මුං ඇට වලින් පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් ලබා ගන්න

May 4, 2019
30,305
How to have a beautiful skin with green gram
හැමෝම කැමති කවුරුත් අතරේ කැපිලා පේන විදිහට සුන්දරව, ලස්සනට ඉන්න. ලස්සනට ඇඳ පැළඳ ගෙන තමන්ගේම සුන්දරත්වය විදින්න යුවතියන් හරිම කැමතියි. අද සමාජයේ යුවතියන්ගේ ලස්සන වීමේ සිහිනය වෙනුවෙන් රූපලාවණ්‍ය ක්ෂේත්‍ර කටයුතු වලට විශේෂ ජනප්‍රියතාවයක් හිමි වෙනවා. හැමදාම වගේ ඔයාගෙ රූපය ගැන සැළකිලිමත් වෙන අපි, ඔයාට පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් මුංඇට වලින් ලබාගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ.

මුං ඇට කියන්නේ ගුණදායක ධාන්‍ය වර්ගයක් විතරක් නෙමෙයි, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සඳහාද බොහොම වැදගත් වෙන අමුද්‍රව්‍යයක්. මුං ඇට ඕනෑම සමකට උචිතයි. මුං ඇට දිදුළන සමකට, වියළි සමකට, කුරුලෑ සහිත සමකට වඩාත් යෝගය වන අතර සමට අවශ්‍ය නිරෝගිමත් බව පෝෂණය ලබා දී ස්වභාවික දීප්තියක් ලබා දෙනවා. ඔන්න හැමදාම වගේ හැඩකාරී අදත් ඔයාට ගෙදර ඉඳලම ලස්සන පෙනුමක් ලබාගන්න පුළුවන් සත්කාරයක් ගැන කියලා දෙන්න තීරණය කළා. මුං ඇට කියන්නේ රූපලාවන්‍යයට බාහිර සත්කාර පමණක් නොව අභ්‍යන්තර ඖෂධයක්ද වෙනවා.

පළමුව හැඩකාරී අපි කියලා දෙන්නේ කුරුලෑ සහිත සමකට මුං ඇට,

මුං ඇට 
එළගි තෙල් 
මුං ඇට, රාත්‍රියක් පෙඟෙන්නට දමා අඹරා එළගි තෙල් සමග මිශ්‍ර කර ගෙන මුහුණෙහි ආලේප කරන්න. මෙම මිශ්‍රණය සතියකට තෙවරක්වත් අලේප කර හොඳින් සම්භාහනය කර සිසිල් ජලයෙන් සෝදා තෙතමාත්තු කරන්න. ඔයාගේ මුහුණේ ඇති කුරුලෑ වලට විසඳුමක් ලෙසත් ලප කැළැල් ඉකමනින් ඉවත් කර ගැනීමටත් ස්වාභාවික දීප්තියක්ද මේ සත්කාරයෙන් ලබා ගන්න පුලුවන්.

දෙවෙනුව හැඩකාරී අපි කියලා දෙන්නේ වියළි සමකට මුං ඇට,

මුං ඇට 
මි කිරි 
රැයක් පුරාවට මුං ඇට පෙඟෙන්නට තබා මි කිරි සමග මිශ්‍ර කර මුහුණේ සහ ගෙලෙහි අලේප කරන්න. මෙමගින් ඔයාගේ මුහුණේ ඇති අධික හිරු කිරණට පිලිසිණු ස්ථාන සහ අඳුරු පැහැය අවම කර දීප්තිමත් බවක් ලබා දෙනවා. තවද සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමටද මහත් උපකාරයක් වෙනවා. මුං ඇට සත්කාරය මගින් වියලි සමක් ඇති යුවතියන් සදහා සුන්දර දීප්තියක් හිමි කර ගන්න පුළුවන්. 

තෙවෙනුව හැඩකාරී අපි කියලා දෙන්නේ දීප්තිමත් සමකට මුං ඇට,

මුං ඇට 
මි පැණි 
පොල් තෙල් 
රැයක් පුරාවට මුං ඇට පෙඟෙන්නට තබා අඹරා ගන්න. අඹරා ගත් මුං ඇට වලට මි පැණි සහ පොල්තෙල් ස්වල්පය බැගින් මිශ්‍ර කර ෆේස් මාක්ස් එකක් හදා ගන්න. පසුව මුහුණේ අලේප කර විනාඩි 20කින් පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය දවසක් හැර දවසක් අලේප කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සම නිරෝගිමත් කර සමට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,782
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,706
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed