ලස්සනට ඉන්න ඔයාලටත් පුලුවන්

January 30, 2017
10,899
You can be beautiful too
අපි කවුරුත් අන් අය අතරේ කැපී පෙනෙන්න කැමතියි. සමාජයේ කැපී පෙනෙන්න කැමතියි. සමාජයේ කැපී පෙනෙන සමාජය පිළිගැනීමට ලක්වෙන ජනප්‍රියත්යවයක් ලබා ගනීමින් අන් අයගේ අවධානය දිනා ගන්න කැමතියි.

නමුත් ඒ වගේ අපි හැම කෙනෙකුටම සමාජයේ කෑපී පෙනෙන කෙනෙක් වෙන්න ප්‍රළුවන්ද? කියන ප්‍රශ්නය අපිට පැන නැගෙනවා.

එත් සමහර විට හිතේවි එයාලට පුළුවන් නම් ඇයි අපිට බැරි වෙන්නේ කියලා. මම ලස්සන මදි නේද? ඒ විතරක් නෙමෙයි මට වටිනා ඇඳුම් පැළඳුම්, යාන වාහන, ලොකු ගෙවල් ඉඩකඩම්, වතුපිටි, ධනවත් යාළු මිතුරන්, හොඳට වැටුපක් ගන්න හොඳ රස්සාවකුත් නැහැ. මේ සියලු දේවල් නැතිකොට මං වගේ කෙනෙක් කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඉතින් මං කොහොමද සමාජයේ කැපී පෙනෙන කෙනෙක් වෙන්නේ?

මේ ඔක්කොම අසුබ සිතුවිලි. ඛෙහෝ වෙලාවට ඔබට සිතෙන්නේ මේ සිතුවිලියි. ඔබේ සිත ඔබට අතරමං කරන අවස්ථා ජීවිතයේ කොතෙක් ගෙවිලා යන්න ඇද්ද? මෙහෙම සිතුවිලි ගලාගෙන එන්නේ මේ අසුබවාදී සිතුවිලිත් එක්ක ඔබට ජීවත් වෙන විට. මේ හීනමානයක්. එක හොඳ දෙයක් නම් නෙමෙයි. මේ හීනමානයෙන් කොයි තරම් නම් ඔබේ වටිනා මනුස්ස ජීවිතය හැල්ලූ කරනවද?

මේ තරඟකාරී සමාජයත් එක්ක ගැටෙන විට ටිකක් හිතන්න වෙනවා. ඔබ හැකිතාක් දුරට චාම් සරළ කෙනෙක් වීම සුදුසුද?

අද අපි ජීවත් වෙන්නේ තරඟකාරී ජීවන රටාවක් එක්කයි. අපේ පැරණි මුතුන් මිත්තන් ගත කළ ජීවිතය දෙස බැලීමේදී අද සමාජයේ බොහෝ දේවල් වෙනස් වෙලා. හැමතැනම මේ වෙනස් වීම පෙනෙන්නට තිඛෙනවා.

අපි මේ සමාජ ක්‍රමයත් එක්ක ගැටෙන්න වෙනවා. මෙහිදී කොතරම් දුරට චාම් පුද්ගලයෙකු වුවත් සරල කෙනෙක් වුවත් මේ තරඟකාරි ජීවන රටාවත් සමඟ සමාජයේ සැරිසරන කොට ටිකක් කල්පනා කරන්න වෙනවා. තැනට සුදුසු විධියට හැසිරෙන්නත් හැඩ ගැහෙන්නත් ඔබට සිදු වෙනවා.

ඔබත් සමාජය සමඟ ගැටෙන්න සුදුසු කෙනෙක් වෙන්න

අන් අය ඇසුරේ ඔබ පිළිගත් කෙනෙක් නොවුණ විට ඔබේ සිතට දුකක් හා මදි පුංචි කමක් දැනිලා ඔබ දුකෙන් කාලය ගත කරාවි. අන් අය අතරේ කොන් වෙමින් හුදකලා වෙන්න ඔබ කැමති නෑ නේද? එහෙම නම් හැම කෙනාගේම අතරේ ඔබ පිළිගත් කෙනෙක් වීමට නම් අර මුලින්ම කියු විධියට තැනට සුදුසු විධියට හැසිරෙන්නත් හැඩ ගැහෙන්නත් ඔබට සිදු වේවා. අප සමාජය ඉදිරියේදී ඔබ පිළිගත් කෙනෙක් විදියට පෞරුෂත්වය ගොඩ නගා ගැනීමට සමාජ සිරිත් ආචාර ධර්ම ගැන දැනුවන් වෙමින් තමන්ගේ ජිවිතයට වටිනාකමක් එක්ක ගන්නට හැමවිටම ඔබ උනන්දු විය යුතුය.

අපිට අන් අයගේ අඩුලුහුඩුකම් කොයි තරම් දකින්න ලැඛෙනවද?

මග තොටේදී යන විටත් වාහනයක, බස් රථයක යන විටත්, පොදු ස්ථාන වලදීත්, යම් යම් උත්සව අවස්ථාවන් වලදීත්, කාර්යයාලයේදීත් අපට එක් එක් අය ගේ අඩුලුහුඩුකම් දුර්වලතා කොතරම් නම් දකින්න පුලුවන්ද? වැරදි ක්‍රියාවන් වැරදි හැසිරිම් රටාවන් නිසා තමන්ට මදි පුංචිකම් (තමන්ගේම අඩුපාඩුකම් පෙන්වා) කර ගන්නේ ඒ අයමයි.

"අර බෝයි කථා කරන හැටි බලන්න. නිකං විහිළුකාරයෙක් වගෙයි. කෑම කන හැටි බලන්න. හරිම අප්‍රසන්නයි අහලකවත් ඉන්න බැහැ. අර බලන්න අරයගේ ඇඳුම කිටි කිටියේ සේරම තද වෙලා. තමන්ට ගැලපෙන විධියට එපැයි අඳින්න. හරියට පුටුවේ ඉඳගන්නවත් දන්නේ නෑ. මේ අයට මැනර්ස් කියලා දෙයක් ඇත්තේම නැහැ."

ඔබත් මේ වගේ දේවල් අහලා ඇති. මේ අපි දකින එක පැත්තක රූප රාමුවයි. අනෙක් රූප රාමුවත් බලමුද?

"අර ගැහැනු ළමයා නම් හරිම ලස්සනයි. කථා කරන විට හරිම ලස්සනයි. කථා කරන විට හරිම සංවරයි. බලන්න එයා ඇඳල තියෙන විදිය. එයාට ඒ මෝස්තරය හොඳට ගැළපෙනවා. එයා හිනා වෙනකොට තවත් ලස්සනයි."

මේ තමයි සමාජය, ගැටීමේදී හා සමාජ ආශ්‍රයේදී අපේ හැසිරීම් වල යම් යම් අඩුපාඩු දුර්වලකම් නිසා අන් අයගේ උපහාසයට අපහාසයට නිතර ලක්වෙන එක සහ ඕනෑම වෙලාවක ලක් විය හැකි බව.

සුදුසු අන්දමනට ඇඳුම් නොගැලපීම හේතුවෙන් අන් අයගේ විවේචනවය හසු වීම වැළැක්විය හැකිද?

ඇඳුම් මොස්තර කරලා ලස්සනට අඳින්න. අප කව්රුත් කැමතියි. එහෙත් කරන්නන් වාලේ මෝස්තර කරන්න ගියොත් එකිනෙකට නොගැලපෙන ඇඳුම් ඇන්දොත් තැනට සුදුසු ඇඳුම් නොඇන්දොත් එම නොගැලපීම නිසා ඔබට විවේචනයට හසු වෙන්න පුළුවන්.

මෝස්තර නිරූපිකාවන් සංදර්ශන වලදී අඳුම් විලාසිතාවන් පෙන්වන ආකාරයට ඔබට කාර්යයාලයට යන්න පුලූවන්ද? ආගමික සිද්ධස්ථානයකට පා තබන්න පුලුවන්ද? අප ඒ ඒ අවස්ථාවන් වලට උචිත පරිදි ඇඳුම් තෝරා ගත යුතුයි. නැත්නම් වෙනත් අයගේ උපහාසයට හා අපහසයට ලක් වෙන්න පුළුවන.

මංගල උළලෙකදී හා වෙනත් උත්සව අවස්ථාවන් වලදි ඔබට හැසිරෙන්නේ කුමන අන්දමින්ද?

මඟුල් ගෙදරකට ගියොත් හොඳට රහට කන්න ඕනේ කියලා හිතාගෙන, තියෙන තරම් කෑම ජාති පිගානට පුරෝගෙන අවට ඉන්න අය ගැනවත් තැකීමක් බැලීමක් නොකර කන බොන එක හරිද?

හරියට කැම දැකලා නෑ වගේ. සිංහල තාලෙට කෑම බීම පිළියෙල කර තිබුනත්, එය සුදානම් කර තිඛෙන්නේ බටහිර ක්‍රමයට උනත් අපට සිදුවන්නේ ඒ අනුව හැසිරෙන්නයි. ඒ ක්‍රමයේ සිරිත් විරිත් ගැන හිතන්නට වෙනවා. හැඳි ගෑරුප්පු තබා තිඛෙනවා නම් ඒවා භාවිතා කළ යුතු ක්‍රමයක් සහ අනුගමනය කළ යුතු සිරිත් තිඛෙනවා. මේ දේවල් ගැන ඔබ දැනුවත් වී සිටිම ඉතාම වැදගත්. ඇතැම් අවස්ථාවන් වලදී හැඳි ගෑරුප්පු භාවිතය ගැන නොදන්නා කම නිසා සමහර අය මංගල උත්සවයට ගියත් ආහාර නොගෙන ගෙදර එන අවස්ථාවන් ද තිඛෙනවා.

මෙහිදී පිළිගන්වන බීම වීදුරුව පවා අල්ලා ගන යුතු නිවැරදි ක්‍රමයක් තිඛෙනවා. සමහරුන් මේ දේවල් ගැන දන්නේ නෑ. සමහර විශේෂ උත්සව සහ ප්‍රිය සම්භාෂණ සඳහා ලැබෙන ඇරයුම්පත් වල අමුත්තන් සැරසී ආ යුත්තේ කුමන ආකාරයටද යන්න සඳහන් වෙනවා. විශේෂ පෙනුමක් දක්වන ආකාරයේ ඇඳුමක්ද, සාදයට සුදුසු ආකාරයේ චාම් පෙනුමක් ගෙන දෙන ඇඳුමක්ද යන්න මෙහි සඳහන්. මෙවැනි උපදෙසක් හෝ නොතකා තමාට කැමැති ඇඳුම ඇඳගෙන එයට සහභාගි වීමෙන් අන් අයගෙ උපහාසයට ඔබට යොමු වීමට පුලුවන. සමාජ ඇසුරේදී මෙවන් දේ පිළිබඳව සැළකිලිමත්ව කටයුතු කරනවා නම් ඔබ අපසුතාවයට පත් වෙන්නේ නෑ.

උපදෙස් - සමාජ ආචාර ධර්ම හා පෞරුෂත්ව වර්ධනය පිළිබඳ ප්‍රවීන උපදේශිකා නොරංජනී ජයසේකර

සටහන - අනුරාධා දිලිනි ඉලන්කෝන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 23 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:08:00 AM
Script:/article/23/you-can-be-beautiful-too.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:08:00 AM
Script:/article/23/you-can-be-beautiful-too.html