මේ දේ නම් 30ට කලින් කාන්තාවක් ජීවිතයේ අනිවාර්යෙන්ම කල යුතුයි

June 3, 2017
28,450
Why you should marry before 30
තරුණයෙක් උනත් තරුණියක් උනත් විවාහය කියන්නේ ජීවිතයේ වැදගත් දෙයක්. හැබැයි ඉතින් විවාහ වෙන්න ඕනේ වයස ගැන හිතන කොට නම් තරුණයෙක්ට වඩා තරුණියක් ඉක්මනින් විවාහ විය යුතුයි. තරුණියක් ඉක්මනින් විවාහ වෙන්න අවශ්‍යයි කියලා කියන්න බලපාන මානසික වගේම කායික සාධකත් තිබෙනවා. මේ නිසා තරුණියක් විදිහට ඔබ අනිවාර්යෙන්ම 30ට කලින් ඔබේ ජිවිතේ වැදගත්ම පියවරක් වෙන විවාහය සිදුකර ගන්න අවශ්‍යයි. ඇතැම් අය ඔබට කියයි ඔබ හදිසි විය යුතු නැහැ කියල. නමුත් මේ කාරණා ගැන කියවලම බලන්නකෝ, එතකොට ඔබටම වැටහේවි 30ට කලින් ඔබ විවාහ වෙන එක කොච්චර වැදගත් දෙයක්ද කියලා.

1. ඔබේ පෙනුම

ඇත්තම කාරණාව පිරිමි අයට වඩා ඉක්මනට කාන්තාවන් වයසට යනවා. පිරිමි කෙනෙක්ට වයස අවුරුදු 30 ක් වුනත් පෙනුමේ වැඩි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් කාන්තාවක් වයස අවුරුදු 30 පහු කරා කියන්නේ ඇයගේ පෙනුම ඉක්මනින් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ නිසා කාන්තාවක් 30ට කලින් විවාහ වෙන එක තමයි සුදුසුම දෙය. නැත්නම් වෙන්නේ ඔබට එන විවිධ ප්‍රශ්න නිසා විවාහය තව තවත් පරක්කු වෙන එකයි.

2. ජිවිතයේ හොදම කාලය

30ට කලින් ඔබට හොද ශරීර ශක්තියක් වගේම මානසික ශක්තියකුත් තියෙනවා ජීවිතයට මුහුණ දෙන්න. මේ කාලයේදී ඔබේ අදහස් බොහොම නැවුම්. ඔබ 30ට කලින් විවාහ වෙනවා කියන්නේ ඔබේ සහකරුත් එක්ක හොද පවුල් ජිවිතයක් ආරම්භ කරන්න පුළුවන්. හොදින් පවුල් ජීවිතය සැලසුම් කරන්න පුළුවන්. අවුරුදු 30න් පස්සේ ඔබ විවාහ වෙනවා කියන්නේ ඔබට ඉක්මනින් ඉක්මනින් බොහෝ දේවල් කරන්න වෙනවා. මේ නිසා ඔබේ ජීවිතය සංකීර්ණ එකක් බවට පත් වෙනවා. මේ නිසා 30ට කලින් විවාහ වුනොත් ඔබට පුළුවන් සැහැල්ලුවෙන් ජීවිතය සැලසුම් කරගන්න.

3. නිරෝගී දරුවන් ලබන්න

කිසිම ප්‍රශ්නයක් නැතුව නිරෝගී දරුවන් ලබන්න නම් ඔබ අනිවාර්යෙන්ම 30ට කලින් විවාහ විය යුතුයි. ඔබ වයසට යනවා කියන්නේ එන්න එන්න ඔබේ ශරීර ශක්තිය පිරිහෙනවා. මේ නිසා ඔබට නිරෝගී දරුවන් ලැබීමට ඇති හැකියාව අඩු වෙලා යනවා. ඒ නිසා කාන්තාවක් ලෙස ඔබ 30ට කලින් විවාහ වෙන එක තමයි සුදුසු වෙන්නේ.

4. ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්

හිතන්න ඔබ 30 පහු වෙලා විවාහ උනා කියලා ඔබට ජිවිතයේ බොහෝ දේවල් ඉක්මනින් ඉක්මනින් කරන්න සිදු වෙනවා. නමුත් ඔබ 30ට කලින් විවාහ උනොත් ඔබට පවුල් ජීවිතය මනාව සැලසුම් කරගන්න පුළුවන්. මෙය ඔබට විශාල මානසික වගේම කායික සැහැල්ලුවක් ලබාදේවි.

5. දෙමාපියන්ට විශාල සහනයක්

හිතන්න ඔබට වයස අවුරුදු 30 පසුවෙලා තිබියදීත් ඔබේ දෙමාපියන් ඔබට සහකරුවෙකු සෙවීමට කාලය ගත කරනවා කියලා. මේක ඔබට වගේම දෙමාපියන්ටත් මානසිකව කරදරයක්. නමුත් ඔබ 30ට කලින් විවාහ වෙලා නම් ඔවුන්ටත් පුළුවන් ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමය නිදහසේ ගත කරන්න.

6. ඔබ අපහසුතාවයන්ට පත් වෙන්නේ නැහැ

සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් ඔබ 30 පහු වෙලත් විවාහ වෙලා නැත්නම් නිතරම ඔබෙන් අහන ප්‍රශ්නයක් තමයි තවමත් සහකරුවෙක් හමු වුනේ නැද්ද කියන වග. මේක වෙලාවකට ඔබට විශාල මානසික වදයක්. මේ නිසා ඔබ නිසි වයසේදී විවාහ උනා නම් ඔබට සැහැල්ලුවෙන් අපහසුතාවයන්ට පත් වෙන්නේ නැතිව කාලය ගත කරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 299 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:43:39 AM
Script:/article/299/why-you-should-marry-before-30.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:43:40 AM
Script:/article/299/why-you-should-marry-before-30.html