සලාදයක් හදන්න ඉස්සර මේවා ගැන හිතන්න

May 3, 2019
5,005
Before you make a salad
සලාදයක් තිබුනොත් ඕනෑම ආහාරයක් දැක්ක ගමන් කන්න හිතෙන මානසිකත්වයක් අපේ හිතේ ඇති වෙනවා. මේකත් එක විදිහක ප්‍රයෝගයක්, හැබැයි ඉතින් වරදකුත් නැහැ. ඒ මොකද කිව්වොත් සලාදයෙන් ලැබෙන රසය වගේම ගුණයත් බොහොම ඉහලයි. හැබැයි මොනතරම් රස ගුණ ගැන වර්ණනාවන් කිව්වත් සලාදය හදලා අන්තිමේදී කිරි හැලියට ගොම එකතු වුනා වගේ තැනට පත් නොවෙන්නත් වග බලා ගැනීම වැදගත්.

සලාදය හදන වේලාව..

“අනේ වැඩ ටික ඉවරයක් කරලා දාන්න ඕනේ” කියලා සලාදය කලින් හදන්න එපා. එය සකස් කළ යුතු හොඳම වෙලාව අපි ආහාරයට ගන්න ආසන්නම වේලාවයි.

සෝදලා තිබ්බොත්..

ඒත් එපා. සලාදයට අවශ්‍ය කලමනාවන් සෝදන්නත් හොඳම වේලාව එය පිලියෙල කිරීමට ආසන්න කාලයයි. දැන් නම් වස විස ගැන චෝදනාවන් නිසා අඩුම ගනනේ ආහාරයට ගන්න විනාඩි 30 කට වත් පෙරාතුව වතුරේ තබන්න කිව්වත් සලාදවලට මේ න්‍යාය ගැලපෙන්නේ නැති හේතුවක් තියෙනවා. සලාද කොළ ඉතාම සංවේදී නිසා ඉක්මනින්ම නරක් වෙනවා. ඒ හින්දා වගේම වස විස ගැනත් හිතලා සලාද කොළ ගලා යන ජලයෙන් සේදීම වඩාත් හොඳයි. ඒ වගේම සෝදන විට ලුණු බින්දුවක් එකතු කිරීමෙනුත් වස විසට පිලියමක් විදිහට යෝජනාවන් තිබෙනවා. ශීත කළ ජලයෙන් සෝදා ගත්තොත් තවත් පහසුවක් වේවි.

ඔක්කොම එකට දාලා තැම්බුවා... ගෑස් ගණන් නිසා අයියෝ... හරිම කැත පාටක් වෙලා..

පිරිමැස්ම නම් හොඳයි. ඒත් මේ වගේ විවිධ වර්ග සහ වර්ණ එළවලු එකට තම්බා ගන්න බැහැ. බීට්වල වර්ණ කැරට්ල අර්තාපල්වලට එකතු වෙනවා. එවිට බොහොම අප්රිය විදිහක් ඇති වෙනන් පුලුවනි. ඒ නිසා අර්තාපල් වගේම බීට් වෙන වෙනම තෙම්බා ගන්න. කැරට් වගේම බෝංචි එකතු කරනවා නම් වාෂ්පෙන් තම්බා ගන්න පුලුවනි. දැන් රයිස් කකුරයේ තිබෙන ස්ටීමරයෙන් මේ ප්‍රයෝජනය ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අල, කැරට්, බීට් වැනි එළවලු වර්ග වෙන වෙනම තම්බා ගන්න. කැරට් සහ බෝංචි නම් එකම ස්ටිමරයෙන් තම්බා ගත්තාට වරදක් නැහැ.

බීට් පෙති තිබ්බාමත් සැලකිල්ලෙන් ඉන්න..

බීට් පෙති සහිත සලාදය ඉක්මනින් පිළුනු වීමට පුළුවනි. ඒවායේ යුෂ අනිත් එළවළුවලටත් කලවම් වෙන්නත් පුලුවනි. ඒ නිසා සලාදයට බීට් අන්තිමට අසුරන්න. කැට සලාදයක් පිලියෙල කරනවා නම් මේ එලවළු වර්ග වෙන වෙනම කපා තබා ගෙන මේසයේ ඉල්ලුමට අනුව ක්‍රමයෙන් සපයන්න අවසරය තිබෙනවා.

ඔය සලාද කොළය තියෙන්නේ ලස්සනට.. කන්න එපා..

ඉස්සර කාලයේ සලාද දීසිය තිබුන සලාද කොළ බොහොම දෙනෙක් ආහාරයට නොගත්තේ එය අතුරා තිබෙන්නේ ලස්සනට වෙන්නැති කියන අනුමානයක් ඔවුන් විසින්ම ගොඩ නගා ගෙනයි. ඒ වගේම සමහර අය සලාද කොළ කන්න කැමැත්තක් නැහැ. ඒත් ඔබ නොදැන සිටියාට සලාද කොළ හදවත නීරෝගීව තැබීමට ඉතා හොඳ ප්‍රභවයක්. මේවායේ වර්ණයෙන්ම අපිට යම් හිතකර රසායනයන් ලබා දෙනවා. ඒ වගේම වටිනා පෝෂණ ප්‍රභවයන් ලබා දෙනවා.

සලාදක් වගේ සැන්ඩ්විච් කන්න ලැබුනොත්..

කිසිම ගැටළුවක් නැහැ. පොඩි වෙනසයි. පාන් පෙති කපලා වැඩේ පටන් ගනිමු. කැරට්, බීට් සිහින්ව ගාලා ලුණු, ගම්මිරිස් කුඩු ටිකක් ඉහල පැතත්කින් තියන්නකෝ. දැන් පාන් පෙතිවලට බටර් හෝ මාගරින් ගාන්න. එක පෙතත්කට කැරට්ල එක පෙතත්කට බීට් මාරුවෙන් මාරුවට තියල අවසාන අදියරට සලාද කොළ මැදි කරන්න. දැන් පාන් පෙති තුනක් එකතු වෙලා. සමහර අය නම් පාන් රාත්තලම දිග් අතට කපලා මේ විදිහට තට්ටු තුන සකස් කරල අධිශීතකරණයේ තියලා එයින් අරගෙන රවුම් පෙති කපනවා. ඒ වුනත් එච්චර වද නොදී තට්ටු තුන මතින් ත්‍රිකෝන හැඩයට කපන්න. බලන විට රතු, තැඹිලි සහ කොළ සංකලනයෙන් ඔබට පෙනේවි. ඔය කන්න බැහැ කියලා පෙරලි කරන පෝරිසාද පැටව්න්ටත් මේ “රිබන් පාන්”, එහෙම නැත්නම් “ක්ලබ් සැන්ඩ්විච්” ‍දැක්කොත් දැක්ක ගමන් කන්න හිතෙන සිතුවිලි පහල වේවි. නිකරුනේ පිටි ගුලි ගිලල ලෙඩ රෝග ඉල්ලා ගන්න අද පරම්පරාවටත් උගුරට හොරා බේත් කනවා වගේ මේ පාන් පෙත්තකින් විටමින් වගේම ශාඛ රසායනයන්ගේ පෝෂණය කිසිම බාධාවක් නැතුව උපයා ගන්න පුලුවනි.

අමතක කරන්න එපා... අර සලාදය හදන්න දුන්න උපදෙස් අඩු වැඩි නැතුව මෙතැන්ටත් වලංගුයි.

එන්.ඒ.පී.සී. ද සිල්වා

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1317 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:57 AM
Script:/article/1317/before-you-make-a-salad.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:40:58 AM
Script:/article/1317/before-you-make-a-salad.html