මුං ඇට වලින් පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් ලබා ගන්න

May 4, 2019
31,452
How to have a beautiful skin with green gram
හැමෝම කැමති කවුරුත් අතරේ කැපිලා පේන විදිහට සුන්දරව, ලස්සනට ඉන්න. ලස්සනට ඇඳ පැළඳ ගෙන තමන්ගේම සුන්දරත්වය විදින්න යුවතියන් හරිම කැමතියි. අද සමාජයේ යුවතියන්ගේ ලස්සන වීමේ සිහිනය වෙනුවෙන් රූපලාවණ්‍ය ක්ෂේත්‍ර කටයුතු වලට විශේෂ ජනප්‍රියතාවයක් හිමි වෙනවා. හැමදාම වගේ ඔයාගෙ රූපය ගැන සැළකිලිමත් වෙන අපි, ඔයාට පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් මුංඇට වලින් ලබාගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ.

මුං ඇට කියන්නේ ගුණදායක ධාන්‍ය වර්ගයක් විතරක් නෙමෙයි, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සඳහාද බොහොම වැදගත් වෙන අමුද්‍රව්‍යයක්. මුං ඇට ඕනෑම සමකට උචිතයි. මුං ඇට දිදුළන සමකට, වියළි සමකට, කුරුලෑ සහිත සමකට වඩාත් යෝගය වන අතර සමට අවශ්‍ය නිරෝගිමත් බව පෝෂණය ලබා දී ස්වභාවික දීප්තියක් ලබා දෙනවා. ඔන්න හැමදාම වගේ හැඩකාරී අදත් ඔයාට ගෙදර ඉඳලම ලස්සන පෙනුමක් ලබාගන්න පුළුවන් සත්කාරයක් ගැන කියලා දෙන්න තීරණය කළා. මුං ඇට කියන්නේ රූපලාවන්‍යයට බාහිර සත්කාර පමණක් නොව අභ්‍යන්තර ඖෂධයක්ද වෙනවා.

පළමුව හැඩකාරී අපි කියලා දෙන්නේ කුරුලෑ සහිත සමකට මුං ඇට,

මුං ඇට 
එළගි තෙල් 
මුං ඇට, රාත්‍රියක් පෙඟෙන්නට දමා අඹරා එළගි තෙල් සමග මිශ්‍ර කර ගෙන මුහුණෙහි ආලේප කරන්න. මෙම මිශ්‍රණය සතියකට තෙවරක්වත් අලේප කර හොඳින් සම්භාහනය කර සිසිල් ජලයෙන් සෝදා තෙතමාත්තු කරන්න. ඔයාගේ මුහුණේ ඇති කුරුලෑ වලට විසඳුමක් ලෙසත් ලප කැළැල් ඉකමනින් ඉවත් කර ගැනීමටත් ස්වාභාවික දීප්තියක්ද මේ සත්කාරයෙන් ලබා ගන්න පුලුවන්.

දෙවෙනුව හැඩකාරී අපි කියලා දෙන්නේ වියළි සමකට මුං ඇට,

මුං ඇට 
මි කිරි 
රැයක් පුරාවට මුං ඇට පෙඟෙන්නට තබා මි කිරි සමග මිශ්‍ර කර මුහුණේ සහ ගෙලෙහි අලේප කරන්න. මෙමගින් ඔයාගේ මුහුණේ ඇති අධික හිරු කිරණට පිලිසිණු ස්ථාන සහ අඳුරු පැහැය අවම කර දීප්තිමත් බවක් ලබා දෙනවා. තවද සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමටද මහත් උපකාරයක් වෙනවා. මුං ඇට සත්කාරය මගින් වියලි සමක් ඇති යුවතියන් සදහා සුන්දර දීප්තියක් හිමි කර ගන්න පුළුවන්. 

තෙවෙනුව හැඩකාරී අපි කියලා දෙන්නේ දීප්තිමත් සමකට මුං ඇට,

මුං ඇට 
මි පැණි 
පොල් තෙල් 
රැයක් පුරාවට මුං ඇට පෙඟෙන්නට තබා අඹරා ගන්න. අඹරා ගත් මුං ඇට වලට මි පැණි සහ පොල්තෙල් ස්වල්පය බැගින් මිශ්‍ර කර ෆේස් මාක්ස් එකක් හදා ගන්න. පසුව මුහුණේ අලේප කර විනාඩි 20කින් පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය දවසක් හැර දවසක් අලේප කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සම නිරෝගිමත් කර සමට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   71,408
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,386
   19

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed