BOTOX වලට වඩා හොඳ ප්‍රතිකාරයක්

June 7, 2017
5,896
Banana Treatment
අද කාලේ ගොඩ දෙනෙක් රුපලාවන්ය කටයුතු වලට අත දිග ඇරලා වියදම් කරනවා. මොන දේ තිබුනත්, ලස්සන නැත්නම් වැඩක් නෑ කියලා ලොකුවට වියදම් කරගෙන එකෙක රටවලට ගිහිල්ලත් මේ වෙනුවෙන් එක එක දේවල් කරන අය සමාජයේ ඕනේ තරම් හොයා ගන්න පුළුවන්.

විශේෂයෙන්ම මුහුණේ සම වයසට යන එක වලවගන්න botox කියල හඳුන්වන එන්නත ශරිරගත කරගන්නත් සමහර කාන්තාවන් පෙළඹෙනවා. පිටරට වල නම් මේ එන්නත ගොඩාක්ප්‍රසිද්දයි. අපේ රටෙත් සමහරක් කාන්තාවෝ මෙය භාවිතා කරනවා. හැබැයි කෘතීම දේ කොහොම කිව්වත් කෘතිමයි නේ. මේ වගේ එන්නත් වල ගුණදායක බවට වඩා, ශරීරයට කොයි විදිහේ අහිතකර බලපෑම් තියෙනවද කියල කාටවත් හරියටම කියන්න බෑ.

ඉතින් රසායනික ක්‍රම හරහා ලස්සන වෙනවට වඩා, ගෙදරට වෙලා, වැඩි වියදමක් දරන්නේ නැතිව, ස්වභාවික ආලේපයක් මගින් botox ශරිරගත් කරගත්තා වගේ ලස්සන වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ සටහන.

අවශ්ය වෙන්නේ,

පිරිසිඳු මී පැණි තේ හැඳි 1ක්
යෝගට් කෝප්ප 1/4ක්
කෙසෙල් ගෙඩි බාගයක් විතරයි.

කෙසෙල් ගෙඩිය ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩි කර ගන්න ඕනේ. පස්සේ මී පැණි යෝගට් එක්ක හොඳින් මිශ්‍ර කරන්න.

මේ මිශ්‍රණය මුහුණේ ආලේප කරලා විනාඩි 15ක් තියන්න. පස්සේ මද රස්නේ වතුරෙන් පෙඟවූ රෙද්දකින් මුහුණ පිරිසිඳු කරගන්න.

මේ විදිහට සතියකට දවස් 2ක් විතර කරන්න. ඔබේ මුහුණ පැහැපත් වෙනවා වගේම, සම රැලි වැටීම් වළක්වාගෙන මුහුණට දීප්තියක් එකතු වෙනවා.

ලස්සන වෙන්න අසා කාටත් මේ ප්‍රතිකර්මය ගෙදර ඉඳලම අත්හදා බලන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 304 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:48:05 AM
Script:/article/304/banana-treatment.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:48:06 AM
Script:/article/304/banana-treatment.html