පිරිමි මේ ගැන ඔබට නොකිවුවට ඔබ මේ දේවල් ගැන අනිවාර්යෙන්ම දැනගත යුතුයි

April 26, 2017
95,035
6 things guys won't tell you, but you should know it about them
පිරිමි කියන්නේ බොහෝ දේවල් ගැන වැඩිය කතා බහ කරන්න කැමති පිරිසක් නොවෙයි. මේ නිසා ඔවුන් කාන්තාවන්ට පවසන දේවල් වලට වඩා නොපවසන දේවල් ප්‍රමාණය ඉතා වැඩියි. නමුත් මේ ගැන දැනුවත්ව ඉන්න කාන්තාවට පුළුවන් තමන්ගේ සහකරුවාව හොදින් තේරුම් ගන්න. පිරිමි අය බොහෝ විට ඔවුන්ගේ ජීවිත වලට සම්බන්ධ පෞද්ගලික දේවල් ගැන කතාබහ කරන්නේ බොහොම අඩුවෙන්. ඔබ ඔහුගේ පෞද්ගලික ජිවිතයට සම්බන්ධ වැදගත්ම පුද්ගලයෙක් වෙන නිසා මේ කාරණා ගැන ඔබ දැනුවත් වීම ඉතා වැදගත්.

1. පිරිමි තරමක් දැගලිලි සහගත අය උනත් ඔබ ඉදිරියේ එය නොපෙන්වන බව

පිරිමි කැමති තරමක් විනෝදයෙන් කාලය ගත කරන්න. නමුත් ඔවුන් ඔබට එය පවසන්නේ නැහැ, ඔබ එයට අකමැති වේ යැයි සිතා. ඔවුන් කැමතියි නිතරම අලුත් අලුත් දේවල් සිදුකරන්න. ඔබ මේ දෙය වටහා ගන්නවා නම් ඔබට පුළුවන් ඔහුට සහය වෙන්න.

2. ඔබට වගේ ඔහුට අනෙක් අයගේ අවශ්‍යතා වටහා ගැනීමට හැකියාවක් නොමැති බව

කාන්තාවන්ට විශේෂ හැකියාවක් තිබෙනවා අනෙක් අයගේ සිතුවිලි වගේම අවශ්‍යතා ඉක්මනින්ම වටහා ගැනීමේ. නමුත් පිරිමි අයට මේ වැඩේ සාර්ථකව කරන්න බෑ. මේ නිසා ඔබේ අවශ්‍යතාවයන් ඔහුට ප්‍රකාශ කරන්න, ඔහු ඒ දේවල් තේරුම් ගනීවි යයි සිතා දුකින් කාලය ගත නොකර.

3. ඔබෙන් ආදරය වගේම ගරුත්වයත් බලාපොරොත්තු වෙන බව

පිරිමින් කැමති නැහැ ඔබෙන් ආදරය ඉල්ලන්න. මේකට හේතු වෙන්නේ ඔවුන් සිතන ආකාරය. ඔවුන් සිතන්නේ ඔබෙන් ආදරය ඉල්ලීම ලජ්ජාවට කාරණාවක් ලෙසයි. මේ නිසා ඔහුට අවශ්‍ය ආදරය සහ ගරුත්වය ඔබ ඔහුව හොදින් අවබෝධ කරගෙන ලබාදෙන්න.

4. ඔබෙන් අගය කිරීම් බලාපොරොත්තු වෙන බව

ඔහු ඔබ වෙනුවෙන් යමක් සිදුකලොත් අනිවාර්යෙන්ම ඔහුට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න. ඔහුව අගය කරන්න. එය අනිවාර්යෙන්ම ඔහුව වඩාත් සතුටට පත්කරන දෙයක් විය හැකියි.

5. ඔබේ සරාගී කාන්තා ගති ලක්ෂණ වලට ඔහු කැමති බව

පිරිමි කැමති තමන්ගේ සහකාරිය සැබෑම කාන්තා ගති ලක්ෂණ වලින් පිරුන අයෙක් වෙනවට. නමුත් ඔබට ඔහු එය පවසන්නේ නැහැ. මේ නිසා ඔබට එය වටහාගෙන ඔහු කැමති විදිහට ඉන්න පුළුවන් නම් ඔහු එයට වඩාත් කැමති වේවී.

6. දරුවන්ට මව වගේම පියාත් වැදගත් බව

ඔවුන්ට නිතරම මේ ගැන සිතුනත් ඒ ගැන ඔවුන් වාද කරන්න හෝ අදහස් ප්‍රකාශ කරන්න උත්සහ කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සිතේ මේ ගැන නිතරම දුකක් තිබෙනවා. මොකද සමාජය හිතන්නේ පියෙකුට වඩා මවක් දරුවන්ගේ ජීවිතයට වැදගත් බවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 242 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:09 AM
Script:/article/242/6-things-guys-wont-tell-you-but-you-should-know-it-about-them.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:43:09 AM
Script:/article/242/6-things-guys-wont-tell-you-but-you-should-know-it-about-them.html