අකුණු ගසන අවස්ථාවලදී ඔයා ක්‍රියා කළ යුත්තේ කෙසේද?

December 8, 2019
3,962
How you should act when thundering
අකුණු ගැසීම ස්වාභාවික විපත් ගණයට අයත්. අකුණු ගැසීම නිසා මිනිසාට මෙන්ම අනෙක් සතුන්ට හා ස්වාභාවික පරිසරයට දැඩි ලෙස හානි සිදු කරයි. එම නිසා අකුණු ගැන දැනුවත් වීම අකුණු අනතුරු වලින් බේරීමට තිබෙන පහසු මාර්ගයකි. අද හැඩකාරී අපි ඔයාට අකුණු ගසන අවස්ථාවලදී ඔයා ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න මේ ලිපියෙන් කියලා දෙනවා. අකුණු හටගන්නා විට එම අකුණු දිස්වන ආකාරයට අනුව ඒවා තාප අකුණු, තල අකුණු, රොකට් අකුණු, රිබන් අකුණු ලෙස වර්ග කර තිබෙනවා. 

ගිගුරුම් සහිත වැස්සකදී ඔයා සහ ඔයාගේ ආදරණීයයන් ආරක්ෂා කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. අකුණු ගසන අවස්ථාවලදී පිටත සිටීම සැහැල්ලුවට ගත යුතු කරුණක් නම් නෙමෙයි. ශ්‍රී ලංකාවේ පිහිටීම දෙස බලන කල අකුණු හට ගැනීම සිදු වන්නේ අන්තර් මෝසම් කාල සීමාවලදීයි. අන්තර් මෝසම් කාලයේදී කාලගුණික තත්ත්වය යටතේ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් සිටිය යුතුයි.

ප්‍රථම අන්තර් මෝසම් කාල සීමාව - මාර්තු මස සිට මැයි මුල් සති දෙක දක්වා වු කාල සීමාවයි. දෙවන අන්තර් මෝසම් කාල සීමාව - ඔක්තෝම්බර් දෙවන සතියේ සිට දෙසැම්බර් දෙවන සතිය දක්වා වු කාල සීමාවයි.

එළිමහනේ සිටින විටදී ගත යුතු ආරක්ෂිත පියවර

01. කාලගුණ අනාවැකි වලින් ගිගුරුම් සහිත වැසි ඇති වන බව පැවසුවහොත් ඔයාගේ ගමන් බිමන් හෝ ක්‍රියාකාරකම් හෙට දිනය දක්වා කල් දමන්න

02. ගිගුරුම් සහිත වැසි ඇති වෙන වෙලාවක ඉක්මණින් ආරක්ෂිත ස්ථානයකට කරා පිය ගන්න
උදා : අතහැර නොදැමූ, සෙනඟ ගැවසෙන, ජල කාන්දුවලින් තොර ස්ථානයක්

03. කිසිදු නවාතැනක් නොමැති නම්, ඔයාගේ සිරුරෙන් හැකි තරම් ප්‍රමාණයක් බිම ස්පර්ශ වන තරමට පහත් වෙන්න.. 

ගෘහස්ථව සිටින විටදී ගත යුතු ආරක්ෂිත පියවර

01. ගිගුරුම් සහිත වැස්සකදී ජලය හරහා අකුණු පැමිණිය හැකි නිසා නෑමෙන්, වතුර අතපත ගෑමෙන් හැකි තරම් වැළකී පරිස්සම් වන්න

02. සියලුම වර්ගයේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් වළකින්න. මොකද ගුවන් විදුලි හා රූපවාහිනී පද්ධති හරහා විදුලිය ගමන් කළ හැකි නිසාය

03. රැහැන් සහිත දුරකථන පරිහරණය කිරීමෙන් වළකින්න. අකුණු ගසන විට කෝඩ්ලස් ෆෝන් එකක් හෝ සෙලියුලර් ෆෝන් එකක් භාවිතය තමයි ආරක්ෂා සහිත වෙන්නේ.

04. කොන්ක්‍රීට් බිත්ති සහ පොලොවවල් වලින් ඈත් වී සිටින්න

අකුණු සැර වැදුණහොත් කළ යුත්තේ කුමක්ද?

01. ඇඳගෙන සිටින පිළිස්සුණු ඇඳුම් ඉවත් කිරීම සිදු නොකරන්න

02. වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන තුරු රෝගියාගේ නළල මත අත තබා නිකටට ඇඟිලි දෙකක් තබා හිස මදක් උස් කිරීමෙන් ශ්වසන අපහසුතා වළක්වා ගන්න පුළුවන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1478 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:33:14 AM
Script:/article/1478/how-you-should-act-when-thundering.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:33:14 AM
Script:/article/1478/how-you-should-act-when-thundering.html