අන්නාසි වලින් ශරිර සෞඛ්‍යයට ඔබව මවිත කරන ප්‍රතිලාභ රැසක්

March 3, 2022
7,414
Impressive health benefits of pineapple
ලොකු කුඩා බාල මහළු අප සියළු දෙනාම එකසේ ප්‍රිය කරන පළතුරක් ලෙස අන්නාසි හැඳින්වීමට හැකියි.. පළතුරක් ලෙස මෙන්ම ව්‍යජනයක් ලෙස සහ සලාද, ජෑම්, කෝඩියල්, අතුරුපස ආදී නොයෙක් ක්‍රමයන්ට අන්නාසි ආහාරයට ගත හැකියි.. දකුණු ඇමරිකාව නිජබිම කරගත් මෙම අලංකාර රසවත් පළතුර මුලු ලෝකයේම එකලෙස ජනප්‍රියයි.. අන්නාසි රසවත් මෙන්ම ඉහල පෝෂ්‍ය පදාර්ථ සහ අනෙකුත් ශරීරයට ගුණදායක අංග වලින් අණූනයි.. මෙම ලිපිය මගින් අන්නාසි වල ඇති ඔබ මවිතයට පත්කරවන ප්‍රතිලාභ 8 ක් පිලිබඳවයි ඉදිරිපත් කරනු ලබන්නේ..

1.පෝෂණ ගුණයෙන් ඉහලයි


අන්නාසි යනු අඩු කැලරි අන්තර්ගතයකින් යුත් විටමින් සී සහ මැග්නීසියම් බහුල පළතුරක්.. විටමින් සී මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරමින් යකඩ අවශෝෂනය කර ගැනීමට උපකාරි වනවා.. මැග්නීසියම් යනු ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයක් වන අතර ශරීර වර්ධනයට සහ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උපකාරි වනවා. මීට අමතරව අන්නාසිවල ප්‍රෝටීන්,ෆොලේට්, පොටෑසියම්, යකඩ, විටමින් ඩී, පොස්ප‍රස්, සින්ක්, කැල්සියම් වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පිරී පවතිනවා.


2.රෝග මර්ධනයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක අන්තරගතයි


පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ප්‍රති ඔක්සිකාරක බහුල අන්නාසි ආහාරයට ගැනීමෙන් රෝග කාරක සමග සටන් කරමින් රෝග ඇතිවීම පාලනය කරනු ලබනවා… විශේෂයෙන් අන්නාසිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක වන ෆ්ලේවනොයිඩ් අම්ලය සහ ෆිනොලික් අම්ලය ( flavonoids and phenolic acids) මගින් ආතතිය පාලනය කරන අතර හෘද රෝග, දියවැඩියාව ඇතිවීම පාලනය සහ සහ ඇතැම් පිළිකා රෝග සෛල මර්දනය කරනු ලබනවා.


3.එන්සයිම (Enzymes) මගින් ආහාර ජීරණය පහසු කරවීම


අන්නාසි වල ආහාර ජීරණයට උපකාරි වන එන්සයිම රාශියක් අන්තර්ගත අතර ඒවා බ්‍රොමෙලින් (bromelain) ලෙස හඳුන්වනු ලබනවා.. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළු ඇති පුද්ගලයින් හට ආහාරයට ගැනීමට ඉතා සුදුසු පළතුරක් ලෙස අන්නාසි හඳුන්වනු ලබනවා.


4.පිළිකා අවධානම අඩුකිරීම


පිළිකා යනු නිදන්ගත රෝගයක් වන අතර ශරීරය තුළ අසාමාන්‍ය සෛල වර්ධනය වීම පිළිකාවක් ලෙස හඳුන්වනු ලබනවා.. අන්නාසි වල අන්තර්ගත සංයෝග මගින් පිළිකා ඇතිකරවන සෛල ඇතිවීම පාලනය හා මර්ධනය සිඳුවන බවයි පර්යේශකයින් පවසනු ලබන්නේ.. එහි අඩංගු බ්‍රොමේලෙයින් (bromelain) නමැති සංඝටකය පිළිකා සමග සටන් කර එම සෛල ඇතිවීම පාලනය කරනු ලබන බව පැවසෙනවා.. පියයුරු පිළිකා, ආමාශගත පිළිකා, මහබඩවැල් ආශ්‍රිත පිලිකා මර්ධනය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබනවා. එමෙන්ම අන්නාසි වල අඩංගු බ්‍රොමේලයින් සංඝටකය මගින් සුදු රුධිරානු මට්ටම දියුණු කිරීමටත් උපකාරි වනවා.


5.ප්‍රතිශක්තිය ඉහළ නංවමින් ශරීර දාහය මර්ධනය කරනවා


පර්‍යේෂනයන්ට අනුව අන්නාසි දිනපතා ආහාරයට ගැනීමෙන් වෛරස් හා බැක්ටීරියා වැනි ආසාදන ඇතිවීම පාලනය වන අතර රෝග මර්ධනයට උපකාරි වන සුදු රුධිරාණු (granulocytes) නිසි පරිදි වර්ධනය වනවා. එමෙන්ම අන්නාසි ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින්, ඛනිජ ලවණ සහ එන්සයිම මගින් ශරිරයේ ප්‍රතිශක්තිය ඉහල නංවනු ලබනවා.


6.ආතරයිටිස් රෝග ලක්ෂන සමනය කිරීම


ලොව පුරා වැඩිහිටියන් බහුල වශ‍යෙන් පීඩා විඳින ආතරයිටිස් රෝග ලක්ෂණයන් සමනය කිරීමේ ගුණයන් අන්නාසිවල අඩංගු බ්‍රොමෙලයින් සංඝටකය මගින් සිදුවන බව පැවසෙනවා. විශේෂයෙන් ආතරයිටීස් නිසා ඇතිවන හන්දිපත් රුදාව සමනය කිරීමට බ්‍රොමෙලයින් භාවිතා කල හැකි බවට පර්‍යේශකයින් විසින් පර්‍යේශනයන් සිදුකරනු ලබනවා. එමනිසා ඔබගේ නිවසේත් ආතරයිටීස් රෝගය හේතුවෙන් පීඩා විඳින වැඩිහිටියන් සිටී නම් දිනපතා අන්නාසි ආහාරයට දී බලන්න.


7.ශල්‍යකර්මයකට පසු සහ මහන්සි වී කරන ව්‍යායාම වලින් පසු ඉක්මනින් යතා තත්ත්වයට පැමිණීමට උපකාරි වනවා


ශල්‍යකර්මයන්ට පසුව ඇතිවන දැවිල්ල, ඉදිමීම සහ තැලීම වැනි තත්ත්වයන්ගෙන් ඉක්මන් සුවය ලැබීමට අන්නාසිවල අඩංගු බ්‍රොමේලින් වලින් උදවු වන බවට පර්‍යේශකයින් විසින් සොයාගෙන තිබෙනවා.. උදාහරණයක් ලෙස ශල්‍යකර්මයන්ට මුහුණදීමට පෙර බ්‍රොමේලින් පරිහරණය කල පුද්ගලයින් ශල්‍යකර්මයට පසුව වේදනාව අඩුවෙන් දැණුනු බව සනාත කොට තිබෙනවා. එමෙන්ම අධික ආයාසයක් දරමින් සිදුකරන ව්‍යායාමයන්ට පසුව බ්‍රොමේලින් අඩංගු පෝශජනක පානයක් ලබාගැනීමෙන් පසු ශරීර ප්‍රදාහය අඩුවන අතර ශරීරයට පහසුවක් දැනෙනවා.


8.රසවත් සහ පහසුවෙන් ආහාරයට ගත හැකියි


පහසුවෙන් මිලට ගැණීමට සහ ආහාරයට එක්කර ගත හැකි අන්නාසි නොයෙකුත් ආකාරයට ඔබගේ කැමැත්ත පරිදි ආහාරයට එක්කර ගත හැකියි. පළතුරක් ලෙස, සලාද, ව්‍යජන, ජෑම් සහ අතුරුපසට එක්කර අන්නාසි ආහාරයට ගත හැකියි. එමෙන්ම ඔබගේ ගෙවත්තේ කුඩා ඉඩක පවා අන්නාසි වගා කිරීමටද හැකියාව තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2138 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:35 AM
Script:/article/2138/impressive-health-benefits-of-pineapple.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:36 AM
Script:/article/2138/impressive-health-benefits-of-pineapple.html