ගර්භනී මවක් මුලින්ම හමුවන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාව. ඉන් පසුව ඇය මුණ ගැසෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාව. මේ හමුවීම් දෙකෙන් අනතුරුව විශේෂ අවශ්‍ය තාවය ඇත්නම් පමණක් ඇයව විශේෂඥ වෛද්‍ය සායනයකට යොමු කරනු ලබනවා. බොහෝවිට ගර්භනී මවක් විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්නේ ගර්භනී බවෙන් මස තුනකට පමණ පසුවයි. විශේෂඥ වෛද්‍ය සායනයකදී වෛද්‍යවරු මවගේ සායනික ඉතිහාසය, රෝග තත්වයන්, කලින් දරුවන් ලැබුණු ආකාරය වැනි දේවල් ගැන පරික්ෂා කර බලනු ලබනවා.
එම නිසා විශේෂඥ වෛද්‍ය සායනයකට ඔබ සහභාගි වන විට කලින් ලබාගත් වෛද්‍ය වාර්තා, පෙර සැත්කම් සිදු කර ඇත්නම් ඒවායේ වාර්තා, කලින් දරුවන් ලැබුණු අවස්ථාවල වාර්තා, සායනික සටහන් ආදී සියල්ල සයනයට ගෙනයාම ඉතා වැදගත් වනවා. මේවා රැගෙන යාමෙන් ඔබට ඇති අවදානම් තත්ත්ව පෙර සිටම හදුනාගෙන ඒවාට පිළියම් යෙදීමේ හැකියාව ලැබෙනවා.මේ නිසා මුල්ම සායනික හමුවට මේ සියල්ල ගෙන යාම ඉතා වැදගත් මන්ද විශේෂඥ වෛද්‍යවරුන්ටත් එය විශාල පහසුවක් ගෙන දෙනු ලබනවා .
එසේම විශේෂඥ වෛද්‍ය සායනයකින් අනතුරුව මවක් අනෙක් මවු වරුන් වගේම රුධිර පරික්ෂාවකට හා ස්කෑන් පරික්ෂාවකට යොමු වී වැදගත් කාරණා කිහිපයක් පිලිබදව දැනගත යුතුයි. රුධිර පරීක්ෂාවක් මගින් රුධිර වර්ගය, හිමොග්ලොබින් තත්වය, සීනි මට්ටම යනාදිය පරීක්ෂා කරනු ලබනවා, මෙමගින් රුධිර වර්ගය පෙර සිටම දන්නා නිසා හදිසි අවස්ථාවකදී මවට රුධිර පාරවිලනයක් ඉක්මනින් කිරීමේ හැකියාව පවතිනවා. එසේම හිමොගලෝබින් මට්ටම පරික්ෂා කිරීම මගින් මවට ඇති විය හැකි නිරක්ති මය තත්වයන්ද කල්තබා හදුනාගෙන ඒවාට පිළියම් යෙදිය හැකියි.
ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම මගින් දරුවා සාමාන්‍ය ප්‍රමාණයට වැඩි අත්දැයි යන වග දැන ගත හැකියි. එසේම දරුවාගේ දිග මැන ගැනීමෙන් නිවැරදිව දරුවා ලැබෙන දින වකවානුද ගණනය කර ගත හැකියි . ඔබ මනා අවබෝදයකින් යුතුව කටයුතු කර අවශ්‍ය දේ අවශ්‍ය තැනට ගෙන යාමෙන් ගර්භනී කාලයේදී ඔබට ඇති විය හැකි බොහෝ අර්බුද කාරී තත්වයන්ගෙන් මිදී පහසුවෙන් කාලය ගත කිරීමට අවස්ථාව උදා කර ගත හැකියි.