පිරිමියෙකු කාන්තාවකගෙන් බලාපොරොත්තු වන නමුත් කිසිදා ඇයට නොපවසන ඔබ දැනගත යුතුම කරුණු

February 13, 2017
68,727
Basic Things All Men Want from Women
සාමන්යෙන් කියන්නේ පිරිමි කිසිම දෙයක බරක් පතලක් නොසිතන හැම වෙලාවකම සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරන පිරිසක් කියලා. නමුත් ඔබ දන්නවද ඔවුන් ඔබ සිතනවාට වඩා ජීවිතය ගැන ගැඹුරින් සිතන බව. විශේෂයෙන් හැම පිරිමියෙක්ගේම හිතේ තියෙනවා ඔවුන්ගේ අනාගත සහකාරිය මොන වගේ කෙනෙක් වෙන්න ඕනෙද කියලා ඔවුන් හිතින් හදා ගත්ත ප්‍රතිරූපයක්. මේ හිතේ ඇදුනු කෙනා ලබා ගන්න තමයි පිරිමි උත්සහ කරන්නේ. මෙතනදී පිරිමි කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියනවා. තමන් තෝරා ගත්ත ජිවන සහකරියගෙන් මේ බලාපොරොත්තු වුනු දේවල් ටික ලැබුනේ නැත්නම් ඇත්තටම පිරිමින්ට ඉක්මනින්ම ඒ කාන්තාව එපා වෙනවා. ඒ නිසා කාන්තාවන් මේ දේවල් ගැන දැනුවත්ව ඉන්න එක ඉතා වැදගත්. ඉතිං මේ තමයි පිරිමියෙක් ඇත්තටම කාන්තාවකගෙන් බලාපොරොතු වෙන දේවල් ටික.

1. චරිතවත් බව

ලස්සන මුහුණකට කරන්න බැරි ගොඩක් දේවල් හොද හදවතකට කරන්න පුළුවන්. ඇත්තටම කාන්තාවකගේ මුහුණ ලස්සන උන පමණින්ම ඔවුන් චරිතවත් වෙන්නේ නෑ. මෙහිදී චරිතවත් බව ලෙස හැඟවෙන්නේ සැබවින්ම කාන්තාවක් සතු යහපත් ගුණාංග. මතුපිටින් පෙන්නන දේවල් වලට වඩා කාන්තාවකගේ ඇතුලාන්තය හාත්පසින්ම වෙනස් නම් කිසිදු පිරිමියෙක් ඔබට කැමති වෙන්නේ නැති වේවි. ඔවුන් ඔබට රැවටුනත් එය ඔවුන්ට වැටහුන දවසට ඔවුන් ඔබව හැර යාවි. මේ නිසා කාන්තාවක් හොද චරිතවත් භාවයකින් යුක්ත වීම පිරිමියෙක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්.

2. ගරුත්වය

මුලින්ම ඔබ ඔබට ගරු කල යුතුයි. මොකද ඔබ ඔබට ගරු කරනවා නම් පමණයි ඔබට වටහා ගත හැක්කේ අනෙක් අයට ගරු කිරීමේ ඇති වටිනාකම. වර්තමානය වන විට තාක්ෂණයේ සිදුව තිබෙන දියුණුවත් සමග සමාජ ජාල මාධ්‍ය ජනප්‍රිය තත්වයකට පත්ව තිබෙනවා. මේ නිසා බොහෝ කාන්තාවන් තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා සමාජයට දැක බලා ගන්න විවර කර තබනවා. නමුත් ඔබ මතක තබා ගත යුතුයි පිරිමින් කිසිදු දවසක එවැනි කාන්තාවන්ට ඇලුම් නොකරන බව. මේ නිසා කාන්තාවක් මුලින්ම තමාගේ ගරුත්වය ගැන දෙවරක් සිතිය යුතුයි. එවිට ඔබට, ඔහුට අවශ්‍ය කරන ගරුත්වය ලබා දිය හැකියි.

3. ආදරය

පිරිමියෙක් තමන්ගේ ජීවිතේට බලාපොරොත්තු වෙන්නේ තමන්ට අසීමිතව ආදරය කරන කාන්තාවක්. ඔවුන් කාන්තාවකගේ ආදරය ලග හැසිරෙන්නේ කුඩා දරුවන් වගේ. මේ නිසා පිරිමියෙක් ඔබෙන් බලාපොරොතු වෙන මුලිකම දෙයක් තමයි ආදරය. මෙහිදී කාන්තාවන්ට සියුම් හැකියාවක් තිබිය යුතුයි තම සහකරුව හොදින් තේරුම් ගන්න. ඔහු සතුටින් වගේම දුකින් ඉන්න අවස්ථාවන් හොදින් තේරුම් අරගෙන මේ හැම අවස්ථාවකදීම ඔබේ ආදරය ඔහු වෙනුවෙන් ලබාදිය යුතුයි.

4. උගත්කම

මේ කතා කරන්නේ ඔබ ලබා ඇති අධ්‍යාපනික සුදුසු කම් ගැන නම් නෙවෙයි. මෙතැනදී පිරිමින් බලන්නේ ඔබ කෙතරම් සමාජ දැනුම හා ජිවිතාවබෝධය අතින් පොහොසත්ද කියල. ඔබට අනිවාර්යෙන්ම හොද තේරුම් ගැනීමේ හැකියාවක් සහ විසදුම් සොයා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. පිරිමියා ගැටළුකාරී මානසිකත්වයකින් සිටින අවස්ථා වලදී ඔහුව අවබෝධ කරගෙන ඔහුගේ මානසිකත්වය යථා තත්වයට පත් කල හැකි පරිසරයක් ගොඩ නැගීමට තරම් ඔබ උගත් අයෙක් විය යුතුයි.

5. නිර්භීතභාවය

ජීවිතය කියන්නේ පහසු දෙයක් නෙවෙයි. අපි ප්‍රශ්න විසදගෙන ඉස්සරහට යන්න යන්න අපිට තව තවත් ප්‍රශ්න මේ ජීවිතයේදී හමු වෙනවා. ඔබ මොන විදිහක කාන්තාවක් උනත් ඔබ තුළ අනිවාර්යෙන්ම ශක්තිමත් කාන්තාවක් සිටිය යුතුයි. මොකද ඔබයි ඔබේ ආදරය, පවුල, ජීවිතය පිටස්තර ලෝකයෙන් වෙන්කර ආරක්ෂා කර ගත යුත්තේ. පිරිමියෙක් පිටතින් කොතරම් දැඩි උනත් ප්‍රශ්නයක් ජීවිතේට ආව වෙලාවට ඔවුන් අසරණ වෙනවා. මේ වෙලාවට ඔබ තුල ඉන්න ශක්තිමත් ගැහැණියට පුළුවන් ඔහුව නිවැරදි විසදුම වෙත රැගෙන යන්න. මේ නිසයි පිරිමියෙක් කාන්තාවකගෙන් නිර්භීතභාවය බලාපොරොත්තු වෙන්නේ.

6. බලාපොරොත්තු

පිරිමියෙක් තනිව අනාගත බලාපොරොත්තු ගොඩ නගන්න කැමති පිරිසක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ හොද ගැහැණියක් සමග එක්ව අනාගත බලාපොරොත්තු ගොඩ නගන්න. නමුත් බහුතරයක් කාන්තාවන් මේ කාරණාව වටහා ගන්නේ නෑ. ඔවුන් මේ නිසා පිරිමියාට කිසිදු සහයක් දක්වන්නේ නෑ පවුල වෙනුවෙන් අනාගත තීරණ ගැනීමේදී. මෙය පිරිමියා තුල ඔබ පිලිබදව කලකිරීමක් ඇතිකර වීමට හේතුවක් විය හැකියි. එම නිසා කාන්තාවක් ලෙස ඔබ සෑම විටම ඔහුට බලාපොරොත්තු ගොඩ නගන්න සහය වන්න.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 52 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:59:57 AM
Script:/article/52/basic-things-all-men-want-from-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:59:58 AM
Script:/article/52/basic-things-all-men-want-from-women.html