න පටන් ගන්නවා.

ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න

ඔයාගේ තරුණ පෙනුම සම්භාහනය තුළින් වැඩි කරනවා. සම්භාහනය තුළින් සිදු වෙන්නේ ඔයාගේ රුධිර සංසරණය උත්තේජනය කිරීමක්. ඒ වගේම සම්භාහනය තුළින් ඔයාගේ රූධිර මනාගමනය නිසියාකාරව සිදු වෙනවා. ඒ නිසා තමයි ඔයාට කියන්නේ දිනපතා ඔබේ මුහුණ සම්භාහනය රුව ලස්සන රැක ගන්න ඉතාමත් වැදගත් කියලා කියන්නේ. මුහුණ සම්භාහනය කිරීමෙන් ඔයාගේ මුහුණේ දීප්තිමත්භාවය වැඩි වෙනවා වගේම මුහුණේ සම නිරෝගීමත් වී සම පැහැපත් වෙන්න පටන් ගන්නවා. සම පිලිබද විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට සම්භාහනය මගින් සමේ එල්ලා වැටීම් අවම වෙනවා විතරක් නොව සිරුරේ වසාවාහි පද්ධතියේ ක්‍රි‍රයාකාරිත්වය ක්‍රමවත් කර අඳුරු පැහැ සම ප්‍රබෝධමත් කරනවා. ඉතිං ඔයාට හැමදාම තරුණ පෙනුම රැක ගෙන ලස්සනට ඉන්න ඕන නම් සම්භාහනය සිදු කරන්න. එයින් ඔයාගේ තරුණය පෙනුව රැක දේවී.

සම්භාහනය ඔයාගේ පූර්ව ඔසප් වේදනාව අඩු කරනවා

කාන්තාවන්ගෙන් බහුතරයකට මාසික ඔසප් සමය ඉතා වේදනාකාරී අත්දැකීමක්. ඔසප් සමය තුළදි හා පූර්ව ඔසප් සමය තුළ ඇති වන වේදනාවන් සම්භාහනය තුළින් අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ක්ලාන්ත ගතිය, ඉදිමුම්, හිසරදය, බර වැඩිවීම මාසික ඔසප් වීම අතරතුර ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණයන්ට හොඳ ප්‍රතිකාරයක්. ඒ වගේම දිනපතා සම්භාහනය කිරීමෙන් අවුරුදු 19 ත් 45 ත් අතර කාන්තාවන්ගේ පූර්ව ඔසප් වීමේ වේදනා සමනය කරන බව සොයාගෙන තිබෙනවා.

නිදන්ගත රෝග මගින් ඇතිවන වේදනාවන්ට ප්‍රතිකාර

සම්භාහන තෙරපි කියන්නේ නිදන්ගත රෝග නිසා ඇතිවන මාංශ පේශීවල වේදනාව අවම කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිදන්ගත රෝගී තත්ත්වයන් නිසා කායිකව මෙන්ම ශාරීරිකව විදිනා පීඩන තත්ත්වයන් අවම කරමින් කායික හා මානසික සුවය ලබා ගන්න සම්භාහනය ඉතා වැදගත් වෙනවා. ඔබට යම් නිදන්ගත රෝගයක් පවතිනවානම්, ඔබ එයින් පීඩා විදිනවා නම් සම්භාහනයකට යොමු වීම මගින් යම් මානසික සුවයක් ලබා ගැනීමේ හැකියාව ඔයාට තිබෙනවා.

සම්භාහනය මගින් පිළිකාවේ අතුරු බලපෑම්වලට ප්‍රතිකාරයක්

සම්භාහනය මගින් පිළිකාවේ අතුරු බලපෑම් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. පර්යේෂකයින්ගේ නව සොයා ගැනීමට අනුව නම් පිළිකා රෝගීන්ට මෙම සම්බාහන තෙරපි මගින් හොඳ නින්දක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම පිළිකා රෝගීන්ගේ වේදනාව අවම කිරීම සදහාද හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා රෝගින්ගේ වේදනාව වගේම, ඔක්කාරය, විශාදය සහ ආතතිය අවම කිරීමේ හැකියාව තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 997 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:28 AM
Script:/article/997/why-people-love-to-go-for-body-massages.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:29 AM
Script:/article/997/why-people-love-to-go-for-body-massages.html