ඔයත් බින්ජ්-වොච් (Binge-Watch) කරන කෙනෙක්ද?

January 4, 2022
7,974
Are you binge-watching too?
Binge-watch (බින්ජ්-වොච්) කියන වචනය 2013දී ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ වසරේ වචනය බවට පත් වෙනවා.. මෙයට හේතුව රූපවාහිනී වැඩසටහනක කථාංග නැත්නම් එපිසෝඩ් කිහිපයක් එක දිගට නැරඹීම බොහෝ දෙනාගේ ජනප්‍රිය ක්‍රියාකාරකමක් බවට පත්වෙමින් තියෙන නිසයි..

බින්ජ්-වොච් කියන එකේ තේරුම මොකක්ද? Binge-watch කියන්නේ සාමාන්‍යයෙන් 'DVD හෝ ඩිජිටල් ප්‍රවාහය මගින් (රූපවාහිනී වැඩසටහනක) කථාංග කිහිපයක් එකදිගට නැරඹීම' යන්නයි.
අද මිලියන ගණනක් දෙනා මේ ආකාරයෙන් අපගේ ප්‍රියතම කතා මාලාව නිතිපතා නරඹන්න පුරුදුවෙලා තියෙනවා. මෑත වසර කිහිපය තුළ අන්තර්ජාල සේවාවල ව්‍යාප්තිය මේක තවත් ලේසි කරන්න හේතු වෙලා තියෙනවා. පුදුමයට කරුණ නම්, පර්යේෂණවලින් පෙනී යන්නේ COVID ලොක්ඩවුන් අතරතුර, අපගෙන් බොහෝ දෙනෙක් වෙනදාට වඩා අධික ලෙස නැරඹීමට කාලය ගත කළ බවයි.

නමුත් අධික ලෙස නැරඹීම ගැටලුකාරී හෝ ඇබ්බැහි වීමක් විය හැකිද? මේකෙන් ඔබට මිදෙන්න අමාරුයි වගේ දැනෙනවද?

පර්යේෂකයන් පවසන ආකාරයට බින්ග්-වොච් ගැටළුකාරී බවකට පත් වෙලාද කියන එක කොච්චර එපිසෝඩ් ගානක් බලන්වද කියන එකෙන්වත්, එය බලන පැය ගානෙන්වත් මනින්න බැරි බවයි. අනෙකුත් ඇබ්බැහි හැසිරීම් මෙන්ම, වඩා වැදගත් වන්නේ අධික ලෙස නැරඹීම පුද්ගලයාගේ ජීවිතයේ අනෙකුත් පැතිවලට ඍණාත්මක බලපෑමක් ඇති කරන්නේද යන්නයි.



බින්ග්-වොච් ඇබ්බැහි හැසිරීමක මූලික අංග 6ක් ඇත

1. ජීවිතයේ වැදගත්ම දෙය බවට එකදිගට කථාංග නැරඹිම පත් වීම (වැදගත් ලෙස සිතීම)

2. තමන්ගේ මනෝභාවය නැත්නම් මූඩ් එක වෙනස් කරගන්න ලේසිම ඉක්මන්ම ක්‍රමය ලෙස බින්ග්-වොච් භාවිතා කිරීම (මනෝභාවය වෙනස් කිරීම)

3. තම ජීවිතයේ රැකියාව, අධ්‍යාපනය සහ සබඳතා තරමටම නැරඹීම සඳහාද ප්‍රමුඛත්වය ලබාදීම (ගැටුම)

4. නැරඹීමට ගත කරන පැය ගණන දිනෙන් දින සැලකිය යුතු ලෙස වැඩිවීම (දරාගැනීම)

5. යම් හෙයකින් කථාංගය නැරඹීමට නොහැකි වුවහොත් කායික සහ මානසික රෝගයන් මතුවීම (පසුබැස්ම)

6. අධික ලෙස නැරඹීම තාවකාලිකව නැවැත්වීමට සමත් වුවත්, නැවත නැරඹීම පටන්ගතහොත් පෙර චක්‍රයටම නැවත පැමිණීම (නැවත පැමිණීම)

ඉහත අංග හය සම්පූර්ණ කරන ඕනෑම පුද්ගලයෙක් අධික ලෙස කථාමාලා නැරඹීම කෙරෙහි ඇබ්බැහි වී ඇති බවට පැවසිය හැකි අතර ඉහත කරුණු කිහිපයක් පමණක් ඇති පුද්ගලයන් ඇබ්බැහි වෙමින් පවතින ලෙසට සැලකිය හැකියි. නමුත් ලිංගික ඇබ්බැහි වීම, වැඩට ඇබ්බැහි වීම සහ ව්‍යායාම වලට ඇබ්බැහි වීම වැනි වෙනත් බොහෝ චර්යාත්මක ඇබ්බැහිවීම් මෙන් අධික ලෙස කථාමාලා නැරඹීමට ඇබ්බැහි වීම කිසිදු මනෝචිකිත්සක අත්පොතක මෙතෙක් නිල වශයෙන් හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් පර්‍යේශණ මට්ටමේ තමයි තියෙන්නේ.

කථාමාලා නරඹන එක ප්‍රශ්නයක් වන මට්ටමට අවිත් ද කියල බලන්න මේ ප්‍රශ්න ටික ඔබ ඔබෙන්ම අහල බලන්න..

1. ඔබ ඔබේ රාජකාරි / දෛනික වැඩ කටයුතු අතපසු කරමින් මේවා නරඹනවද?
2. ඔබ එය නරඹන්න නොහැකිවුනොත් ඔබට දුකක් කනස්සල්ලක් දැනෙවද?
3. සතියකට කොපමණ වතාවක් ඔබ ඒවා නරඹන්න නිදිමරණවද?

එකේ (කවදාවත් නෑ) සිට හය දක්වා (සෑම විටම) ලකුණු පරාසයක මේ ප්‍රශ්ණ තුනට ලකුණු දෙන්න. බලන්න ඔබ මොන මට්ටමේද ඉන්නේ කියා.. ඔබට ඔබ ගැනම ඇගයීම කල හැකියි..

පර්යේෂකයන් පවසන අන්දමට කථාමාලා අධික ලෙස නැරඹීම ප්‍රශ්නයක් වූ අයගේ මෙන්න ඒ වගේ ලක්ෂන දකින්න තිබුනලු.

1. ආවේග පාලනය කරගැනීමේ නොහැකි බව
2. කිසියම් හෝ වැඩක් පෙර සැලසුම් නොකරන ගතිය
3. ප්‍රශ්නයකින් මිදීමට/ පැනයාමට එකදිගට කථාමාලා නැරඹීම
4. කාංසාව, තනිකම මගහරවා ගන්න මේවා එකදිගට නැරඹීම

අනික ඔවුන් දැනගත් තවත් දෙයක් තමයි, ඒ ඇබ්බැහි වූ බොහෝ දෙනා, පෙර හෝ ඒ වනවිටත් මානසික ආතතිය, කාංසාව යන තත්ත්වයන්ට ගොදුරුවූ අය බව..



අධික ලෙස රූපවාහිනි / පරිඝනක නැරඹීම මගහැර ගන්නේ කෙසේද..?

ඔබ අධික ලෙස නැරඹීම සඳහා ඇබ්බැහි වී ඇතිනම් එය එකවර අඩුකර ගැනීම තරමක් අසීරු විය හැකියි. නමුත් ඔබට පහත පියවරයන් උත්සාහ කළ හැකියි.

1. ඔබ නැරඹුම් කාලය අඩු කරගන්න උත්සාහ කරනවා නම් හොඳම ක්‍රමය තමයි, එපිසෝඩ් එක මැදදී බලන එක නතර කරන එක. එපිසෝඩ් එක අවසන් වෙනකම් බැලුවොත් ඔබට අනිත් එපිසෝඩ් එකත් බලන්න හිතෙනවා. ඒ නිසා එපිසෝඩ් එක මැදදී බලන එක නතර කරන්න.

2. ඔබ නරඹන පැය ගනන පැය 2 1/2කට සීමා කරගන්න. ඔබ දවසේ වැඩකටයුතු ටික නියම ආකාරයෙන් අවසන් කළා නම් එයට තෑග්ගක් හැටියට ඔබට තව පැයක් වැඩිපුර නරඹන්න පුලුවන්. ඒ වගේ ස්වයං නීති ඔබ ඔබටම පන්වා ගන්න.


වඩා වැදගත් වන්නේ ඔබ පාලනය කරගත නොහැකි ලෙස රූපවාහිනිය හෝ පරිඝනක නැරඹීමට යොමුවී ඇතැයි ඔබට සිතෙනවා නම් හෝ එය ඔබට පාලනය කරගැනිමට නොහැකි නම් හෝ එමගින් ඔබගේ ජීවිතය කෙරෙහි ඍණාත්මක බලපෑම් සිදුකරන බවට හැගෙනවා නම් ඔබ ඉක්මණින් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවී සායනික මනෝ වෛද්‍යවරයකු කරා යොමුවීම ඉතාමත් වැදගත් වනවා.. මන්ද ඇබ්බැහි වීම් බොහෝ විට ඊට යටපත් වී ඇති වෙනත් ගැටළුකාරි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
How to get vitamin E for healthy skin and hair
   71,407
   19

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed