මේ දේවල් එක්ක ඔයාගේ life එකත් fun එකේ ගෙවන්න

May 16, 2018
5,688
Keep these in mind to have a fun life
ජිවිතේ සතුට ළඟා කර ගන්නවා කියන එක කිසිම කෙනෙක්ට ලේසියෙන් කරන්න බෑ. ඇත්තටම ඒක ටිකක් අමාරු දෙයක්. වටිනා කියන දේවල් ලබා ගන්න කොහොමත් ටිකක් අමාරුයි තමයි. එහෙම නැති වුණොත් අපේ අයටත් ලැබෙන ඕනම දෙයක අගය නැති වෙලා යනවා නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි කරන පොඩි පොඩි දේවල් වලිනුත් ජිවිතේ විඳින්න තියෙන අවස්ථා මඟ හැරෙනවා. fun ගන්න, ප්‍රශ්න අඩු කර ගන්න, ජිවිතේ සාර්ථක කර ගන්න මේ දේවල් වලට ටික ටික හුරු වෙන්න.

1. කම්මැලිකම නැතුව ටිකක් උදෙන් අවදි වෙන්න

2. රෑ එලි වෙනකන් ඇහැරලා ඉඳලා උදෙන්ම අවදි වෙන්න බැහැනේ. ඒ නිසා උදෙන්ම අවදි වෙන්න ටිකක් වේලාසනින් නින්දට යන්න

3. නිරෝගී වෙන්න

4. සෞඛ්‍ය ගැටළු රැසකට හොඳම විසඳුම තමයි වතුර, වැඩිපුර වතුර බොන්න

5. කම්මැලිකමට එක තැනකටම වෙලා ඉන්නේ නැතුව ක්‍රියාශීලි වෙන්න

6. ක්‍රමානුකුලව හා නිවැරදි ව්‍යායාම වලට හුරු වෙන්න

7. ධනාත්මකව හිතන්න, එය ඔබේ බොහෝ දේ වෙනස් කරාවි

8. එදිනෙදා කළ යුතු කාර්යන් වල ලැයිස්තුවක් තබා ගන්න

9. කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියලා අහලා තියෙනවා නේද? ඒ නිසා කියවීමේ වටිනා පුරුද්ද ඔයා ලඟත් ඇති කර ගන්න

10. දැනුම හඹා යන්න. නිතරම අලුත් දේවල් අත්හදා බලන්න සහ ඉගෙන ගන්න, ඒවා ප්‍රයෝජනයට ගන්න

11. බලාපොරොත්තු, සිහින අපිව ජිවත් කරවනවා. ඒ නිසා ඔයාගේ සිහින කවදාවත් අත්හරින්න එපා

12. අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න. එහෙම නැති වුනොත් මොන fun ද?

13. කෙටි කාලින සහ දිගු කාලින ඉලක්ක තබා ගන්න. ඉක්මන් කොටයි කියනවනේ. ඒ නිසා ඒවා ඉටු කර ගන්න අවශ්‍ය පියවර ටිකෙන් ටික තබන්න

14. මොන දේ කරන්නත් අපි හොඳින් ඉන්න එපැයි. නිරෝගී වෙන්න සෞඛ්‍යසම්පන්න සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න

15. හැමදාම වැඩට යන්නයි, ගෙදර එන්නයි තියා ගන්නේ නැතුව ඉඳ හිට හෝ නිවසින් පිට විවේකයක් ගත කරන්න යන්න plan කරන්න

16. ආත්ම ශක්තියෙන් පිරි කෙනෙක් වෙන්න. ඔයා හමුවට එන ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න

17. දුක ළං කරන දේවල් ඈත් කරන්න. නිතරම ඔයාව සතුටින් තියන්න පුළුවන් දේවල් ළං කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 817 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:26:33 PM
Script:/article/817/keep-these-in-mind-to-have-a-fun-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:26:33 PM
Script:/article/817/keep-these-in-mind-to-have-a-fun-life.html